නිදහස් පක්ෂයේ 16 දෙනා පාර්ලිමේන්තු මහලේකම්ට ලියයි

(19.04.2018 – 19:29 +0530 – hirunews.lk/sinhala)

අමාත්‍ය ධුරවලින් ඉවත් වූ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනා සදහා විපක්ෂයේ අසුන් පනවන ලෙස පාර්ලිමේන්තු මහලේකම්වරයාගෙන් හෙට ලිඛිතව ඉල්ලා සිටින බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළා.

ඒ සදහා මන්ත්‍රීවරුන්ගෙන් අත්සන් ලබා ගැනීම අද රාත්‍රියේ සිට සිදුකෙරෙන බවයි ඔහු කියා සිටියේ.

එමෙන්ම, සම්මුතිවාදී ආණ්ඩුවෙන් නිදහස් පක්ෂය මුළුමනින්ම ඉවත් විය යුතු බවට යෝජනාවක් ද ඉදිරියේදී පැවැත්වෙන පක්ෂ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කිරීමට එම මන්ත්‍රී කණ්ඩායම ඊයේ තීරණය කළා.

ඒ ඔවුන් ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාගේ නිවසේ පැවැත්වූ සාකච්ඡාවකදීයි.

එමෙන්ම, නිදහස් පක්ෂයේ හිටපු අමාත්‍යවරුන් වන ඩිලාන් පෙරේරා, චන්දිම වීරක්කොඩි සහ ලක්ෂ්මන් වසන්ත පෙරේරා යන මහත්වරු ඊයේ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර බලා පිටත්ව ගොස් තිබුණේ එම කණ්ඩායමේ තීන්දු තීරණ ජනාධිපතිවරයා වෙත දැනුම්දීම සදහායි.

ඒ සම්බන්ධයෙන් සහ හෙට දිනයේ පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාරදීමට නියමිත ලිපිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා හිරු ප්‍රවෘත්ති අංශයට පැහැදිලි කළා.

*****************************************

කුරුණෑගල ශික්ෂණ රෝහල ඉදිරිපිට ඇති රථ ගාල ගැන චෝදනාවක්
(19.04.2018 – 21:01 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල ශික්ෂණ රෝහල ඉදිරිපිට ඇති නගර සභාව මගින් පාලනය කරන යතුරුපැදි රථ ගාලේ යතුරුපැදි ගාල් කිරීම සදහා විවිධ මුදල් ප්‍රමාණ අය කරන අතර, කිසිදු විටක ඒ සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් නොකරන බව රෝහල කරා පැමිණෙන ජනතාව චෝදනා කරනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *