මීලඟ ශ‍්‍රිලනිප මධ්‍යම කාරක සභාවේදී ජාතික ආණ්ඩුව පෙරලා දමනවා.. ඒකාබද්දය සමග දැවැන්ත සන්ධානයක් බිහි කරන්න සූදානම්.. – SB කැට තියා කියයි..

(13.04.2018 – 22:49 +0530 – lankacnews.com)

මීලඟ ශ‍්‍රිලනිප මධ්‍යම කාරක සභා රැස්වීමේදී ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමේ යෝජනාව සම්මත කර ගැනීමට කටයුතු කරන බව හිටපු ඇමති පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. බී. දිසානායක මහතා සදහන් කරයි.

මීලඟ පාර්ලිමේන්තු සැසිවාරයේදී විපක්‍ෂයේ අසුන් ගන්නා බවත ඒ මහතා පවසයි.

ඒකාබද්ද විපක්‍ෂයේ සිටින දේශපාලන පක්‍ෂ සමග එකතුව පුළුල් ජනතා සන්ධානයක් බිහි කර ඉන් පසු ජන වරමක් ඉල්ලීමට කටයුතු කරන බවත් ඔහු සදහන් කරයි.

ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පහත හේවාහැටදී පැවති පිලිගැනීමේ උත්සවයක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් පල කරමින් මන්ත‍්‍රිවරයා මෙම අදහස් පල කලේය.

විශ්වාස භංගයේදී ඡන්ද 122 ක් ලබා ගත් එක්සත් ජාතික පක්‍ෂයට ආණ්ඩුව කරගෙන යාමට ඉඩ දිය යුතු බවත් කී ඔහු එජාප ප‍්‍රතිසංවිධාන කටයුතු කිසිදු පලක් නැති බවද සදහන් කලේය.

+++++++++++++++++++++++++++++++++

ශ්‍රීලනිපය පාවා දුන් අටදෙනා හෙළිවෙයි
(15.04.2018 – mawbima.lk)

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව පරාජය කොට ඒ මහතාට ජය ගන්නට අවස්ථාව දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් අටදෙනකු එජාපය සමඟ කළ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් නිසා බව යෝජනාවට පක්ෂව ඡන්දය දී පසුගියදා තනතුරුවලින් ඉවත් වූ ශ්‍රී ලනිප කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයෙක් “මව්බිම”ට පැවැසීය.

එම ජ්‍යෙෂ්ඨයා පැවැසුවේ යූ.ඇන්.පී.ය සමඟ කුමන්ත්‍රණයේ යෙදුණු මේ අට දෙනාගෙන් ප්‍රබලයකුට ඉලක්කම් නවයක විශාල මුදලක් ලැබී තිබෙන බවයි.

මේ අතර රාජ්‍ය ඇමැතිවරයකුට ලබන මහා මැතිවරණයේදී ජාතික ලැයිස්තුවේ මන්ත්‍රිවරයකු ලෙස නම් කිරීමටත්, සබරගමුව පළාත් ඇමැතිවරයකු ලෙස දැනට කටයුතු කරන අයකුට ලබන මහ මැතිවරණයේදී එජාපයෙන් නාම යෝජනා දෙන බවට පොරොන්දු වී තිබෙන බවත් එම ජ්‍යෙෂ්ඨයා සඳහන් කෙළේය.

විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීම සඳහා වන දේශපාලන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට හා ඒකාබද්ධ විපක්ෂය සමඟ අදාළ ක්‍රියාමාර්ග ගැනීමට පත්කර සිටියේ සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා බවත් පසුව එම කටයුත්ත එස්.බී. දිසානායක සහ තිලංග සුමතිපාල යන මහත්වරුන් අතට ගත්, එජාපයේ මන්ත්‍රිවරුන් 15 දෙනකු යෝජනාවට පක්ෂව ඡන්දය දීමට කැමැත්ත පළකර තිබූ අතර, ඡන්දය පැවැති දින ඔවුන්ගෙන් පිරිසක් කොළඹ ස්ථානයක රඳවාගෙන තිබූ බවත් එසේම තවත් පිරිසක් නාරාහේන්පිට ප්‍රදේශයේ පන්සලක රඳවාගෙන සිටි බවත් කොළඹ නගර සීමාවේ පදිංචි ඇමැතිවරයකුගේ නිවෙසකත් කීප දෙනකු රඳවාගෙන සිටි බවත් පැවැසූ එම ජ්‍යෙෂ්ඨයා වැඩිදුරටත් අනාවරණය කෙළේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරුන් 6 දෙනකු යෝජනාවට පක්ෂව ඡන්ද දෙන පිරිස අතර සිටි බවත්ය. ඔවුන්ද ඡන්දය විමසන දින කොළඹ ස්ථානයක රඳවා සිටි බවද ඔහු කීය.

මේ අන්දමට කටයුතු සංවිධානය කර තිබියදී ශ්‍රී ලනිපයේ කොටසක් ඡන්දය දීමෙන් වැළැකී සිටීමට ගත් තීරණය හේතුවෙන් යෝජනාවට පක්ෂව, ඡන්දෙ දීමට සුදානමින් සිටි පිරිස අවසානයේ යෝජනාවට විරුද්ධව ඡන්දය දුන් බවද එම ජ්‍යෙෂ්ඨයා වැඩිදුරටත් සඳහන් කෙළේය. ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *