වියානා ඇළට ගිය රථය හඳුනා ගනියි – රියදුරු සොයා ජිවිතාරක්ෂක ඒකකය හා ප්‍රදේශවාසීන් මෙහෙයුමක

(26.04.2018 – 12:33 +0530 – sinhala.adaderana.lk)

බදුල්ල-මහියංගන ප්‍රධාන මාර්ගයේ ගමන් ගත් ජිප් රථයක් අද (26) උදෑසන 4.30 ත් 5 ත් අතර කාලයේ දී එම මාර්ගය අතරතුර පිහිටි වියානා ඇළට පෙරළී අනතුරට ලක්වු අතර එහි සිටි රියදුරුවරයා මෙතෙක් හමු වී නැතැයි පොලීසිය පවසයි.

හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34 ක් වු ප්‍රභාත් විතානගේ නැමති විවාහක පුද්ගලයෙකු විසින් මෙම රථය පදවා ඇතැයි පොලීසිය සඳහන් කරයි.

ඔහු පෞද්ගලික උපකාරක පංති ගුරුවරයෙකු ද වන බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් මෙම පුද්ගලයා අද අළුයම 2 ට පමණ කතරගම යන බව නිවැසියන්ට පවසා ජිප් රථයෙන් පැමිණ ඇති බවට පොලීසිය සිදුකල විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඔහු මෙතෙක් හමුවී නොමැති අතර, පොලිස් ජීවිතාරක්ෂක ඒකකය හා ප්‍රදේශවාසීන් තව දුරටත් මෙහෙයුම් සිදු කරන බව ද පොලීසිය පවසයි.

එම මාර්ගයේ සටහන්ව ඇති 08 කණුව ප්‍රදේශයේදී මෙම රථය මහවැලි ඇළට වැටී ඇති බව වාර්තා වෙයි.

ඇළ මාර්ගයට පෙරළී ගිය ජිප් රථය පෙරළී ගිය ස්ථානයට මීටර් කීපයක් පහළින් පොලීසිය හා ප්‍රදේශවාසීන් එක්ව අද උදෑසන ගොඩ ගෙන තිබේ.

අනතුරට පත් ජිප් රථය ගොඩ ගනු ලැබූවත් එහි ගමන් ගත් පුද්ගලයින්ට සිදුවූවේ කුමක් දැයි යන්න තෙක් අණාවරණය වී නොතිබුණු අතර පොලීසිය විසින් සිදු කරනු ලැබු පරීක්ෂණවලින් අදාළ පුද්ගලයා පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ.

අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මහියංගන පොලීසිය විසින් සිදු කරයි.

+++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++

———————————

———————————

++++++++++++++++++++++++++++++++

වියානි ඇළට පෙරලුණු ජීප් රථයේ සිට අතුරුදන්වූ උපකාරක පංති ගුරුවරයා හමුවෙයි
(28.04.2018 – 11:44 +0530 – hirunews.lk/sinhala)

මහියංගනය – මාපාකඩවැව – 17 කණුව අසලදී වියානි ඇළට පෙරලුණු සුඛෝපභෝගී ජීප් රථයේ සිට අතුරුදන් වූ උපකාරක පන්ති ගුරුවරයා අද (28) උදෑසන මහියංගනය පොලීසියට භාර වී තිබෙනවා.

මහියංගනය පොලීසියේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගනිමින් සිටින බවයි.

අදාළ ගුරුවරයාගේ ජංගම දුරකථනය ක්‍රියාත්මක වී ඇති බවට ලද තොරතුරු සම්බන්ධයෙන් පොලීසිය ඊයේ (27) සිට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබුණා.

ඔලුවිල් නාවික හමුදා කදවුරේ නිළධාරීන් සහ පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් එක්ව ඔහු සොයා ඊයේ (27) දිනයේදී ද මෙහෙයුම් දියත් කළා.

එහෙත් අද (28) අලුයම් කාලය වන තුරුම ඔහු පිළිබද හෝඩුවාවක් ලැබී තිබුණේ නැහැ.

කෙසේ වෙතත්, ඔහු අද උදෑසන මහියංගනය පොලීසියට පැමිණ භාර වී තිබුණා.

පෙරේදා අලුයම වියානි ඇළට පෙරළුණ මෙම සුඛෝපභෝගී රථයේ ගමන් ගෙන තිබුණේ හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි ප්‍රභාත් විතානගේ නමැති උපකාරක පන්ති ගුරුවරයෙක්.

ඔහු නිවැසියන්ට පවසා තිබුණේ තමා කතරගම වන්දනා චාරිකාවක් සඳහා පිටත්ව යන බවයි ෴

+++++++++++++++++++++++++++++++

වියානා ඇලට වැටුනු මෝටර් රථය හිමි උපකාරක පංති ගුරුවරයා අත්අඩංගුවට
(28.04.2018 – 20:16 +0530 – hirunews.lk/sinhala)

වියානා ඇලට පෙරලී තිබූ මෝටර් රථයේ හිමිකරු වන උපකාර පංති ගුරුවරයා පොලිස් අත්ඩඅඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඔහු අද පොලිසියට භාරවීමෙන් අනතුරුව සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් පසුවයි.

මොහු අද (28) උදෑසන 11 ට පමණ මහියංගනය පොලීසියට භාර වුණා.

මහියංගනය – මාපාකඩවැව – 17 කණුව ප්‍රදේශයෙන් අදාළ ජීප් රථය වියානි ඇළට පෙරලී තිබුණේ පසුගිය 26 වනදායි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *