ජාත්‍යන්තරයෙන් එල්ල වන බලපෑම්වලට විකල්ප ක්‍රම ඔස්සේ විසදුම් සෙවිය යුතුයි – යුධ හමුදාපති

(12.04.2018 – 18:41 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකා යුධ හමුදාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරයෙන් එල්ල වන බලපෑම්වලට විකල්ප ක්‍රම ඔස්සේ විසදුම් සෙවිය යුතු බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.

අද පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිලිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටියේය.

ජාත්‍යන්තර මෙහෙයුම් සඳහා මෙරට හමුදා සාමාජිකයින් සහභාගීකරවීමට අදාළ නව ක්‍රමවේදයක් ද හදුන්වාදෙන බව ද යුද හමුදාපතිවරයා එහිදී පැවසීය.

***************************************

පාතාලේ හොල්ලපු අංගොඩ ලොක්කාගේ ලොකුම ගෝලයාට ආයෙත් සෙල්ලම් බෑ
(12.04.2018 – webgossip.lk)

පාතාලයේ ප්‍රබල නායයෙක් වන ‘අංගොඩ ලොක්කා’ ගේ ප්‍රධානතම ගෝලයා වන ‘පෙතියාගොඩ සංඛ’ නැමැත්තා සහ තවත් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් බලංගොඩ, පින්නවල ප්‍රදේශයේදී ඊයේ (11) රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන තිබෙන බවට වාර්තා වනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරන්නේ මෑත කාලයේදී සිදුවූ මනුෂ්‍ය ඝාතනයන් රැසකට මෙම ‘පෙතියාගොඩ සංඛ’ නැමැති අපරාධකරුගේ සම්බන්ධයන් ඇති බවයි.

අත්අඩංගුවට ගනු ලැබු මෙම සැකකරුවන් තිදෙනා සතුව තිබි හෙරොයින් ග්‍රෑම් 30 ක් සොයා ගෙන තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *