රන් පවුමක මිල රුපියල් 6000 කින් ඉහළට

(19.04.2018 – 13:07 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන රන් සඳහා තීරු බදු පැනවීමට ගෙන ඇති තීරණයත් සමඟ මෙරට වෙලඳපොලේ රන් මිලද ඉහල ගොස් තිබෙනවා.

ඒ අනුව කැරට් 22 රන් පවුමක මිල රුපියල් 6000 කින් පමණ ඉහල ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

බදු වැඩිවීමත් සමඟ කැරට් 22 රන් පවුමක නව මිල රුපියල් 57,000 ඉක්මවන අතර එහි පැරණි මිල වුණේ රුපියල් 51,000 ක්.

එමෙන්ම නව තීරු බදු හේතුවෙන් කැරට් 24 රන් පවුමක් රුපියල් 7000 කින් පමණ ඉහල ගොස් තිබෙනවා.

දැනට කැරට් 24 රන් පවුමක් රුපියල් 55,000 කට පමණ අලෙවි වන අතර නව මිල වැඩි වීමට අනුව එම රන් පවුමක් අලෙවි වන්නේ රුපියල් 62,000 ක මිලකටයි.

ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන රන් සඳහා වටිනාකම මත සියයට 15 ක බද්දක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කරනු ලැබුවේ පෙරේදා (17) මධ්‍යම රාත්‍රියේ සිටයි.

නව බද්දක් පැනවීමට රජය ගත් තීරණය හේතුවෙන් ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ කඩා වැටීමක් ඇතිවිය හැකි බවයි මැණික් හා ස්වර්ණාභරණ හුවමාරු මධ්‍යස්ථානය සඳහන් කළේ.

මෙම තත්ත්වය රත්‍රං ව්‍යාපාරිකයින්ට ද දරා ගත නොහැකි බව මැණික් හා ස්වර්ණාභරණ හුවමාරු මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ලකී වරාගොඩ මහතා හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා ෴

***************************************

මුදල් ඉල්ලා අදත් ETI ගණුදෙනුකරුවන් විරෝධතාවක
(19.04.2018 – 18:53 +0530 – hirunews.lk/sinhala)

එදිරිසිංහ සමූහ ව්‍යාපාරයට අනුබද්ධ ඊ.ටී.අයි.ෆයිනෑන්ස් ලිමිටඩ් මූල්‍ය ආයතනයේ මුදල් තැන්පත් කළ ගණුදෙනුකරුවන් අදත් කොළඹ – වෝඩ් පෙදෙසේ පිහිටි එම ආයතනයට පැමිණ තමන් තැන්පත් කළ මුදල් යළි ඉල්ලා විරෝධය පළ කිරීමත් සමග එහි උණුසුම් තත්ත්වයක් මතුවුණා.

එහිදී ආයතන බලධාරින්ට ගණුදෙනුකරුවන්ගෙන් එල්ල වූයේ දැඩි විරෝධයක්.

කෙසේ වෙතත්, අද දිනයේත් ඒ සම්බන්ධව සාකච්ඡා පැවති අතර, එළඹෙන 28 වනදා ශ්‍රී ලංකා මහබැංකුව, ඊ.ටී.අයි මූල්‍ය සමාගම හා ගණුදෙනුකරුවන් අතර සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය වී තිබෙනවා.

පසුගිය මස 29වනදා ආයතන හිමිකරුවන් සියලුම මුදල් මෙම මස 30 වනදා අනිවාර්යයෙන්ම පියවන බවට ගණුදෙනුකරුවන්ට පොරොන්දු වුණා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *