රට ආර්ථික වශයෙන් දැඩි පරිහානියකට පත්වෙලා – පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි

(11.04.2018 – 18:48 +0530 – sinhala.adaderana.lk)

ජාත්‍යන්තර බලපෑම් හමුවේ වර්තමානය වන විට රට තුළ දැඩි දේශපාලනික අර්බුදයක් මතුව ඇති බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පවසයි.

මේ හේතුවෙන් රට ආර්ථික වශයෙන් දැඩි පරිහානියකට පත්ව ඇති බව උන්වහන්සේ පෙන්වා දෙයි.

අද (11) දහවල් කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි මේ බව සඳහන් කළේය.

රට තුළ පවතින දේශපාලනික අර්බුදයට සියළු පක්ෂ වගකිව යුතු බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි වැඩිදුරටත් පැවසීය.

**************************************

ටොනාඩෝවකින් පාලවිය කම්හලක් විනාශයි
(11.04.2018 – 18:24 +0530 – lankadeepa.lk)

පුත්තලම පාලවිය කර්මාන්ත පුරයේ ඉදිකරමින් තිබූ දැවැන්ත කර්මාන්ත ශාලාවක් අද සවස කුඩා ටොනාඩෝවක් හේතුවෙන් සම්පුර්ණයෙන් විනාශ වී ඇති බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ කර්නල් ශෂ්මින්ද රෝද්‍රිගෝ මහතා පැවසීය .

අද දහවල් දෙකට පමන මෙම කුඩා ටොනාඩෝව ආ බව සිද්ධිය දුටුවෝ පවසති. තමන් දිවා ආහාරයට වැඩ නවතා මද වේලාවක් ඉක්ම ගිය පසු එකවර මහා ශබ්දයක් සමඟ සුළඟක් හමා ගිය බවත්, කර්මාන්ත ශාලවේ වහලයද බිමට වැටී ගොඩනැගිල්ලේ දැවැන්ත කොන්ක්‍රිට් කනු දෙකට තුනට කඩා වැටුණු බවත් සේවකයෝ පවසති.

සුළගට පාවී ගිය සෙවිලි තහඩු කිලෝ මිටර් දෙකකට වැඩි දුරකින් වු මාර්ග ආසන්නයේ වැටී තිබේනු දැක ගත හැකි විය.
සිද්ධිය සැලවිමත් සමග පුත්තලම අපදා කළමකරණ එකකයේ සහකාර අධ්‍යක්ෂ කර්නල් ශෂ්මින්ද රෝද්‍රිගෝ මහතා හා කාර්ය මණ්ඩලය එම ස්ථානයට පැමිණ සිදුව ඇති අලාභය පිළිබදව වාර්තාවක් ලබා ගත්හ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *