වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණෙන් ඇමති මලික්ට අභියේගයක්

(26.04.2018 – 19:05 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකාව සහ සිංප්පූරුව අතර අත්සන් තබා ඇති නිදහස් භාණ්ඩ හා සේවා ගිවිසුමෙන් රටට ලැබෙන වාසිය කුමක්දැයි පැහැදිළි කරන ලෙස වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාට අභියෝග කරයි.

අද (26) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එම පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාව සහ සිංප්පූරුව අතර අත්සන් තබා ඇති නිදහස් භාණ්ඩ හා සේවා ගිවිසුමේ ඇති භාණ්ඩ ලයිස්තුව දැනටමත් ශ්‍රී ලංකාව හා අනෙකුත් රටවල්වලට බදු සහන ලැබෙන භාණ්ඩ ලයිස්තුවක් බව එතුමන් ප්‍රකාශ කළේය.

මෙලෙස මහජනතාව හා ව්‍යාපාරිකයන් රවටන්නේ ඇයි දැයි තමන් ප්‍රශ්න කරන බව එතුමන් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

**************************************

දරුවන් මරණවා යැයි කියා ලක්ෂ 30 ක කප්පම් ඉල්ලු දෙන්නෙක් අත්අඩංගුවට
(26.04.2018 – 12:34 +0530 – lankadeepa.lk)

පොලොන්නරුව, බැඳිවැව ප්‍රදේශයේ පදිංචි සහල් මෝල් හිමියෙකුගේ දරුවන් දෙදෙනා පැහැරගෙන ගොස් මරා දමන බවට සහල් මෝල් හිමියාට දුරකථන ඇමතුම් මඟින් තර්ජනය කර රුපියල් ලක්ෂ 30 ක කප්පම් මුදලක් ඉල්ලා සිටි තරුණයෝ දෙදෙනෙක් අද (26) අලුයම අත් අඩංගුවට ගත් බව පොලොන්නරුව කොට්ඨාස පොලිස් අපරාධ විමර්ශන අංශය කියයි.

අවුරුදු 25 සහ 29 යන වයස්වල පසුවන සැකකරුවන් බැඳිවැව සහ හබරණ යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

එක් සැකකරුවෙකු දුරකථන සමාගමක සිම් කාඩ්පත් අලෙවි කිරීමේ ව්‍යපාරයක නිරත අයෙකු බවත් ඔහු වෙනත් අයට සිම්කාඩ්පත් අලෙවි කිරීමේදී ලබා ගත් ජාතික හැඳුනුම්පත් අංක උපයෝගී කරගෙන වෙනත් ජංගම දුරකථන සමාගමකට අයත් සිම්පත් මිළදී ගෙන ඒවා භාවිතා කොට කප්පම් ඉල්ලීම සඳහා දුරකථන ඇමතුම් ලබා ගෙන තිබෙන බව පොලීසිය සිදුකළ විමර්ශනවලදී හෙළිවී තිබේ.

අනෙක් සැකකරු හබරණ නගරයට නුදුරු පදිංචිකරුවෙකු බවත් ඔහු සම්බාහන මධ්‍යස්ථානයක සේවය කළ අයෙකු බව හෙළිවී තිබේ.

මොවුන් විසින් මීට පෙරද ව්‍යාපාරිකයාට තර්ජනය කර කප්පම් මුදල් ලබාගෙන ඇත්ද යන්න සොයා බලන බව විමර්ශන කටයුතු සිදු කරන පොලිස් නිලධාරිහු පැවසූහ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *