මෙවරත් වෙසක් පොහොයට තොරණ රැසක් දිවයින පුරා ප්‍රදර්ශනය කරයි

(28.04.2018 – 13:11 +0530 – sinhala.adaderana.lk)

වෙසක් පුන් පොහොය නිමිති කරගනිමින් දිවයින පුරා තොරණ රැසක් ප්‍රදර්ශනය කිරිමට නියමිතව තිබේ.

ඒ අනුව ගොඩගම එක්සත් වෙළද සංගමය 8 වන වරටත් ඉදිරිපත් කරන වෙසක් තොරණ මෙවරත් ප්‍රදර්ශනය කෙරෙන අතර එහි නිරූපනය වන්නේ මහා භද්‍ර කල්පයයි.‍

හෝමාගම එක්සත් වෙළද සංගමය 24 වන වරටත් ඉදිරිපත් කරන කුණ්ඩල කේශි චරිතාප්‍රදානය නිරෑපනය කරන වෙසක් තොරණ මෙවරත් ප්‍රදර්ශනය කෙරෙයි.

මේ අතර ජීවක අඹ වනයේ සුභා භික්ෂුනියගේ කථා වස්තුව නිරූපනය කෙරෙන තොරණ මෙවර ඉදිරිපත් කරනු ලබන්නේ මහරගම වෙළද සංගමයයි.

කොට්ටාව බස් නැවතුම්පලේ වෙසක් තොරණද මෙවරත් ප්‍රදර්ශනය කිරීමට නියමිතය.

මාළඹේ එක්සත් වෙළද සංගමය 10 වන වරටත් ඉදිරිපත් කරන වෙසක් තොරණ මෙවරත් ප්‍රදර්ශනය කරන අතර එහි නිරූපනය වන්නේ කිසාගෝතමී චරිතාප්‍රදානයයි.

දයා සමූහ ව්‍යාපාරය 14 වන වරටත් ඉදිරිපත් කරන වෙසක් තොරණ මෙවර පැපිලියානේදි ප්‍රදර්ශනය කෙරෙයි.

පිටකොටුව බෝධිරාජාරාම එක්සත් සමිතිය 24 වන වරටත් ඉදිරිපත් කරන තොරණේ මෙවර නිරූපනය වන්නේ ශ්‍රි සිද්ධාර්ථ ගෞතම චරිතාප්‍රදානයයි.

කොටුව , මැනිං වෙළදපලේ පරිශ්‍රෙය්දිද වෙසක් තොරණ ප්‍රදර්ශනය කිරීමට නියමිතය.

වැලිකඩ – රාජගිරිය එක්සත් වෙළද සංගමය 10 වන වරටත් ඉදිරිපත් කරන වෙසක් තොරණ මෙවරත් ප්‍රදර්ශනය කෙරෙන අතර එහි නිරූපනය වන්නේ මහා මයුර ජාතකයයි.

දෙමටගොඩ එක්සත් වෙළද සංගමය 44 වන වරටත් සංවිධාන කරන වෙසක් තොරණේ මෙවර නිරූපනය වන්නේ කාලි යක්ෂණියගේ කතා වස්තුවයි.

මේ අතර මහනුවර වෙළද ව්‍යාපාරිකයින් ඉදිරිපත් කරන වෙසක් තොරණ මෙවරත් මහනුවර මධ්‍යම වෙළදපල ඉදිරිපිට ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *