සිංහ කොඩිය ජිනීවාදී දිගටම ලෙලදේ.. ලක් කතක් උස් හඩින් සමුළුව අමතයි..

(27.09.2017 – 12:00 +0530 – lankacnews.com)

ජිනීවාහීදී එක්සත් ජාතීන්ගේ 36 වන මානව හිමිකම් කොමිසම් සැසිවාරයට ගෝලීය ශ්‍රී ලාංකීක සංසදයේ ආරාධනය මත සහභාගීවන අද්මිරාල් සරත් වීරසේකර හා ආචාර්ය නාලක ගොඩහේවා ප්‍රමුඛ කන්ඩායමට ඊයේ දිනයත් ඉතා වැදගත් විය. ඒ කොටි හිතවාදී තමිල්නාඩු දෙශපාලනඥයෙකු වූ වයිකෝගේ නායකත්වයෙන් සමුලුවට සහභාගීවන 30 දෙනෙකුට අධික දෙමල ඩයස්පොරාව කරන බලපෑමට එරෙහිව මවු බිම වෙනුවෙන් හඩක් නගන්නට සිටියේ ශ්‍රී ලාංකිකයින් කිහිප දෙනෙකුගෙන් සැදුම්ලත් මේ කුඩා කන්ඩායම පමනක් වීම නිසාය.

වයිකෝ ජිනීවා මානව හිමිකම් සැසිවාරයක ලංකාවට එරෙහිව කතා කරන්නේ වසර 16 කට පසුවය. ඒ පසුගිය රජයේ විරෝදය නිසා වයිකෝට ජිනීවා පැමිනීමට අවසර නොලැබීම නිසාය. නමුත් වර්ථමානයේ මානව හිමිකම් සැසිවාරය අමතමින් ලංකාවට අභූත චෝදනා එල්ල කරන්නට ඕනෑම කෙනෙකුට හැකිව තිබෙන්නේ රජය මේ සම්බන්ධව දරන උදාසීන ආකල්පය නිසාය. පසුගිය දින තුනක් පුරා වාර ගනනාවක් සමුලුව අමතන්නට මේ නිසා වයිකෝට ප්‍රමුක කන්ඩායමට අවස්ථාව ලැබී තිබුනි. ඔවුන් දිගින් දිගටම පවසා සිටියේ ශ්‍රී ලංකාව තුල දෙමල වැසියන් සුරක්ෂිත නැති බවට, දිනපතාම වාගේ දෙමල ජනතාව හමුදා අතවරයන්ට ලක්වන බවත්ය. ඒ නිසා දෙමල ජනතාවට ඊලාම් දේශය හැර වෙනත් කිසිදු විසඳුමක් නැති බව කී ඔවුහු ලංකාවේ යුධ හමුදාවට දඩුවම් දීම ප්‍රමාණවත් නැතිබවත් එකසත් ජාතීන්ගේ සංවිධානය ලංකාවට එරෙහි දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කල යුතු බවත් කීහ.

මේ අනුව ඊයේ දිනයේ ශ්‍රී ලංකා කණ්ඩායම උපරිම ප්‍රයෝජනය ගත්තේ කණ්ඩායමේ සිටි එකම කාන්තාව වූ අනුරාධා යහම්පත් මහත්මියට සමුලුව අමතන්නට ලැබුන අවස්ථාවෙනි.

වයිකෝද පසුබිමේ සිටින අවස්ථාවක කතාකල ඇය අසා සිටියේ උතුරේ දෙමල ජනතාවට අවශ්‍යවන විට තම රුධිරය පවා දන් දෙන තරම් දෙමල ජනතාවට සහෝදරත්වයෙන් සලකන යුධ හමුදාවකට කවුරුන්හෝ යුධ අපරාධ චෝදනා කරන්නේ කෙසේද කියායි.දෙමල ජනතාවගෙන් 50% කට වඩා සිංහල ජනතාව අතර ජීවත් වන අතර ලංකාව පිලිබඳ වැරදි චිත්‍රයක් ලොවට පෙන්නන්නේ දෙමල දේශපාලනඥයින් බවත් ඔවුන් අතර තමිල්නාඩු දේශපාලනඥයින්ද සිටින බවත් ඇය කියා සිටියාය. එමෙන්ම මානව හිමිකම් කොමිසමේ මහ කොමසාරිවරයා වැරදි කරුණු පදනම් කරගෙන තීරණ වලට එන ආකාරය ගැන තමුන් පුදුම වන බවද අනුරාධා යහම්පත් මහත්මිය කියා සිටියාය. මේ අවස්ථාවේ ඇය අසලින්ම සිට අද්මිරාල් සරත් වීරසේකර හා ආචාර්ය නාලක ගොඩහේවා මෙන්ම එහි වැඩම කර සිටි බෙන්ගමුවේ නාලක හිමිපානෝද ශ්‍රී ලංකා කණ්ඩායමට ශක්තියක් වන ආකාරය දක්නට ලැබුනි.

– චාමින්ද කරුණාරත්න

+++++++++++++++++++++++++++++++

සරත් වීරසේකර ජිනීවාහිදී කොටි නඩය තනි අතින් තලා නට්ටං කර දමයි..
(26.09.2017 – 00:12 +0530 – lankacnews.com)

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුලුවේ 36 වන සැසිවාරයට සමගාමීව “ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනා වල නීත්‍යානුකූල බව ” යන මාතෘකාව යටතේ පැවති සම්මන්ත්‍රණයකදී කොටි හිතවාදීන් හා ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ සාමාජිකයන් අතර උනුසුම් තත්ත්වයක් ඇතිවිය.

මෙහි ප්‍රධාන දේශණය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා විසින් පවත්වන ලද රටවල් ගනනාවක් නියොජනය කරමින් ශ්‍රී ලංකිකයන් සම්මන්ත්‍රණයට එක්වී සිටියහ.

බ්‍රිතාන්‍ය ජාතික ඩේවිඩ් බෙලී විරෝධතා වක් මතුකරමින් කියාසිටියේ ලංකාවේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා විසින් තවත් හිටපු හමුදාපතිවරයෙකු වන ජගත් ජයසූරිය යුධ අපරාධ කර ඇති බව පීලිගෙන ඇති බවයි. එසේම තමිල් චෙල්වම්ගේ බිරිඳ එදා රජයට පක්ෂව සම්මුඛ සාකච්ඡා දුන්නේ බලපෑම් යටතේ බවද ඔහු පැවසීය. මීට පිලිතුරු දුන් ආචාර්ය නාලක ගොඩහේවා මහතා ප්‍රශ්න කලේ ඩේවිඩ් බෙලී මෙහි පැමින මානව හිමිකම් ගැන කතාකරන්නේ ඩයස්පෝරාව විසින් ගෙවන මුදල් නිසා නොවේද කියායි. තමිල් සෙල්වම්ගේ බිරිද අද මානව හිමිකම් කොමිසමට පැමිණ බොරුකියන්නේත් එදා හමුදාව වෙනුවෙන් පෙනී සිටි සරත් ෆොන්සේකා අද මෙවැනි ප්‍රකාශ කරන්නේත් මුදලේ බලයට යටවී යැයි පෙන්වාදුන් නාලක ගොඩහේවා මහතා පෙන්වා දුන්නේ එදා යුද පිටියේ සිදුවූ සියලු දේ වාර්තා කරන්නට මාධ්‍ය වෙදින් සිටි බවත් තමිල් චෙල්වම්ගේ බිරිද මෙන්ම සුසෙගෙ බිරිදත් හමුදා අත්ඩංගුවට පත්වූ විට හමුදාව එය රහසක් වශයෙන් තබාගත්තේ නැති බවත්ය.

සුහන්දරන් නැමත් දෙමල ඩයස්පෝරව නියොජිතයා චැනල් 4 වාර්තා සදහන් කරමින් යම් යම් සිද්ධීන් ගැන ප්‍රශ්න කල විට ගෝලීය සංසදයේ නියොජිතයන් උදාහරණ සහිතව පෙන්වා දුන්නේ මෙම මාධ්‍ය ආයතනය දෙමල ඩයස්පෝරාවෙන් යැපෙන හොරනැවක් බවය. අද මේ සිදුවීම් කිහිපයක් ගැන ප්‍රශ්න අසන සුහන්දරන් එල්ටීටීය නිරායුද පොලිස් නිලධාරීන් 600 වෙඩිතබා මරණ විට සිටියේ කොහේද කියා ඔවුහු පෙරලා ප්‍රශ්න කලහ.

– චමින්ද කරුණාරත්න

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *