ටොනාඩෝවකින් ගාල්ල, නෙළුව වහලවල් ගැලවී යයි..

(10.04.2018 – 15:50 +0530 – lankacnews.com)

ගාල්ල නෙළුව මහකන්ද ප්‍රදේශයට ඊයේ (09) සවස 2.30 පමණ වැස්සත් සමග බලපෑ ටොනේඩෝ තත්වයක් හේතුවෙන් ප්‍රදේශයේ තේ කර්මාන්තශාලවකට සහ අවට නිවාස කිහිපයකට හානි සිදුවී ඇතැයි ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

ආඩාරදෙණිය තේ කම්හල් සමුහයේ ප්‍රධාන කාර්යාලයට සහ කර්මාන්තශාලාවට ඉන් දැඩි ලෙස හානි වී ඇත.

පරිඝනක ආධාරයෙන් ක්‍රියාකරන තේ නැටි ඉවත් කිරීමේ යන්ත්‍ර 20 න් 11 බරපතළ හානි සිදුවී ඇති බවද කර්මාන්ත ශාලාවේ අධ්‍යක්ෂ වෙත්තිනිගේ ගුණරත්න මහතා පැවසු අතර හානිය මේ වනතුරු ගණනය කර නොමැති බවද පැවසීය.කර්මාන්ත ශාලාව අවට නිවාස 8 කට මේ හේතුවෙන් හානිවී ඇත.

සිද්දිය දුටු කර්මාන්ත ශාලාවේ සේවකයින් පවසන්නේ එක්වරම ඇතිවූ සුළඟත් සමග කර්මාන්ත ශාලාවේ වහලය ඉස්සී එහි සවිකර තිබු තහඩු ගැලවී ඇඹරී ගිය බවයි.

මේ හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සියල්ලක්ම පහේ ඇනහිට ඇති අතර අවුරුදු සමයේ එකතුවූ සකසන ලද තේ කිලෝ 65000 පමණ ජලයෙන් හානිවී ඇතිබව අධ්‍යක්ෂවරයා වැඩි දුරටත් පැවසීය.


– ප්‍රියංකර ගමගේ

*****************************************

දැඩි සුළඟකින් පුත්තලමේ නිවාස වලට හානි
(10.04.2018 – 00:04 +0530 – lankadeepa.lk)

පුත්තලම පරණ මන්නාරම මාර්ගයේ මදිනා නගර් සහ රහමත් නගර් ප්‍රදේශ හරහා (09 දා) හමා ගිය සුළගකින් නිවාස 20 කට පමණ හානි සිදුවී තිබේ.

වැස්සත් සමග හමා ගිය මෙම සුළි සුළගින් පොල් අතු සෙවිලි කළ නිවාසවල මෙන්ම උලු , තහඩු , ඇස්බැස්ටෝ වහල ද සුළඟින් මීටර් ගනනාවක් දුරට විසිවී ගොස් තිබිණි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *