යාපනය සරසවිය දින නියමයක් නොමැතිව වසා දමයි – ශිෂ්‍ය නේවාසිකාගාරයේ බුදු පිළිමයක් තැබීමට පාලන අධිකාරියේ විරෝධතාවය

(23.04.2018 – 20:25 +0530 – sinhala.adaderana.lk)

යාපනය විශ්වවිද්‍යාලයේ වවුනියාව මණ්ඩපයේ ‍ශිෂ්‍ය නේවාසිකාගාරයේ බුදු පිළිමයක් තැබීමට විරුද්ධව විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය විශ්වවිද්‍යාලය අද (23) දින නියමයක් නැතිව වසා දැමීමට කටයුතු කර ඇති බව විශ්වවිද්‍යාල සිසුන් පවසති.

විශ්වවිද්‍යාල සිසුන් පැවසූවේ සරසවි නේවාසිකාගාර තුළ අනෙකුත් ආගම්වල සිසුන්ට සිය ආගමික වතාවක් සිදුකිරීමට ස්ථාන පවතින අතර, විශ්වවිද්‍යාලයේ බහුතර සිංහල සිසුන් පිරිසක් සිටන විශ්වවිද්‍යාල නේවාසිකාගරයේ බුදු පිළිමයක් නොමැති බැවින් තමන් අද නේවාසිකාගාර සංකීර්ණයේ බුදු පිළිමයක් තැන්පත් කිරීමට සුදානම් වු බවයි.

එලෙස බුදු පිළිමයක් තැන්පත් කිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරි අවස්ථාවක් ලබා නොදුන් අතර, ශිෂ්‍ය නේවාසිකාගාරයේ තැන්පත් කිරීමට ගෙනා බුදු පිළිමය බලහත්කාරයෙන් රැගෙන ගිය බවයි.

බුදු පිළිමය රැගෙනයාමෙන් අනතුරුව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය ඊයේ (22) අධ්‍යයන කටයුතු වෙනුවෙන් ආරම්භ කළ විශ්වවිද්‍යාලය අද දින නියමයක් නොමැතිව වසා දැමු බවද සිසුන් පැවසූහ.

විශ්වවිද්‍යාල පාලනාධිකාරිය ජාතිවාදි අයුරින් කටයුතු කරන අතර විශ්වවිද්‍යාලයේ ‍දමිළ හා මුස්ලිම් සිසුන් ශිෂ්‍ය නේවාසිකාගාරයේ බුදු පිළිමය තැන්පත් කිරීමට කිසිදු විරෝධතාවයක් ඉදිරිපත් නොකළ බවද විශ්වවිද්‍යාලයේ සිංහල සිසුන් පැවසූහ.

සිසුන් වැඩිදුරටත් පැවසූවේ විශ්වවිද්‍යාල පාලනාධිකාරිය බුදු පිළිමය බලහත්කාරයෙන් රැගෙන යන අවස්ථාවේ අදාළ වාහනයේ රෝදයකට යටවි සිසුවෙකුගේ කකුල තුවාල වි ඇති බවයි.

විශ්වවිද්‍යාලය හදිසියේ වසා දැමීම හේතුවෙන් සිසුන්ට නිවෙස් වෙත යාමේ ගැටළුවක් උද්ගත වි ඇති බවද සිසුන් පැවසූහ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *