මාර්ග ආරක්ෂාව පිළීබඳ ජාතික සභාවේ සභාපතිවරයා ත‍්‍රීරෝද රථ මීටර් සමාගමක් ප‍්‍රවර්ධනයේ…

(25.04.2018 – 12:40 +0530 – lankacnews.com)

මාර්ග ආරක්ෂාව පිළීබඳ ජාතික සභාවේ සභාපතිවරයා වහා ඉවත් කරන්නැයි පාරිභෝගික අයිතීන් පිළීබඳ ජාතික ව්‍යාපාරය ඉල්ලා සිටී.

මෙම ඉල්ලීම කරමින් විෂය බාර ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා වෙත යොමු කර ඇති ලිපිය මෙසේය :

නිමල් සිරිපාල ද සිල්වා මහතා,
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමත්‍යාංශය
බත්තරමුල්ල.

අමාත්‍යතුමනි,

මාර්ග ආරක්ෂාව පිලිබද ජාතික සභාවේ සභාපතිවරයා වහා ඉවත් කරන්න

1998 අංක 5 දරණ මොටර් වාහන සංශෝධන පනත මගින් ප්‍රවාහන අමාත්‍යාංශය ය‍ටතේ මාර්ග ආරක්ෂාව පිළීබඳ ජාතික සභාව පිහිට වූ අතර උක්ත පනතට අනුව මාර්ග ආරක්ෂාව පිළීබඳ ජාතික සභාවේ කාර්යභාරය වන්නේ

1. හඳුනා නොගත් වාහන වලින් අනතුරට පත් තැනැත්තන්ට වන්දි ගෙවීම.
2. මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ව්‍යාපෘති සකස් කිරීම සහ ක්‍රියාවට නැන්වීම.
3. රාජ්‍ය රාජ්‍ය නොවන සංවිධාන තුළ මාර්ග ආරක‍්ෂාව හා සම්බන්ධිත කාර්යය සම්බන්ධීකරණය කිරීම.
4. මාර්ග ආරක්ෂාව පිළීබඳ කටයුතු සඳහා මුල්‍යමය හා වෙනත් සහය ලබා දීම.
5. මාර්ග ආරක්ෂාව හා ‍ සම්බන්ධිත ප්‍රතිපත්ති සහ ව්‍යාපෘති පිළිබඳ රජයට උපදෙස් දීම.
6. සමාන ජාත්‍යන්තර ආයතන සමඟ සම්බන්ධතා පැවැත්වීම සහ පළපුරුද්ද පිළිබඳ දැනුම හුවමාරු කර ගැනීම.
7. සම්බන්ධිත විෂයයන් පිළිබඳ තොරතුරු රැස්කිරීම,පර්යේෂණ පැවැත්වීම සහ ක්ෂේත්‍ර පරීක්ෂණ පැවැත්වීම.
8. මාර්ග ආරක්ෂාව පිළිබඳ දත්ත ගබඩාවක් පවත්වාගෙන යාම
9. මාර්ග ආරක්ෂාව විෂයයට අදාල පොත්පත් සහිත පුස්ථකාලයක් පවත්වාගෙන යාම.

අද වන විට රිය අනතුරුවලින් විශාල පිරිසක් දෛනිකව මිය යන අතර 1998 අංක 5 දරණ මොටර් වාහන සංශෝධන පනත හදුන්වා දීමේ අරමුණු සාක්ෂාත් කරගැනීම සදහා මාර්ග ආරක්ෂාව පිළීබඳ ජාතික සභාව කටයුතු කලේ නම් එම අනතුරු යම් ප්‍රමාණයකින් හෝ අඩු කරගැනීමට හැකියාව තිබුණි.

එහෙත් මාර්ග ආරක්ෂාව පිළීබඳ ජාතික සභාවේ වර්තමාන සභාපතිවරයා මාර්ග ආරක්ෂාව පිළීබඳ ජාතික සභාවේ විෂය පථයට නොගැනෙන හා ඔබ විසින් ඔහු වෙත පවරා නොමැති විෂයක් වන ත්‍රි රෝද සදහා මීටර් සවිකිරීම අනිවාර්යය කිරීම සදහා වන නීති පැනවීම වැනි කටයුතු වල නිරත වී සිටී. එසේ කිරීම මගින් ඔහු සමාජ අපවාදයකටද ලක්ව ඇත.

අප සංවිධානයට පෙනී යන්නේ ආරක්ෂාව පිළීබඳ ජාතික සභාවේ වර්තමාන සභාපතිවරයා දේශීය ත්‍රිරෝද රථ මීටර් සමාගමක් ප්‍රවර්ධනය කිරීමට උත්සහ කරන බවයි. ඔහු 2018/04/19 දින පුවත්පතකට කරන ලද ප්‍රකාශයෙන් එය මනාව පැහැදිලිවේ. එහිදී ඔහු සදහන් කරන්නේ රුපියල් 10000/= කට ත්‍රිරෝද රථ මීටරයක් මිලදී ගත හැකිබවයි. එහෙත් රුපියල් 6000/= මුදලකට අලෙවිවන ත්‍රිරෝද රථ මීටර ද වෙලදපොලේ මිලදී ගැනීමට ඇත.

මාර්ග ආරක්ෂාව පිළීබඳ ජාතික සභාවේ වර්තමාන සභාපතිවරයා මාර්ග ආරක්ෂාව පිළීබඳ ජාතික සභාවේ විෂය පථයට නොගැනෙන කාර්යයන් ඉටුකරන්නේ ඔහුට ඇති මූල්‍ය වාසියකට ද නැතිනම් නම් ඔහුට වැළදී ඇති උග්‍ර මානසික රෝගයක් නිසාද යන්න අප නොදනී.

කෙසේ වෙතත් විෂය භාර ඇමතිවරයා වන අප ඔබෙන් ඉල්ලා සිටින්නේ

1. මාර්ග ආරක්ෂාව පිළීබඳ ජාතික සභාවේ වර්තමාන සභාපතිවරයා මාර්ග ආරක්ෂාව පිළීබඳ ජාතික සභාවේ විෂය පථයට නොගැනෙන කාර්යයන් ඉටු කරන්නේ ඇයිද? යන්න පිළිබදව නිසි විමර්ෂනයන් සිදු කරන ලෙස හා

2. 1998 අංක 5 දරණ මොටර් වාහන සංශෝධන පනත මගින් ප්‍රවාහන අමාත්‍යාංශය ය‍ටතේ මාර්ග ආරක්ෂාව පිළීබඳ ජාතික සභාව පිහිට වූ අරමුණු සාක්ෂාත් කරගනිමින් මෙරට මාර්ග අනතුරු අඩු කර ගැනීම සදහා කටයුතු කල හැකි මානසික රෝගියෙකු නොවන සුදුසුකම් ඇති පුද්ගලයෙකු මාර්ග ආරක්ෂාව පිළීබඳ ජාතික සභාවේ සභාපතිවරයා ලෙස පත්කරන ලෙසත්ය.

රංජිත් විතානගේ –
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

********************************************

Mexican ‘cowboy’ stops armed robbery in Monterrey, Mexico
(25.04.2018 – bbc.com)

After a man walked in carrying a gun, it fell to one cowboy hat wearing man to stop him.

http://www.bbc.com/news/av/embed/p0659rk5/43892999

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *