හම්බන්තොට වරාය සමග ගොඩින් අක්කර 2535 ක්, මුහුදෙන් අක්කර 435 ක් චීනයට…. අලුත්ම ගැසට් නිවේදනය මෙන්න….

(27.09.2017 – 10:00 +0530 – lankacnews.com)

හම්බන්තොට වරාය චීනයට පවරා දීම සදහා වන ගිවිසුමේ තවත් පියවරක් වශයෙන් අදාල ඉඩම් හදුනා ගැනීමේ ගැසට් නිවේදනයක් 2017.09.25 දින නිකුත් කර තිබේ.

මේ නිවේදනය මගින් භූමියේ අක්කර 2535 ක ප්‍රමාණයක් ද සාගරයෙන් අක්කර 435 ක ප්‍රමාණයක් ද හදුනාගෙන ඒ ප්‍රමාණය වරාය අධිකාරියට අයත් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

ගිවිසුමට අනුව වරාය අධිකාරිය විසින් චීන සමාගමට ඉඩම් ලබාදීමට පෙර ඒවා වරාය අධිකාරියට අයත් විය යුතුය.

කෙසේ වෙතත් දැනට අත්සන් කර ඇති ගිවිසුම් සම්බන්ධයෙන් මේ වවන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කිහිපයක් ගොනුකර ඇති අතර එම නඩු සදහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වීමට ජනාධිපති නීතීඥවරු ඇතුළු නීතීඥ කණ්ඩායමක් ද සූදානම්ව සිටිති.

2017-09-25 දින අංක 2038/15 දරණ අති විශෙෂ ගැසට් පත්‍රය :
(සිංහල
/ English) (pdf files)

http://documents.gov.lk/files/egz/2017/9/2038-15_S.pdf

http://documents.gov.lk/files/egz/2017/9/2038-15_E.pdf

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *