මධ්‍යම කාරක සභා බලය ඇල්ලූවා.. ආණ්ඩුවෙන් ඉවත් වීම සම්මත කරනවා.. මීලග පාර්ලිමේන්තු දිනයේ නොසිතන පෙරලි රැසක්.. – SB

(17.04.2018 – 09:20 +0530 – lankacnews.com)

පාර්ලිමේන්තුවේ නව සැසිය ආරම්භ වන මැයි 08 දා දේශපාලන පෙරළි රැසක් ස්ථිරවම සිදුවන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.

පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීම නිසා එකී දේශපාලන පෙරළි සදහා පසුබිම සකස් කිරීමට ඇති තරම් කාලය ලැබී ඇතැයිද ඔහු සදහන් කරයි.

පෙරළි මොනවාදැයි දැන්ම නොකියන බවත් ඊළග පාර්ලිමේන්තු සැසිය ඇරඹුනු සැනින් ඒවා දැකබලාගත හැකි බවත් පවසන දිසානායක මහතා ආණ්ඩුවට සිතාගත නොහැකි දේශපාලන සිදුවීම් සිදුවිය හැකි යයිද කීය.

ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාව අප්‍රේල් 25 හෝ ආසන්න දිනකදී රැස්වන බවත් ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීමට වන යෝජනාව එහිදී ස්ථිරවම සම්මත කර ගන්නා බවත් ඔහු කියා සිටී ෴

++++++++++++++++++++++++++++++++

‘පාදඩයෝ’ නමින් පොතක් ශ‍්‍රීලනිප 16 කණ්ඩායමෙන් එළියට.. විශ්වාස භංගයේ පාවාදීම අකුරෙන් අකුර හෙලි කරයි..
(16.04.2018 – 22:45 +0530 – lankacnews.com)

ආණ්ඩුවේ දරන ලද ඇමති ධුරයන්ගෙන් ඉවත් වූ ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ මැති ඇමති පිරිස විසින් කුඩා පොත් පිංචක් රචනා කරමින් සිටින බව වාර්තා වෙයි.

විශ්වාස භංගයේදී සිදු වූ මහා පාවාදීම සම්බන්දයෙන් සියළු සිදුවීම් දීර්ඝ ලෙස විස්තර කරමින් මෙම පොත් පිංච තුල අඩංගු කිරීමට ඔවුන් අදහස් කර සිටී.

දැනට මෙම පොත සදහා යෝජනා වී ඇති නම ‘පාදඩයෝ’ බව ප‍්‍රබල ඇමති ධුරයක් දරන ලද්දෙකු මහින්ද පිලේ ප‍්‍රබලයෙක් සමග සදහන් කර ඇත.

විශ්වාස භංගයේදී සිදු වූ සියළු සිදුවීම් හා පාවාදීමේ වැඩපිලිවෙල ගැන ජනතාව දැනුවත් කරමින් රට පුරා ජන රැළි පැවැත්වීමටද එම පිරිස අදහස් කර සිටී ෴

+++++++++++++++++++++++++++++++++

මට ශ‍්‍රිලනිපය එපා.. මං පොහොට්ටුව හදනවා.. ශ‍්‍රිලනිපය ඔබලා හදාගන්න.. – මහින්ද 16 කණ්ඩායමට කියයි..
(17.04.2018 – 00:02 +0530 – lankacnews.com)

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයක් ගොඩ නැගීමට තමනට කිසිදු උවමනාවක් නැති බවත් තමන් ඉදිරියේදීත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රවර්ධනය කිරීමට කටයුතු කරන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සදහන් කර ඇත.

ඔහු මේ බව පවසා ඇත්තේ පසුගියදා ඇමති ධුරයන්ගෙන් ඉල්ලා අස්වූ ශ‍්‍රිලනිප 16 දෙනාගෙන් කිහිප දෙනෙකු ඔහු මුණ ගැසීමට පැමිණි අවස්ථාවේදීය.

තමන් ගන්නා ලද දේශපාලන ක‍්‍රියාමාර්ගයන් 50 ලක්‍ෂයක ජනතාවක් අනුමත කර ඇති බව පසුගිය පළාත් පාලන මැතිවරණයේදී පෙන්වා දී ඇති නිසා තව දුරටත් තමන් ශ‍්‍රීලනිපයක් ගැන කිසිදු උනන්දුවක් නොදක්වන බවද ඔහු අවධාරණය කර තිබේ

නමුත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ගොඩ නැගීමේ කටයුත්ත එම පිරිසට කර ගන්නා ලෙසත් එම උත්සාහයට තමන් සුබ පතනා බවත් හිටපු ජනාධිපතිවරයා පවසා ඇත.

කෙසේ වෙතත් ඉදිරියේදී ගොඩ නැගෙනා සන්ධානයක් හෝ පෙරමුණක් සදහා අවස්ථාව විවෘතය පවතින බවද රාජපක්‍ෂ මහතා වැඩි දුරටත් කියා ඇත.

කෙසේ වෙතත් ආණ්ඩු විරෝධී විපක්‍ෂ සටනට මෙම කණ්ඩායම සාදරයෙන් පිලිගන්නා බවද හිටපු ජනාධිපතිවරයා සදහන් කර ඇත ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *