හිටපු පෙම්වතියට තර්ජනය කර ලක්ෂ 11 ක් අරගත් තරුණයා අත්අඩංගුවට

(20.04.2018 – 11:44 +0530 – hirunews.lk/sinhala)

තරුණියක් සමඟ ලිංගිකව එක්වන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට එක්කළ තරුණයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙන්නප්පුව ප්‍රදේශයේ තරුණයෙකුයි.

සැකකාර තරුණයා විසින් වෙන්නප්පුව, දුම්මලදෙණිය ප්‍රදේශයේ පදිංචි තරුණියක සමග ප්‍රේම සම්බන්ධතාවක්‌ ඇතිකරගෙන තිබෙනවා.

පසුව ඔවුන් දෙදෙනා අවස්ථා කිහිපයකදී ලිංගිකව එක්වී ඇති අතර තරුණයා විසින් එම අවස්ථාවල දර්ශන ජංගම දුරකතනයෙන් පටිගත කර ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

අනතුරුව ටික කලක් ගතවීමත් සමඟ එම තරුණියගේ මව්පියන් එම ආදර සම්බන්ධයට විරුද්ධ වී ඇති බවයි පරීක්ෂණ වලදී හෙලිවී ඇත්තේ.

ඒ අනුව තරුණිය ඒ බව මෙම තරුණයාට පවසා එම සම්බන්ධය නවතා දැමීමට කටයුතු කර තිබෙනවා.

එහිදී තරුණයා පවසා ඇත්තේ තමන් සතුව ඇති වීඩියෝ දර්ශන අන්තර්ජාලයට එක්කරන බවයි.

එසේ නොකිරීමට තමන්ට මුදල් අවශ්‍ය බව පවසා එම තරුණියගෙන් අවස්ථා කිහිපයකදීම මුදල් ලබාගෙන ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

මේ සම්බන්ධයෙන් තරුණිය තම මිත්තනියට පවසා ඇයගේ ATM කාඩ්පත සහ එහි රහස්‍ය අංකය ඔහු වෙත ලබාදී ඇත්තේ අවශ්‍ය මුදල් ලබාගැනීමටයි.

ඒ අනුව තරුණියව බියගන්වා සැකකරු ලබාගෙන ඇති මුදල රුපියල් 11,29,400.00 ක් බවයි වාර්තා වන්නේ.

පසුව සැකකරු විසින් අදාළ වීඩියෝ දර්ශන අනතර්ජාලය එක්කර ඇති අතර පසුව තරුණිය ඒ පිළිබඳව දැනගෙන තිබෙනවා.

අනතුරුව තරුණිය විසින් සිය මව්පියන් දනුවත් කිරීමෙන් අනතුරුව පොලිසියට පැමිනිළි කිරීමත් සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා ෴

******************************************

බිල්පත් නිකුත් කළ නොහැකි ත්‍රි රෝද රථ රියදුරන්ට තවත් අවස්ථාවක්
(20.04.2018 – 11:28 +0530 – hirunews.lk/sinhala)

මුද්‍රිත බිල්පතක් නිකුත් කළ නොහැකි මිටර් සහිත ත්‍රි රෝද රථ හිමියන්ට අනුමත තොරතුරු ඇතුලත් ලිඛිත බිල්පතක් නිකුත් කළ හැකි බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසනවා.

මේ අතර, මගීන්ට බිල්පතක් නිකුත් කළ හැකි මීටර් ත්‍රීරෝද රථ සඳහා සවිකිරීම අද (20) සිට අනිවාර්ය වනවා.

ඒ අනුව දිවයිනේ සියලූම ත්‍රීරෝද රථ ගමනාන්තයේදී මගීන්ට බිල්පතක් ලබාදිය යුතුයි.

ත්‍රීරෝද රථවලට මෙම මීටරය සවිකිරීම සඳහා මාස 06 ක සහන කාලයක් ලබාදී තිබූ අතර, එය අදින් අවසන් වන බවයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති, වෛද්‍ය සිසිර කෝදාගොඩ කියා සිටියේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *