අරලිගහ මැදුරේ භික්‍ෂුන් දහසකට ෆෙඩරල් දානයක්.. සාදු කියන්න පිංවතුනි..

(26.09.2017 – 10:40 +0530 – lankacnews.com)

පිවිතුරු හෙළ උරුමය පක්‍ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී එම පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය :

‘‘අගමැතිතුමා විසින් පසුගිය සිකුරාදා පෙඩරල් ව්‍යවස්ථාවක් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට ඉදිරිපත් කළා. මීට ලොකුම විරෝධය මතු වන්නේ මහ සංඝ රත්නයෙන් බව එතුමා දන්නවා. නෝර්වේ තමන්ගේ සාම වෑයම නමින් කළ බෙදුම්වාදි ව්‍යාපෘතිය පිළිබඳ කල සමාලෝචනයේ දීත් ඔවුන්ගේ ව්‍යාපෘතිය අසාර්ථක වීමට වැඩියෙන්ම බලපෑවේ භික්ෂුන් වහන්සේලා බව සඳහන් කර තිබුණා. මේ බව හොඳටම දන්නා අගමැතිතුමා පෙඩරල් ව්‍යවස්ථාව වෙනුවෙන් මහ සංඝරත්නය දිනා ගැනීමේ අරමුණෙන් සැප්තැම්බර් 27 දා අරලිය ගහ මන්දිරයේ දී දහසක් භික්ෂුන් වහන්සේලාට දානයක් පිලියෙල කර තිබෙනවා.

මේ දානයට භික්ෂුන් වහන්සේලාට ආරාධනා කරන්නේ පොලිසිය හරහා. උන් වහන්සේලාට වැඩම කරන්න අගමැති කාර්යාලයෙන් වාහන දෙනවා විතරක් නොවේ උන් වහන්සේ සමග යන්න පොලිස් නිළධාරියෙකුත් දෙනවා. ඔබ වහන්සේලාට මේ ආරාධනා කරන්නේ දානය වළඳන්න නොවේ. රට වලඳන්න. පෙඩරල් දානය වැළඳුවොත් දිරවන්න අපහසුයි. ඒ නිසා ඒ දානය වර්ජනය කරන්නැයි දේශප්‍රේමි මහ සංඝරත්නයෙන් අපි නමස්කාර පූර්වකව ඉල්ලා සිටිනවා.’’

– අරවින්ද අතුකෝරල

+++++++++++++++++++++++++++++++++

අගමැතිගේ දාහේ දානේ..! ගියවර සිටි ජනාධිපති මෙවර නෑ..!
(27.09.2017 – 23:30 +0530 – lankaenews.com)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, අරලියගහ මන්දිරයේදී අද (27) භික්‍ෂුන් වහන්සේලා දහස් නමක් විෂයයෙහි පතාක සංඝගත දක්‍ෂිණාවක් පැවැත්වින. මෙම දානමය පිංකම සඳහා මැති ඇමැතිවරු රැසක් ද සහභාගී වී සිටියහ. පසුගිය වසරේ මාර්තුවේ ද අරලිය ගහ මැදුරේ දී දහසක් සංඝයා විෂයෙහි දානමය පිංකමක් පැවැති අතර ඊට ජනාධිපතිවරයා ද සහභාගී වී සිටි නමුත් මෙවර දානයට ජනාධිපතිවරයා සහභාගී නොවී ය. පසුගිය වසරේ බුද්ධ ශාසන ඇමැති වරයාව සිටි විජයදාස රාජපක්ෂ නමැති ඩීල්කාරයාද ප්‍රධාන චරිතයක් රඟ පෑ නමුත් මේ වන විට ඇමැතිධූරයෙන් පන්නා දමා සිටින ඔහුද මෙවර පැත්ත පළාතකවත් සිටියේ නැත. මෙවර දානයේ සේයාරූ කිහිපයක් මෙහි දැක්වේ :








+++++++++++++++++++++++++++++++++

අලුත් ව්‍යවස්ථාවෙන් ජාතික ගීය, ජාතික කොඩිය, 09 වන වගන්තිය දැඩි අනතුරේ ….
(27.09.2017 – 11:20 +0530 – lankacnews.com)

යෝජනා කර ඇති නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව මගින් ජාතික කොඩියට, ජාතික ගීයට, සහ වත්මන් ව්‍යවස්ථාවේ 09 වැනි වගන්තියට දැඩි බලපෑම් එල්ල වන බව කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මහජන සභාවේ සභාපති උලපනේ සුමංගල හිමියෝ කියා සිටියහ.

යෝජිත නව ව්‍යවස්ථා කෙටුම්පතේ ඇත්තේ එන්ජීඔ කාරයින්ට උවමනා දේවල් බවත් සදහන් කරන උන් වහන්සේ මෙමගින් පටු අභිලාෂයන් ඉටු කර ගැනීමට උත්සාහ දැරීමක් පෙනෙනේනට ඇතැයිද පවසයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *