මවක් සහ බිළිඳියක් අනතුරට ලක් කළ අනතුර CCTV කැමරාවක සටහන් වෙයි

(11.04.2018 – 16:01 +0530 – hirunews.lk/sinhala)

බණ්ඩාරගම වැල්මිල්ල ප්‍රදේශයේදී සිදුවු අනතුරකින් කුඩා දැරියක ඇතුලු 4 දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරුව ඉන් එක් යතුරුපැදියක් ත්‍රී රෝද රථයක ද ගැටී අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අද උදෑසන 8 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර යතුරුපැදිකරුවන්ගේ අනාරක්ෂිත ධාවනය ඊට හේතුව බව සඳහන්.

අනතුරින් බරපතල තුවාල ලැබු යතුරුපැදිකරුවෙකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

ත්‍රී රෝද රථයේ සිටියදී තුවාල ලැබු මව සහ කුඩා බිළිඳිය බණ්ඩාරගම රෝහලටයි ඇතුලත් කර ඇත්තේ.

තවත් යතුරුපැදිකරුවෙකු පානදුර රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මේ අතර අනතුර අසල වෙළඳසැලක සවිකර තිබු ආරක්ෂිත කැමරාවක සටහන් වී තිබෙනවා.

********************************************

මාවා බුලත් විට අලෙවි කරලා වැඩ වරද්දා ගනී
(11.04.2018 – 19:49 +0530 – sinhala.adaderana.lk)

යාපනය නගරයේ පාර පහ හන්දිය අසල වෙළෙඳ සැලක් වැටලූ යාපනය පොලීසියේ නිලධාරීන් පිරිසක් එම වෙළඳ සැලේ විකිණීමට සූදානම් කොට තිබූ ”මාවා බුලත් විට” පැකට් 53 ක් අත් අඩංගුවට ගෙන තිබේ.

මීට අමතරව ”මාවා බුලත්විට” සැකසීම පිණිස එම වෙළෙඳ සැලට රැගෙනවිත් තිබූ අමුද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ද පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

උතුරු ප්‍රදේශය බාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතාට ලැබුණු තොරතුරක් මටහ් නිලධාරීන් පිරිසක් සිවිල් ඇදුමින් යොදවා ”මාවා බුලත්විට” අලෙවිකරණ අවස්ථාවේදීම අත් අඩංගුවට ගෙන ඇත.

යාපනයේදී මෙම ”මාවා බුලත්විට” අලෙවි කරණු ලබන්නේ පාසල් සිසුන්,උපකාරක පන්තිවලට පැමිණෙන සිසුන් හා රියදුරන් ඉලක්ක කරගෙන බව පොලීසිය කියයි.

රියදුරන් මෙම ”මාවා බුලත් විට” පාවිච්චි කරණු ලබන්නේ රාත්‍රී කාලයට නින්ද යාම වළක්වා ගැනීම පිණිස බව ප්‍රකාශ කරණ පොලීසිය මේ තත්ත්වය මත එම බුලත්විට විශාල ප්‍රමාණයක් රියදුරන්ට අලෙවි කිරීමට හැකි බවද පොලීසිය වැඩි දුරටත් පවසීය.

”මාවා බුලත් විට” අලෙවි කරමින් සිටියදී අත් අඩංගුවට ගත් යාපනයේ වෙළෙඳ සැල් හිමියා යාපනය දිසා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *