ගින්නක් කළ හදියක්-එකම පවුලේ තාත්තා-පුතා-දුව එකටම අවසන් ගමන් ගියපු හැටි

(10.04.2018 – 09:06 +0530 – sinhala.adaderana.lk)

මැණික්හින්න, රම්බඩවත්ත ප්‍රදේශයේ නිවසක හටගත් ගින්නකින් එකම පවුලේ තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අදාළ නිවසේ කාමරයක මෙම ගින්න හටගෙන ඇති අතර එහි සිටි පියා, දියණිය සහ පුත්‍රයා ගින්නට හසුව මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

මියගොස් ඇත්තේ 36 හැවිරිදි පුද්ගලයෙක්, ඔහුගේ 13 හැවිරිදි දියණිය සහ පස් හැවිරිදි පුත්‍රයායි.

ගින්න හටගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මැණික්හින්න පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

+++++++++++++++++++++++++++++++++

මැණික්හින්න පියා, දියණිය සහ පුතුගේ මරණයට හේතුව හෙළි වෙයි
(11.04.2018 – 19:17 +0530 – hirunews.lk/sinhala)

මහනුවර – මැණික්හින්න – රජවැල්ල – 2 – රම්බඩවත්ත ප්‍රදේශයේ නිවසක සිටි පියා, දියණිය සහ පුතුගේ මරණ සිදුව ඇත්තේ පිළිස්සීමෙන් බව මහනුවර රෝහලේ අද පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වුණා.

36 හැවිරිදි පියා, 13 හැවිරිදි දියණිය සහ 5 හැවිරිදි මෙම පුත්‍රයා නිවසේ කාමරයක් තුළ පිළිස්සී මියගොස් සිටියදී සොයාගත්තේ ඊයේ උදෑසනයි.

දරුවන්ගේ මව විදේශගතව සිටින අතර සිද්ධිය දැනුම්දීමෙන් පසු ඇය අද දිවයිනට පැමිණියා.

ප්‍රදේශවාසීන් පොලීසියට සඳහන් කර තිබුණේ මෙම පවුල පසුගිය කාලසීමාවේදී දැඩි ආර්ථික අපහසුතාවලට මුහුණ දී සිටි බවටයි.

මියගිය තුන්දෙනාගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරුණේ පවුලේ සුසාන භූමියේදියි.

******************************************

ගාල්ලේ ඇඟලුම් ගබඩාවක් ගිනි ගනියි – කෝටි 5 ක රෙදිපිළි විනාශයි
(10.04.2018 – 11:28 +0530 – sinhala.adaderana.lk)

අද (10) අලුයම ගාල්ල දංගෙදර ප්‍රදේශයේ ඇඟලුම් ගබඩාවක් ගිනිගෙන විනාශ වී තිබේ.

අද අළුයම 4 ට පමණ මෙම ගිනි ගැනීම සිදුවී ඇත.

මෙවර උත්සව සමයට අලෙවි කිරීම සඳහා මෙම ගබඩාවේ රෙදිපිළ ගබඩා කර තිබූ අතර විනාශයට පත් වූ මුළු ඇඟලුම්වල වටිනාකම රුපියල් කෝටි 05 ක් පමණ වන බවයි ගාල්ල පොලිසිය පවසයි.

ගාල්ල නගර සභාවේ සහ නාවික හමුදාවේ ගිනි නිවන ඒකක පැමිණ ගින්න නිවා දැමීමට කටයුතු කළද ඒ වනවිට ගබඩාවේ තිබූ සියලුම ඇගලුම් ගිනිබත්ව තිබූ බව අප වාර්තාකරු සඳහන් කළේය.

කෙසේ වෙතත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *