තේ අර්බුදය විසදන්න, ජපානය වෙත රාජ්‍ය තාන්ත්‍රික ඉල්ලීමක්

(28.04.2018 – 12:54 +0530 – hirunews.lk/sinhala)

ජපානයට අපනයනය කරන මෙරට තේ සම්බන්ධයෙන් හටගෙන ඇති ගැටළුකාරී තත්ත්වය පිළිබඳව ජපාන රජයෙන් රාජතාන්ත්‍රික ඉල්ලීමක් සිදුකිරීමට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය අපේක්ෂා කරනවා.

මෙරට තේවල අඩංගු එම්.සී.පී.ඒ. නැමති රසායනිකයේ අවම අවශේෂ අගය සංශෝධනය කරන ලෙස එම ඉල්ලීම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි ශ්‍රී ලංකා තේ පර්යේෂණායතනයේ සභාපති ජයන්ත ගවරම්මාන මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන්කළේ.

ඊට අදාළව ලබන 1 වනදා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් සිදුකරන බවද සභාපතිවරයා කියා සිටියා.

ප්‍රමිතියට වඩා වැඩි රසායනික ද්‍රව්‍ය ප්‍රමාණයක් අඩංගුවීම හේතුවෙන් මෙරටින් අපනයනය කළ රුපියල් බිලියනයක පමණ වටිනාකමක් සහිත තේ තොගයක් ප්‍රතික්ෂේප කිරීමට ජපානය කටයුතු කර තිබුණා.

ඒ, එරට ප්‍රමිතීන් ඉක්මවා එම්.සී.පී.ඒ. රසායනිකය ශ්‍රී ලංකා තේවල අඩංගුවීම හේතුවෙන්.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර තීරණයක් ගන්නා බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා ද සඳහන් කළා ෴

**************************************

අදත් උණුසුම් වූ ETI ආයතනය
(28.04.2018 – 18:59 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – වෝඩ් පෙදෙසේ පිහිටි ඊ.ටී.අයි ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අදත් නොසන්සුන් තත්ත්වයක් හට ගත්තා.

ඒ ඊ.ටී.අයි ආයතනය විසින් කරන ලද දැනුම්දීමකට අනුව දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට තැන්පත්කරුවන් පැමිණීමත් සමගයි.

කෙසේ වෙතත්, ඒ අවස්ථාවේ අදාළ ආයතන වසා දමා ඇති ආකාරය තමන්ට දැක ගන්නට හැකිවූ බවයි තැන්පත්කරුවන් ප්‍රකාශ කළේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *