ඇමතිකම් අතහැරපු 16 දෙනාගේ කණ්ඩායමේ විශේෂ මාධ්‍ය හමුවක්

(12.04.2018 – nethnews.lk)

ඇමතිකම් අතහැරපු 16 දෙනාගේ කණ්ඩායමේ විශේෂ මාධ්‍ය හමුවක් – තවත් තීරණාත්මක කරුණක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටත් සූදානම්

ජාතික ආණ්ඩුවේ තනතුරුවලින් ඉවත්වීමට තීරණය කළ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායමේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් අද (12) පෙරවරුවේ විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වුණා.

ඒ, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදීයි.

ඒ සඳහා සහභාගී වී සිටියේ දයාසිරි ජයසේකර, එස් බී දිසානායක, චන්දිම වීරක්කොඩි, ඩිලාන් පෙරේරා, තිලංග සුමතිපාල, අනුරාධ ජයරත්න හා තාරානාත් බස්නායක යන මන්ත‍්‍රීවරුන්.

මෙම මාධ්‍ය හමුවේ දී ජාතික ආණ්ඩුවෙන් බලපෑ හේතු පිළිබඳ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. බී. දිසානායක මහතා පැහැදිලි කිරීමක් සිදු කළා.

මේ අතර තම කණ්ඩායම පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීමත් සමග විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසුවා.

අග‍්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කළ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනා ජාතික ආණ්ඩුවේ සියලූ තනතුරුවලින් ඉවත්වීමට ඊයේ (11) තීරණය කළා.

අදාළ කණ්ඩායම ඡනාධිපතිවරයා වෙත යොමු කර තිබූ ලිපිය පහතින් දැක්වෙයි :

******************************************

‘පෙරළිය අවසන් නෑ’ – දයාසිරිගෙන් ප්‍රකාශයක්
(12.04.2018 – nethnews.lk)

විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමත් සමග සිදු වූ දේශපාලන පෙරළි පිළිබඳ හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඊයේ (11) අනාවරණයක් සිදු කළා.

ඒ, ‘නෙත් එෆ් එම් අන්ලිමිටඩ්’ වැඩසටහනට එක්වෙමින්.

ඉදිරියේ දී තවත් දේශපාලන පෙරළි සිදුවනු ඇති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

අවුරුද්දට පෙර බොහෝ දුරට කැබිනට් සංශෝධනයක් සිදු නොවනු ඇතැයි ද හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසුවා.

හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සහභාගී වූ ‘නෙත් එෆ් එම් අන්ලිමිටඩ්’ සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි :

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *