හෂීස් මත්ද්‍රව්‍ය සමඟ ඇල්ලූ හිටපු මාධ්‍යවේදියා ගැන තවදුරටත් පරීක්ෂණ

(18.04.2018 – 11:01 +0530 – hirunews.lk/sinhala)

ගුවන් තැපෑල ඔස්සේ ලැබුණු ක්‍රීඩා උපකරණ තුළ බහා එවූ හෂීස් තොගයක් ලබාගැනීමට යාමේදී රේගුව අත්අඩංගුවට ගත් හිටපු නිදහස් මාධ්‍යවේදියෙකු පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයට භාරදී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ ස්පාඤ්ඤයේ සිට එවා තිබූ මෙම හෂීස් තොගය සමඟ මාධ්‍යවේදියා මධ්‍යම තැපැල් හුවමාරුවේදී ඊයේ (17) අත්අඩංගුවට ගෙන ඇති බවයි.

හෂීස් කිලෝ එකයි ග්‍රෑම් 400ක ප්‍රමාණයක් මෙලෙස මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයට ගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් මිලියන එකහමාරක් පමණ වනවා.

අදාළ පාර්සලය නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි හිටපු මාධ්‍යවේදියා නමට එවා තිබූ අතර එය භාර ගැනීමට පැමිණි අවස්ථාවේදියි රේගුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ.

29 හැවිරිදි සැකකරු සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.





********************************************

ලොව විශාලම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය මත්තලට
(18.04.2018 – 10:58 +0530 – hirunews.lk/sinhala)

ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහනය කරන ඇන්ටනොව් ඒ.එන්. 225 යානය අද (18) උදෑසන මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත ගොඩබස්වා තිබෙනවා.

මලයාසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට පාකිස්ථානයේ, කරච්චි නුවර දක්වා භාණ්ඩ තොගයක් රැගෙන යමින් තිබියදී මෙම යානය ගොඩබැස්වූ බවයි ගුවන්තොටුපල කාර්යභාර කළමනාකරු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

ඉන්ධන සපයා ගැනීම සහ කාර්ය මණ්ඩලයේ කටයුතු සඳහා ගොඩබැස්වූ යානය හෙට (19) අලුයම යළි කරච්චි නුවර බලා ගමන් ආරම්භ කිරීමට නියමිතයි.

මෙම යානයේ වරකට භාණ්ඩ ටොන් 640 ක් පමණ රැගෙන යාමේ හැකියාව පවතිනවා.







————————

+++++++++++++++++++++++++++++++

මත්තලට ආපු දැවැන්තයා ලංකාවෙන් පිටත්ව යයි
(20.04.2018 – 10:42 +0530 – sinhala.adaderana.lk)

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩ බස්වා තිබු ලොව විශාලතම ගුවන් යානාවක් වන Antanov 225 වර්ගයට අයත් ගුවන්යානය අද (20) අළුයම 4.45 පමණ මත්තල ගුවන්තොටින් නික්ම ගොස් තිබේ.

ලොව විශාලතම ගුවන්යානය වන මෙය පසුගිය 18 වනදා උදෑසන 6.35 පමණ මත්තල ගුවන්තොටුපොළ වෙත ගොඩබස්වන ලදී.

රුසියාවට අයත් ගුවන් යානාවක් වන මෙය මැලේසියාවේ සිට පැමිණ ඇති අතර නැවත අද (20) දින කරච්චි ගුවන්තොටුපොළ බලා පිටත් වූ බව ගුවන්තොටුපොළ කළමනාකරු උපුල් කලන්සූරිය මහතා කියා සිටියේය.

මත්තල ගුවන්තොටුපල තුලින් ඉන්දන ලබාගැනීමත් ගුවන් යානයේ කාර්ය මණ්ඩලය සඳහා විවේකය ලබා ගැනීමෙන් පසු අද දින අළුයම 3 ට පමණ මත්තලට ගුවන්තොටුපොළ වෙත පිටත්වීමට පැමිණි ගුවන්යානයේ 24 දෙනෙකුගෙන් යුත් කාර්යමණ්ඩලය ඉතා සුහදව පිළි ගැනීම සදහා මත්තල ගුවන්තොටුපොළ කළමනාකරු උපුල් කලන්සූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඔවුන්හට තේ පැන් සංග්‍රහයක්ද ලබා දෙන ලදී .

එමෙන්ම මෙවැනි ගුවන්යානා ලංකාවට පැමිණීම තුළින් අති විශාල විදේශ විනිමයක් ලංකාවට ලබා ගැනීමට හැකියාවක් ඇති වෙනවා සේම මෙම දින දෙක තුළ පමණක් මෙම ගුවන්යානය ගොඩ බැස්ස වීමෙන් මිලියන 15 කට වඩා ආදායමක් ලංකාවට ලැබී තිබෙන බවත් උපුල් කලන්සූරිය මහතා කියා සිටියේය .

කරච්චි ගුවන්තොටුපොළ වෙත පිටත්වීමට මත්තෙන් මාධ්‍යට අදහස් දැක්වූ Antanov 225 ගුවන්යානයේ ප්‍රධාන ගුවන් නියමුවා වන ඇන්ටනොව් ඩිමිත්‍රෝ මහතා ‘‘ඇත්තටම අපේ ගුවන් යානය ගොඩක් විශාලයි ඒ සදහා ලොකු ඉඩක් ඕන මත්තල ගුවන් තොටුපොල කාර්යබහුල නොවූ නිසා අපට එය ඉතා වැදගත් වුනා අපේ ගුවන්යානය ගොඩබැස්සවීමට .ඒ වගේම අපට මෙහිදී සෑම පහසුකමක්ම ලැබුණා ඒ නිසා අපි අනාගතයේදී ද මෙම ගුවන්තොටුපොළ භාවිතා කරන්න කටයුතු කරනවා’’

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *