සීදූවේ පෞද්ගලික බැංකුවක් කොල්ලකයි

(18.04.2018 – 10:12 +0530 – hirunews.lk/sinhala)

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු සීදුව – ලියනගේමුල්ල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බැංකුවක් කොල්ලකා පලාගොස් තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි මොවුන් එහි කාර්ය මණ්ඩලයට අත් බෝම්බයක් පෙන්වා මුදල් කොල්ලය සිදුකර ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

මොවුන් බැංකුවේ තිබූ ලක්ෂ 5 ක පමණ මුදලක් මෙලෙස කොල්ලකා ඇති අතර, කොල්කකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා ෴

+++++++++++++++++++++++++++++++++

සීදුව බැංකුවකින් ලක්ෂ 07ක් කොල්ලකාලා
(18.04.2018 – 14:40 +0530 – lankadeepa.lk)

සීදුව ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවකට (18) පැමිණි පුද්ගලයකු එහි කවුන්ටරයක තිබූ රුපියල් ලක්ෂ 07 මංකොල්ලකා පලා ගොස් ඇතැයි සීදුව පොලීසිය කියයි.

සැකකරුවන් මුදල් තැම්පත් කිරීමට පැමිණි ආකාරයට ඇතුළු වී අත්බෝම්බයක් සහ පිස්තෝලයක් පෙන්වමින් කවුන්ටරයේ සිටි කාර්යමණ්ඩලයේ නිලධාරින් බිය ගන්වා මුදල් කොල්ලකා ඇතැයි පොලිසිය පවසයි.

++++++++++++++++++++++++++++++

*****************************************

වේයන්ගොඩදී ෆ්ලෑෂ්බැක් සංගීත වේදිකාව කඩාවැටෙයි
(18.04.2018 – 09:41 +0530 – hirunews.lk/sinhala)

වේයන්ගොඩ ප්‍රදේශයේ ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායම සහභාගීවීමට නියමිතව තිබූ සංගීත ප්‍රසංගයකට පෙර වේදිකාවක් කඩා වැටී තිබෙනවා.

කෙසේ වෙතත් එම අනතුරින් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.

අනතුරින් සංගීත භාණ්ඩවලටද හානි සිදුව නොමැති අතර විදුලි බල්බ වලට සුළු හානි සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ප්‍රසංග වේදිකාවේ වහලයේ ආලෝක පද්ධතිය සවිකිරීමෙන් අනතුරුව හවස 6.30 ට පමණ නව තාක්ෂනය අනුව වහලය ඉහලට එසවීමට යාමේදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.

වේයන්ගොඩ නාරන්වත්ත ප්‍රදේශයේ සියනෑ ක්‍රීඩා පිටියේ පැවති අවුරුදු උළෙලකින් අනතුරුව පැවැත්වීමට නියමිතව තිබූ සංගීත ප්‍රසංගය මේ හේතුවෙන් කල්දැමීමට තීරණය කර තිබෙනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *