කූඨ ජාවාරමක් ගැන රේගුව අනතුරු අඟවයි

(22.04.2018 – 07:56 +0530 – hirunews.lk/sinhala)

ෆේස්බුක් සහ සමාජජාලා මාධ්‍ය ඔස්සේ ලොතරැයි මගින් තමන්ට විවිධ ත්‍යාග හිමි වී ඇති බව පවසමින් රේගුව හරහා එම ත්‍යාග එවීමට මුදල් ලබා ගන්නා කූඨ ජාවාරම්වලට හසු නොවන ලෙසට ශ්‍රී ලංකා රේගුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

පසුගිය කාලසීමාව තුළ දී විදේශගතව සිටින බව හඟවමින් ජයග්‍රහණවලින් හිමි වූ ත්‍යාග එවීමට විවිධ මුදල් ලබා ගන්නා සිද්ධීන් සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ශ්‍රී ලංකා රේගුව වෙත ලැබී තිබෙනවා.

ඒ අනුව සිදුකළ පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ විවිධ කණ්ඩායම් මෙම ජාවාරම මෙහෙය වන බවයි.

මෙම පුද්ගලයින් ෆේස්බුක් මගින් ලොතරැයි ත්‍යාග ලැබී ඇති බව පවසා පසුව මෙරට දුරකථන අංකයකින් එම ත්‍යාගය නිදහස් කර ගැනීමට රේගු බදු වශයෙන් ගෙවීමට අවශ්‍ය මුදල බැංකු ගිණුමකට යොමු කරන ලෙසට ඉල්ලීම් කරනු ලබනවා.

මෙම නීතිවිරෝධී කටයුතු පිළිබදව තොරතුරු ලබාදීමට 011 247 1471 යන දුරකථන අංකය ඔස්සේ ශ්‍රී ලංකා රේගුවේ බුද්ධි විමර්ශන අංශයට දැනුම් දිය හැකි බවයි රේගු අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ෴

*****************************************

අත්තනගල්ලේ ඝාතනයට හේතුව පස් ව්‍යාපාරයක ආරවුලක්
(22.04.2018 – 11:03 +0530 – hirunews.lk/sinhala)

අත්තනගල්ල ප්‍රදේශයේ සංගීත ප්‍රසංගයක් අතරතුරදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කළ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු මේ වනවිට හඳුනාගෙන තිබෙනවා.

අදාළ පුද්ගලයා 2016 වසරේ දෙසැම්බර් මස 24 වැනිදා වේයන්ගොඩ ප්‍රදේශයේදී උදම්මිට සමරේ නැමැත්තා ඝාතනය කිරීමට පැමිණි චාමර ඉන්ද්‍රජිත් ජයසුන්දර බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ.

ප්‍රධාන සැකකරු සමඟ තවත් තුන් දෙනෙකු යතුරුපැදි දෙකකින් පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව සඳහන්.

ඊයේ සිදුවු මෙම වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්වූයේ හෙයියන්තුඩුව ප්‍රදේශයේ පදිංචි රත්න දේවප්‍රිය නැමැති ව්‍යාපාරිකයෙක්.

ඔහු පස් කෑපීමේ ව්‍යාපාරයක නිරත වී ඇති අතර, වෙඩි තැබීමට පැමිණි චාමර ඉන්ද්‍රජිත් ජයසුන්දර ඔහු සමඟ අදාළ ව්‍යාපාරයේ හවුල්කරුවෙකු ලෙස කටයුතු කළ අයෙක්.

පසුව ඇතිවු මුදල් ආරවුලක් මත ඝාතනයට ලක්වු ව්‍යාපාරිකයා වෙඩි තැබීම සිදුකළ ප්‍රධාන සැකකරු ව්‍යාපාරයෙන් ඉවත් කර තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

මෙම වෙඩි තැබීමෙන් ගැබිණි කාන්තාවක් ඇතුළු තවත් පුද්ගලයින් 04 දෙනෙකු තුවාල ලැබූ අතර, ඉන් එක් අයෙකු ජාතික රෝහලට මාරු කර යවා තිබෙනවා.

අනෙක් තිදෙනා වතුපිටිවල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් නිට්ටඹුව පොලිසිය පරීක්ෂණ ක්‍රියාත්මක කරන අතර, බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශයට අනුයුක්ත සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමක්ද පරීක්ෂණ සිදුකරනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *