රටේ ජාතික ගුවන් සේවය ලොවක් ඉදිරියේ පසු බසී…! මගී ජීවිත අවධානමට ලක්කරන වැඩ නිස ජාත්‍යන්තර තත්වයත් නැතිකරගනී…!

(11.04.2018 – nethgossip.lk)

ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය කාලය පුරාවටම අකාර්‍යක්ෂම ගුවන් සේවාවක් බව ලෝකයම දැනගත්තා. ගුවන් යානා පිටත් වීම් රැසක් ප්‍රමාද වීම් ඇතුළු හේතූන් රැසක් සමඟ රටේ ජාතික ගුවන් සේවය තුල සිදුවූ අඩුපාඩු ශ්‍රී ලංකාවේ ගරුත්වයටද එක්කලේ අගෞරවයක්. මේ අතරේ ශ්‍රී ලංකා ගුවන් සමාගම මිලදී ගත් නව ගුවන් යානා දෙකක් නිසා ශ්‍රී ලංකන් ගුවන් සමාගමට බලපත්‍ර කිහිපයක්ද අහිමි වී තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකන් එයාර්ලයින් ගුවන් සමාගම මිලදී ගත් A320 neo සහ A321 neo ගුවන් යානාවල ගුවන් බලපත්‍ර මෙලෙස අහෝසි කර තිබෙනවා. අදාල ගුවන්යානා දෙකෙහි ඉන්දන ටැංකි තුල තිබී අපද්‍රව්‍ය සොයා ගැනීමත් සමඟ මෙම ගුවන් යානා දෙකෙහි බලපත්‍ර අහෝසි කර ඇති බවයි සඳහන් වන්නේ. මීට අමතරව අදාල ගුවන් යානා වල හදීසි ගොඩබැස්සවීමේ සහතිකය සහ හදීසි අවස්ථාවක උඩුගුවනේ පැයක් පියාසර කිරීමේ සහතිකයද අහිමි වී තිබෙනවා.

එසේම පසුගිය ජනවාරි 21 දිනද හොංකොං බලා පියාසර කල UL 898 ගුවන් යානයේ එන්ජිමක් ක්‍රියාත්මක නොවීම නිසා එය හරවා යැවීමටද කටයුතු කර තිබුනා. කෙසේ නමුත් පසුව අවලංගු කල බලපත්‍ර නැවත ලබා දෙන ලෙස ශ්‍රී ලංකා ගුවන් සේවය සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් කල ඉල්ලීමට අනුව පරීක්ෂණ පැවැත්වීමේදී තවත් ගුවන් යානයක ගැටළුවක් නිසා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබුණා.

දිගින් දිගටම ශ්‍රී ලංකන් ගුවන් සේවය තුල පවතින මෙවැනි ඉතා සංකීර්ණ ගැටළු නිසා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නඩත්තු අංශය,තාක්ෂණික අංශය, සේවා අංශය ඇතුළු අංශයන්හි විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳවැටී ඇති අතර මෙම තත්වය මත ශ්‍රී ලංකන් ගුවන් සේවය භාවිතා කරන මගීන් භීතියට පත්ව ඇති බවයි වාර්තා වන්නේ ෴

**************************************

ගවයෙකු බයික් එකේ වැදී අකාලයේ මියගිය තරුණයාගේ හදවත හැර සිරුරේ සියලු කොටස් දන් දෙයි
(11.04.2018 – gossiplankanews.com)

ගවයෙකු මෝටර් සයිකලයේ හැපීමේ අනතුරකින් මරණයට පත් වූ තරුණයකුගේ සිරුරේ හද වස්තුව හැර අනිකුත් සියලුම කොටස් තවත් ජීවිත හයක් වෙනුවෙන් දන්දීමට ඥාතීන් කටයුතු කළ පවුතක් ආණමඩුව, සංගට්ටිකුලම ප්‍රදේශයෙන් වාර්තාවේ.

පසුගිය 2 වැනි දින එම ප්‍රදේශයේදී තවත් තරුණයකු සමග යතුරුපැදියකින් ගමන් කරමින් සිටි විසි හය හැවිරිදි එම්.පී. සුමිත් ක්‍රිෂාත්ත මහතා හදිසියේ අනතුරට ලක්ව තිබුණේ ගවයකු මාර්ගය හරහා ගමන්කිරීමත් සමග ගවයාගේ ගැටී විසිවී යාමෙන් බව ඥාතීහු පවසති.

එහිදී මෙම තරුණයා ආණමඩුව දිසා රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඔහුගේ කැමැත්ත මත තමන්ට අසාධ්‍ය නොවන බව පවසා ප්‍රතිකාර ලබාගෙන නිවසට පැමිණ ඇත. නමුත් පසුදින (03) උදෑසන නිවසේ සිටි මෙම තරුණයා අවදි නොවීම හේතුවෙන් පවුලේ පීරිස් දොරවල් විවර කර බලන විට ඔහු අසාධ්‍යව සිට ඇති බවත් ඒ සමග පුත්තලම මූලීක රෝහලට රැගෙන ගොස් ඇති බවත් එහිදී අසාධ්‍යව සිටි තරුණයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමටත් කටයුතු කර තිබු බවත් පැවසේ.

දින තුනකට ආසන්න කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මෙම තරුණයා පසුගිය 06 වැනි දා ජීවිතයෙන් සමුගෙන තිබුණි.

මෙම තරුණයා මරණයට පත්වන්නට පෙර ඔහුගේ අවදානම් තත්ත්වය වෛද්‍යවරුන් දෙමාපියන්ට හා ඥාතීන්ට පවසා ඇති අතර මොහු මරණයට පත්වීමෙන් පසුව සිරුරේ දෑස් යුගල, අක්මාව, වකුගඩු, දණිස්, පාදවල පේශි කොටස් ඇතුළු තවත් කොටස් ගණනාවක් වෙනත් රෝගීන්ට පරීත්‍යාග කිරීමට ද දෙමාපියන් හා ඥාතීන් කැමැත්ත ලබා දී තිබුණි.

මේ වන විට මෙම තරුණයාගේ සිරරෙන් ලබාගත් කොටස් රෝගීන් හය දෙනකුගේ ජීවිත වෙනුවෙන් ලබා දී ඇති බව ඥාතීහු පවසති, පෙදරේරුවකු ලෙස රැකියාව කළ මියගිය සුමිත් අවිවාහකයකු වන අතර ඔහු නිවස වෙනුවෙන් දැවැන්ත කාර්යයක් සිදු කර තිබුනේ අසනීපව සිටින තම මව පියා රැක ගනිමිනි.

එසේම පවුලේ බාලම සොහොයුරියගේ අධ්‍යාපන කටයුතු ද භාරව තිබී ඇත්තේ මියගිය සුමිත්ටය. සහෝදර සහෝදරියන් සිව් දෙනකුගේ පවුලේ තුත්වැනියා වූ සුමිත් තම පවුලේ පීරීස වෙනුවෙන් දැවැන්ත කාර්යයක නිරත වී සිටියදී ආකාලයේ මෙම අනතුර සිදුවී තිබුණි.

මේ වන විට ස්ථිර රැකියාවක් නැති පියා, මව සහ තවමත් අධ්‍යාපනය හදාරන නැගණිය අසරණ වී ඇත්තේ වාසය කරන්නට පවා ස්ථිර නිවසක් නොමැතිවය. මොවුන් වෙනුවෙන් යමකු ඉදිරිපත් වන්නේ නම් එය සුමිත් වෙනුවෙන් කළ හැකි මහඟු පින්කමක් වනු නියතය.

– ඉෂාරා ජයසිංහ

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *