හිරු සී.අයි. ඒ හෙළිකළ අමුතු වෙදකම

(12.04.2018 – 21:59 +0530 – hirunews.lk/sinhala)

හිරු සී.අයි.ඒ. හරහා ඊයේ අප හෙළි කළේ විශ්ව ශක්තියෙන් අංශභාග, පිළිකා, වකුගඩු ඇතුළු දරුණු රෝගාබාධ කිසිදු ඖෂධයක් නොමැතිව සුවකළ හැකි බවට අභියෝග කරන පුත්තලම – මදුරන්කුලිය ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන පුද්ගලයෙකු පිළිබදවයි.

ඕනෑම පුද්ගලයෙකුගේ ශරීරයේ පවතින දොස් තම දෑතට ලබා ගන්නා බව පවසමින් කාන්තාවන් ස්පර්ශ කරමින් මොහු සිදු කරන්නේ අමුතු වෙදකමක් බව හිරු සී.අයි.ඒ. තහවුරු කරගත්තා.

මොහුගේ වංචාවට රැවටුණු බොහෝ පිරිස් හිරු සී.අයි.ඒ වෙත මෙලෙස තොරතුරු ලබාදුන්නා.

මොහුට රැවටුණු රෝගීන්ගේ තොරතුරු සොයා යද්දී ඒ පිළිබද උරණ වූ මෙම පුද්ගලයා අප පිළිබද මූන්දලම පොලිසියට ගොස් පැමිණිල්ලක් සිදු කර තිබුණා.

ඒ අනුව අදාළ පැමිණිල්ල විභාගයට ගත් අවස්ථාවේ හෙළි වූයේ මොහු මෙතෙක් කලක් කිසිදු වෛද්‍ය සුදුසුකමක් නොමැතිව රෝගීන්ට කහ දියර ඖෂධ ලෙස ලබාදෙමින් කලක පටන් මෙම රැවටීම සිදුකරගෙන ගොස් ඇති බවයි.

මොහු හිරු සි.අයි.ඒ. කණ්ඩායමට සිදුකළ අභියෝගය දර්ශන සාක්ෂි සහිතව මූන්දලම පොලිසිය තුලදී අප ඉදිරිපත් කළා.

******************************************

පූජ්‍ය ඇල්ලේ හිමියන් රණවිරුවන්ගේ සුවදුක් බලන්න යයි
(12.04.2018 – 18:46 +0530 – hirunews.lk/sinhala)

වත්මන් ආණ්ඩුවට කෘතගුණ සැලකීම පිළිබදව ඉගැන්වීමට සිදුව ඇති බව, පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා.

රක්ෂිත බන්ධනාගාර ගතව සිටින රණවිරුවන්ගේ සුවදුක් බැලීම සදහා මැගසින් බන්ධනාගාරයට අද පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් උන්වහන්සේ මේ බව සදහන් කළා.

******************************************

‘‘මාධ්‍යයට කතා කරද්දි ඇමති තුමාගෙ නමත් කියන්න‘‘ පොදුරද මඩුලු පදක්කම් දිනූ අපේ ක්‍රීඩකයින්ට ක්‍රීඩා බලධාරියෙකු උපදෙස් දීපු හැටි…!
(12.04.2018 – nethgossip.lk)

21 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ සඳහා මේ වෙද්දි රටේම අවධානය යොමු වෙලා තියෙනවා. ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අන් කවරදාකටක් වඩා ඉතා විශ්ෂ්ඨ අන්දමේ දස්කම් පෑම මේ සඳහා ප්‍රධානතම හේතු සාධකය වෙලා තියෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 3ක් සමඟ පදක්කම් සටහනේ 25 වෙනි ස්ථානයට පැමිණ තිබෙනවා. එසේම මෙම පදක්කම් 4න් 3ක්ම බර ඉසිලීමේ ක්‍රීඩාවෙන් ලැබීමද විශේෂත්වයක් වනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව ලැබූ මෙම ජයග්‍රහණය ගැන බොහෝ දෙනාගේ කතාබහට ලක්වෙද්දී ශ්‍රී ලංකා බර ඉසිලීමේ කණ්ඩායම ඊයේ (11) දිවයිනට පැමිණියා. එම අවස්ථාවේදී ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ඇතුලු පිරිස ගුවන්තොටුපලේදී ඔවුන්ව පිළිගත්තා. .

අනතුරුව ගුවන් තොටුපොළේ විශේෂ අමුත්තන් සදහා වූ ප්‍රදේශයේ දී ක්‍රීඩා ඇමති ඇතුලු බර ඉසිලීමේ සංගමයේ සභාපති සහ ක්‍රීඩකයන් අතර සුහද හමුවක්ද පැවැත් වුණා. එම අවස්ථාවේදී බර ඉසිලීමේ ක්‍රීඩාව භාර ඉහල නිලධාරියෙකු විසින් ක්‍රීඩකයන්ට ලබාදෙන අපූරු උපදේශයක් මේ වන විට කතාබහට ලක්වෙමින් තිබෙනවා.

ඒ අනුව ඔහු ප්‍රකාශ කරන්නේ කණ්ඩායමේ ජයග්‍රහණය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වද්දී ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ගේ සහ තවත් නිළධාරීන්ගේ නම් මතක් කරන ලෙසයි.

අදාල වීඩියෝව පහතින් :

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *