ආණ්ඩුවේ ඩීල් එක ජවිපෙ භාර අරන් , බෙදුම්වාදීන්ට අවශ්‍ය විදියට අලුත්ම ව්‍යවස්තා සංශෝධනය ගේනවා

(18.04.2018 – nethgossip.lk)

‘‘ආණ්ඩුවේ ඩීල් එක ජවිපෙ භාර අරන් , බෙදුම්වාදීන්ට අවශ්‍ය විදියට අලුත්ම ව්‍යවස්තා සංශෝධනය ගේනවා’’ ජවිපෙ ගෙන එන අලුත්ම ව්‍යවස්තා සංශෝධනය ගැන වෙනස් කතාවක් .! – වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා

ජනතා විමුක්ති පෙරමුණ විසින් ව්‍යවස්තා සංශෝධනයක් ගෙන ඒමට නියමිත අතර එය කතාබහට ලක්ව තිබෙනවා.

මේ පිළිබදව මාධ්‍යයට අදහස් දක්වන ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසා තිබුනේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විසිවැනි ව්‍යවස්‌ථා සංශෝධනය සම්බන්ධව ජනාධිපති, අගමැති, හිටපු ජනාධිපති සහ පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කිරීමට ජනතා විමුක්‌ති පෙරමුණ කටයුතු කරන බවය.

මෙම සංශෝධනය හෙට (19 දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබුණද ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු සැසිය කල් තැබූ නිසා එය මැයි මස දක්‌වා ප්‍රමාද වන බවද මන්ත්‍රීවරයා පවසා තිබුනා.

කෙසේ වෙතත් පසුගිය දින දේශහිතෙෂි ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මාධ්‍යය හමුවේ මෙම ව්‍යවස්තා සංශෝධනය පිළිබදව අදහස් දක්වා තිබුනා.

එහිදි අතුරුදහන්වූවන්ගේ පනත සහ ගෙන ඒමට නියමිත නව ව්‍යවස්තාව සමග සම්බන්ධයක් ඇති බවත් , එම පනත සම්මත වූ පසු ව්‍යවස්තාව මගින්ම හමුදා නිළධාරීන්ට දඬුවම් කළ හැකි බවත් කියමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසා තිබුනේ :

‘‘මේ ප්‍රාඥපත්හි පනතයි , අතුරුදහන් වූවන්ගේ කාර්යාලයයි සම්මත කලාට පස්සේ හයිබ්‍රිඩ් අධිකරණ ඕනේ නෑ ,මේ ගොල්ලන්ට අවශ්‍ය අපගේ හමුදා නිළධාරීන් පනහකට දඬුවම් කරලා මුලු හමුදාවම අකර්මණ්‍ය කරන්න. ඒ වැඩේට මේ පනත් දෙක එකතු කලාම සෑහෙනවා, ජාත්‍යන්තර අධිකරණ අවශ්‍ය නැහැ. අපි ව්‍යවස්තාවට අනුව පමණයි වැඩ කරන්නේ කියලා අපේ ඇමතිවරයා කියනවා. ඇයි ඕනවටත් වඩා හොදට වැඩේ කරලා තියෙන්නේ , දැන් තියෙන්නේ ව්‍යවස්තාව ගේන්න විතරයි,

ඒකට තමයි දැන් ජනතා විමුක්ති පෙරමුණ 19 වෙනිදට ආණ්ඩුවේ කොන්ත්‍රාත් එක ඉටු කරන්නේ. ව්‍යවස්තා සංශෝධනයක් ගේනවා. බෙඳුම්වාදීන්ට අවශ්‍ය ප්‍රමාණයට 30.1 යෝජනාවේ තියෙන විදියට ඒක ගේනවා. ඒකට සීනී තවරන්න බොරුවට විධායකය අහෝසී කරනවා . ඡන්ද ක්‍රමය වෙනස් කරනවා කියලා ටිකකුත් දාවි මහජනයා රවට්ටන්න , හැබැයි ඇතුලේ තියෙන්නේ ජාත්‍යන්තරයට අපි එකග වෙච්ච දේවල් ටික. එතකොට මේ සමස්ථය අවසන්.

නමුත් සමස්ථය අවසන් වුනාට ව්‍යවස්තා වැඩේ අවසන් වෙනකම් දඬුවම් දීමේ , නම් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කරන්නේ නෑ , එහෙම වුනොත් ව්‍යවස්තාව සම්මත කිරීමේ වැඩේ අවුල් යනවා .මේ නිහඩතාවය ව්‍යවස්තාව සම්මත කර ගන්නකම්, එක සම්මත වුනාට පස්සේ බෙඳුම්වාදීන්ට පළාත් සභාව තමන්ට අවශ්‍ය තැනට ගෙන යා හැකියි, ජාත්‍යන්තර නිතීය යටතේ වෙනම රාජ්‍යයක් අවසානයේ ප්‍රකාශයට පත් කරන්නත් පුලුවන්’’ යනුවෙනි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *