‘ජවිපෙ 20’ කුමන්ත්‍රණයක් – ගුණදාස අමරසේකර

(19.04.2018 – 12:41 +0530 – hirunews.lk/sinhala)

ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ 20 වන සංශෝධනය බටහිර බලවේගවල තවත් කුමන්ත්‍රණයක් බව ජාතික සංවිධාන එකමුතුව පවසනවා.

එහි කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා මේ බව කියා සිටියේ කොළඹ අද (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

‘‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, යූ ඇන් පීයත් එක්ක හදපු මේ පූට්ටු ආණ්ඩුව ජාතික ආණ්ඩුවක් නෙවෙයි. මේකෙන් ඉවත් වීමට කටයුතු කිරීම මේරටේ ජනතාවගේ අපේක්ෂාව. ඒත් මම හිතන්නෙ නැහැ. කිව්වාට මේක සිද්ධ වෙන්න ඉඩකඩ තිබෙයි කියලා. බටහිර බලවේග මේ ආණ්ඩුවට කඩාගෙන වැටෙන්න ඉඩ දෙන්නෙ නැහැ. බටහිරයන්ගේ කුමන්ත්‍රණයයේම තවත් පියවරක් තමයි මේ ජේ වී පි එකෙන් ගෙනාපු යෝජනාව – විධායක ජනාධිපතික්‍රමය අහෝසි කරන්න කටයුතු කිරීම. ඒකාබද්ධ විපක්ෂත් කිව්වා මේක කලාට කමක් නැහැ ඒ කරන අතරම පාර්ලිමේන්තුව විසුරුවා හරින්න කියලා. මොන අදහසකින් කිව්ව ද මම දන්නෙ නැහැ. විධායක ජනාධිපතික්‍රමය අහෝසි කරනවා නම් 13 ත් අහෝසි කරන්න ඕනා. ඒ දෙකම අහෝසි කරන්න ඕනා අහෝසි කරනවා නම්. ’

++++++++++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *