නිදහස් පක්ෂ 16 යේ කල්ලිය, 25 ක් වෙයි

(13.04.2018 – 07:32 +0530 – hirunews.lk/sinhala)

අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී ඡන්දය භාවිත කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් 16 දෙනාගේ කණ්ඩායමට තවත් එම පක්ෂයේම පිරිසක් සහය පළ කර ඇති බව හිටපු අමාත්‍ය, එස්. බී. දිසානායක මහතා පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මේ වනවිටත් එම 16 කල්ලිය 25 දක්වා ඉහළ ගොස් ඇති බවයි ෴

++++++++++++++++++++++++++++++

දුමින්ද-අමරවීර ලේකම් ධුරවලින් පන්නන්න සූදානම්.. යෝජනාව මධ්‍යම කාරක සභාවට..
(13.04.2018 – 10:40 +0530 – lankacnews.com)

ඇමති දුමින්ද දිසානායක මහතා ශ්‍රීලනිප මහලේකම් තනතුරින් හා ඇමති මහින්ද අමරවීර මහතා ශ‍්‍රීලනිප උප ලේකම් ධුරයෙන් ඉවත් කල යුතු යයි යෝජනාවක් මීලඟ ශ‍්‍රිලනිප මධ්‍යම කාරක සභාවට ගෙන ඒමට එම පක්‍ෂ මැති ඇමති පිරිසක් සූදානමින් සිටින බව වාර්තා වේ.

එමෙන්ම මහින්ද අමරවීර මහතා දරන එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් ධුරයෙන්ද ඉවත් කල යුතු බවට ඔවුන් යෝජනා කිරීමට අදහස් කර ඇත.

මෙම යෝජනාවන් ගෙන ඒමට හේතු වී ඇත්තේ අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගට පක්‍ෂ වීමට ශ‍්‍රීලනිපය තීරණය කර තිබියදී හේතුවක් නොදක්වා ඡන්දය දීමෙන් වැලකී සිටි නිසා මෙම යෝජනාව ගෙන ඒයම නියමිතය ෴

++++++++++++++++++++++++++++++++

ඇරඹුමේ පටන්ම 2018 ජයග්‍රාහී වසරක් බව හිටපු ජනපති කියයි
(13.04.2018 – 17:02 +0530 – hirunews.lk/sinhala)

මෙම වසර ජයග්‍රාහී වසරක් බවත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ කඩිනමින් ලඟාකරගැනීම විශේෂ අරමුණ බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (13) තංගල්ල කාල්ටන් නිවසේ පැවති උත්සවයකට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *