උදයංග වීරතුංග අත්අඩංගුවට අරන් තියෙන්නේ ඩුබායිහිදී සිදු වූ වරදකට – එරට නීතිය අනුව

(24.04.2018 – 17:25 +0530 – sinhala.adaderana.lk)

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඩුබායිහිදී සිදු වූ වරදකට ඒ රටේ නීතියට අනුව බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි.

එම රටේ නීතිය අනුව එම රටේ තත්ත්වයන් තුළ එරට බලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

උදයංග වීරතුංග මහතා සම්බන්ධයෙන් දේශීය වශයෙන් ඇති කාර්යය භාරය ගැන පරීක්ෂණ සිදු කිරීම සඳහා ඔහුව මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය බවද ඒ මහතා කියා සිටියේය.

ඒ සඳහා සාක්ෂි ගොනු කර ගැනීමට මෙන්ම ප්‍රකාශ සටහන් කර ගැනීම මෙන්ම සිද්ධීන් වශයෙන් සාක්ෂි ගොනු කර අදාළ පරීක්ෂණ සිදු කිරීමට ඔහු මෙරටට ගෙන්වා ගැනීම සඳහා අනෙකුත් ක්‍රියා මාර්ගයන් ගන්නා බවද ඒ මහතා පැවසීය.

එහිදී මේ හා සම්බන්ධයෙන් කටයුතු කරන්නේ රටවල් අතර පවතින අවබෝධය අනුව බවත්, ඒ මහතා මෙරටට ගෙන්වා ගැනීම ගැන කටයුතු කළ යුත්තේද ඒ අනුව බවත් ඒ මහතා කියා සිටියේය.

මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලීසිට යම් යම් එකඟතාවයන් ඇති බවත්, ඒ අනුව ඒ මත මේ ඉල්ලීම සිදු කරන බවත් ඔහු පැවසීය.

උදයංග වීරතුංග මහතා පිළිබඳව නිල නිවේදනයක් නිකුත් කළ බවත්, මෙවැනි බැරෑරුම් ප්‍රශ්නයන් පිළිබඳව සොයා බැලීමට මෙන්ම ක්‍රියාත්මකවීම ජාත්‍යන්තර පොලීසියේ අංශයක් මෙරටද ක්‍රියාත්මත බවත්, ඒ හරහා ඉන්ටපෝල් වරෙන්තුවක් නිකුත් කර ඇති බව ඒ මහතා කියා සිටයේය.

එනම් ඒ පිළිබඳව කරුණු ඉදිරිපත් කර එම කරුණු පිළිබඳව සොයා බලා ජාත්‍යන්තර පොලීසිය හරහා මෙම රතු නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ තත්ත්වයන් මත අවශ්‍යතාවය මත ඔහුව මෙරටට ගෙන්වා ගැනීමට ඩුබායි අභ්‍යන්තර නීති මෙන්ම එම රටේ කැමැත්ත අවශ්‍ය බවද ඒ මහතා කියා සිටියේය.

උදයංග වීරතුංග මහතා මෙරටට එවනවාද නැද්ද යන්න ඔවුන් විසින් තීරණය කරනු ලබන බවත්, මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වනවාද නැද්ද යන්න පිළිබඳව ඔවුන්ට තීරණයක් ගැනීමට හැකියාවක් ඇති බවද ඒ මහතා කියා සිටියේය.

ඒ සඳහා බලපෑමක් කිරීමට මෙරටට හැකියාවක් නොමැති බවත්, කළ හැක්කේ විදේශ කටයුතු අමාත්‍යංශය මෙන්ම එම සබඳතාවක් හරහා ඒ පිළිබඳව ඒත්තු ගැන්වීමක් බවද ඒ මහතා පැවසීය.

එහිදී ‘‘අපි පුළුවන් තරම් ඒත්තු ගන්නනවා ජාතික වශයෙන් අපිට තියෙන තත්ත්වය හා එම පරීක්ෂණ සඳහා එයාව අවශ්‍ය බව’’ යනුවෙන් ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය ෴

*************************************

රටේම බදු බර ඉහළ ගිහින්
(24.04.2018 – 16:49 +0530 – sinhala.adaderana.lk)

භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර කල් පිරුණු පසු මුදල් ගෙවීම, ශ්‍රී ලංකා මහබැංකුව පැහැර හැර ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

එහි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා මේ බව කියා සිටියේ කොළඹ අද (24) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ නව දේශීය ආදායම් පනත හේතුවෙන් රටේම බදු බර ඉහළ ගොස් ඇති බවයි.

පසුගිය රජය සමයේ රැඳවුම් බදු නොතිබුණු බවත්, මේ ආණ්ඩුව විසින් රට තුළම බදු බර හා කුලිය ඉහළ දමා ඇති බවද ඒ මහතා කියා සිටියේය.

බදු ඉහළ ගොස් ඇත්තේ ඉහළ ආදායම් ලබන පිරිසට පමණක් යැයි ප්‍රකාශ කළද එය එසේ නොවන බවත්, පොඩි මිනිසාගේ සිට බදු බර ඉහළ ගොස් ඇති බවත් ඔහු පැවසීය.

එමෙන්ම මේ අවස්ථාවට එක් වූ ෂෙහාන් සේමසිංහ මහතා කියා සිටියේ රට තුළ සිටින ගොවි ජනතාවගේ ජීවිතවල හෙට දවස අවිනිශ්චිත වී ඇති බවයි.

මේ ආණ්ඩුව බලයට පත් වූ පසුව වී ගොවි තැනට ලැබුණු පහසුකම් සියල්ලද නොලැබුණු බව ඒ මහතා කියා සිටියේය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *