පොහොට්ටුව කඩන්න කුමන්ත‍්‍රණයක්.. ලංකාවේ ලොකුම පක්‍ෂය පොහොට්ටුවයි.. – බැසිල්

(20.04.2018 – 13:20 +0530 – lankacnews.com)

ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණ බේදකිරීමට කෙටවීමට යම් යම් පිරිස් කටයුතු කරමින් සිටින්නේ වුවද ඒවාට යටත් නොවන බව එම පක්‍ෂයේ ජාතික සංවිධායක හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් පල කරන ලද්දේ අලුත් අවුරුද්ද වෙනුවෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැඩ කටයුතු සර්වආගමික ආශිර්වාද මාධ්‍යයේ නෙලුම් මාවත කාර්යාලයේදී ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

හිටපු ඇමතිවරයා එහිදී මෙසේද කියා සිටියේය :

‘‘ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාවේ ප්‍රභලම පක්ෂය වෙලා ඉවරයි…. එය මහජන නියෝජිතයන් වැඩිම පිරිසක් සිටින එකම පක්ෂයයි. ගසක උනත් ඵල දරනකොට පොළවට බර වෙනවා ඒ වගේම තමයි අපේ මේ පක්ෂයත් ඉතා නිහතමානීව මහජනතාවට පක්ෂ වෙමින් වඩාත් සමීපව කටයුතු කරනවා…. අපේ ශක්තියට ප්‍රධාන කාරණා දෙකක් පවතිනවා ඒ තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ නායකත්වය සහ පක්ෂ සාමාජිකත්වය. මේ දෙක නිසා තමයි මේ සියලු ජයග්‍රහණ ලැබුවේ.

ඉතින් අපි ඉතාමත් නිහතමානීව මේ වසර අරඔන විටටම අප පළාත් පාළන ආයතන 342 න් 200 ඉක්මවා බලය තහවුරු කරගෙන පවතින නිසා.

ඉදිරි මැතිවරණ වලට සුදානම් වෙමින් අනිවාර්යයෙන්ම මහින්ද ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් මේ රටේ බලය නැවත ලබා ගැනීම තමයි අපගේ පක්ෂයේ පරමාර්ථය.

අපිව බේද කරන්න අපිව කොටවන්න අපිව ඈත් කරන්න යම් යම් කොටස් ක්‍රියා කරාවි නමුත් අපි ඒවාට යටත් වෙන්නේ නෑ අපි නිහතමානීව අපේ ජයග්‍රහණයත් සමගම සමගිව ජනතාවට සේවය කරන්න පක්ෂයක් වශයෙන් අප බැදී සිටිනවා.’’

– සංජීව එදිරිමාන්න

*************************************

ශ‍්‍රිලනිප තවත් දහයක් ඇමති ධුර අතහැර විපක්‍ෂයට…
(20.04.2018 – 14:10 +0530 – lankacnews.com)

එක්සත් ජාතික පක්‍ෂය සමග ඇති කරගෙන තිබෙන ආණ්ඩුවට එරෙහිව තවත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ඇමතිවරුන් දස දෙනෙකු සිය ධුරයන්ගෙන් ඉවත් වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

විපක්‍ෂයට එක්වන එම පිරිසද එක් කර ගනිමින් ආණ්ඩුව විරෝධී පුළුල් ජනතා සන්ධානයක් ගොඩනගන බවත් ඔ්නෑම පුරවැසියෙකුට ඊට එක්වීමට හැකි බවද මන්ත‍්‍රීවරයා කියා සිටී.

මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ මහනුවර සිය නිවසේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *