අද (21) උදෑසනම තරුණයෙකු මරු තුරුළට රැගෙන ගිය මාරක රිය අනතුර CCTV කැමරාවේ සටහන් වෙයි

(21.04.2018 – 12:43 +0530 – hirunews.lk/sinhala)

කොට්ටාව මාකුඹුර ප්‍රදේශයේදී අද (21) උදෑසන යතුරු පැදියක් ටිපර් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.

යතුරු පැදිය කොට්ටාව සිට හෝමාගම දෙසට ධාවනය කර ඇති අතර එය මාකුඹුර ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලකට හැරවීමට යාමේදී පිටුපසින් පැමිණි ටිපර් රථයේ ගැටී මේ අනතුර ඇත්තේ.

මෙලෙස මියගොස් ඇත්තේ බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙක්.

ඔහු කොට්ටාව මාකුඹුර ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවයට යමින් සිටියදියි මේ අනතුර ලක්ව ඇත්තේ.

අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කොට්ටාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

මේ අතර මෙම අනතුර සිදුවන ආකාරය ඉන්ධන පිරවුම්හලේ සවිකර තිබු CCTV කැමරාවේ මෙලෙස සටහන් වී තිබුණා.

එම වීඩියෝව පහතින්..

*****************************************

දෙහැවිරිදි දැරියකට බෙහෙත් පෙත්තක් මරු කැඳවයි
(21.04.2018 – 11:41 +0530 – hirunews.lk/sinhala)

බෙහෙත් පෙති කැබැල්ලක් උගුරේ සිරවීමෙන් කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කුරුණෑගල, වැල්ලව, හැඟව ප්‍රදේශයේ පදිංචිව සිටි එච්.බී. දහම්දි අරලියා නමැති වයස අවුරුදු දෙකක (02) දැරියක් පසුගිය 19 වනදා මෙලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

දැරියට ඇති වූ අසනීප තත්වයකට ප්‍රතිකාර ලබාගෙන පැමිණ ඖෂධ සඳහා ලබාදුන් බෙහෙත් පෙත්තක කැබැල්ලක් පෙවීමට යාමේදී එය ඇයගේ උගුරේ සිරවී ඇති බව සඳහන්.

බෙහෙත් පෙති කැබැල්ල දැරියගේ උගුරේ සිරවීමෙන් අනතුරුව දෙමව්පියන් විසින් ප්‍රතිකාර සඳහා ඇය කුරුණෑගල ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

කෙසේ වෙතත් එහිදී දැරිය මියගොස් ඇති බවයි වැල්ලව පොලිසිය පැවසුවේ.

කුරුණෑගල නාගරික හදිසි මරණ පරික්ෂකවරයා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර ඇති අතර වැල්ලව පොලිසිය චිසින් සිද්ධියට අදාලව සාක්‍ෂි මෙහෙයවනු ලැබුවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *