යාපනයේ ඉතිරි වී ඇති එකම සිංහල ගම්මානයේ පන්සලේ වෙසක් උත්සවය ජයටම..!

(29.04.2018 – News e Lanka)

යාපනයේ නාවක්කුලිය ශ්‍රී සමිද්ධි සුමන බෞද්ධාරාමයේදී මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් විශාල පිරිසක් සිල් සමාදන් වී සිටි අතර ව්‍යංජන 108 ක බුද්ධ පූජාවක් හා මහා සාංඝික දානයක් ඇතුළුව තවත් වැඩ සටහන් ගණනාවක්ම එහි වෙසක් උත්සවය වෙණුවෙන් සංවිධානය කොට තිබුණි.

යාපනයේ දැනට පවතින හා ඉතිරි වී ඇති එකම සිංහල ගම්මානය නාවක්කුලිය ගම්මානය වන අතර එහි බෞද්ධ විහාරස්ථානයක් ඉදිකිරීමට එරෙහිව චාවාකච්චේරිය ප්‍රාදේශීය සභාව විසින් චාවාකච්චෙරිය දිසා අධිකරණයේදී නඩුවක් ගොණුකොට තිබුණි.

මෙම නඩුව විභාග කළ දෙමළ ජාතික විනිසුරුවරියක් වූ ශ්‍රී නිධි නන්දසේකරන් මහත්මිය විත්තිකරුවන් වශයෙන් නඩුවට වැඩම කොට සිටි භික්ෂූන්වහන්සේට අසුන් වලට සුදු රෙදි දමන ලෙසත්, ගිලන් පස පූජා කරණ ලෙසත් අධිකරණ සේවකයින්ට දැණුම් දී නඩු තීන්දුව ලබා දීමේදී මෙම විහාරස්ථානයේ ඉදිකිරීම් නීත්‍යානුකූල බවත් හැකි ඉක්මනින් එම ඉදිකිරීම් අවසන් කොට විහාරස්ථානය දියුණු කරණ ලෙසත් නියෝග කොට භික්ෂූන්වහන්සේලා නඩුවෙන් නිදහස් කරණ ලදී.

එම විහාරස්ථානයේ මෙවර ඉතා අති උත්කර්ෂවත් අන්දමින් වෙසක් උළෙල පැවැත්විණි.

– දිනසේන රතුගමගේ විසිනි

**************************************

කන්තලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ පාරාදීසයක් වෙලා; මත්ද්‍රව්‍ය ගෙන්වන්නේ පොලිසියේ 3 ක් හා භාතියගම පන්සලේ සිවුරුකාරයෙක්..!
(29.04.2018 – News e Lanka)

මෑතක සිට මත්ද්‍රව්‍ය උවදුර කන්තලේ ප්‍රදේශය පුරා වසංගතයක් සේ පැතිර යමින් තිබේ. මත්කුඩු මිළදී ගැනීමට මුදල් නොමැතිව විසි නව හැවිරිදි පුද්ගලයෙකු සතියකට පෙර ගෙල වැළලාගෙන මිය ගියේය. කන්තලේ මූලික රෝහලේ සේවය කරන සෞඛ්‍ය කම්කරුවන් සිවු දෙනෙකු මත් කුඩු උරන අයුරු කීප දෙනෙකු විසින් දැක ඇත. මත් ද්‍රව්‍ය බෙදා හැරීම සිදුකරනු ලබන්නේ කුඩා ලොරි රථ, යතුරු පැදි, පාපැදි, ආදියෙන් එලවළු, මාළු, පළතුරු සහ කෑම වර්ග අළෙවි කරන සමහර පුද්ගලයින් බව ජනතාව කියති. සොහොන්පිටි, පාළු ඉඩම් සහ බෝක්කු මත් ලෝලීන්ගේ පාරාදීස වී ඇති බවද ඔවුහු පෙන්වා දෙති.

කන්තලේ පොලීසියට අනුයුක්තව රාජකාරි කරන පොලිස් නිළධාරීන් තිදෙනෙකු සහ භාතියගම ප්‍රදේශයේ පන්සලක පදිංචි චීවරධාරියෙකු කොළඹ සිට කන්තලේට මත්කුඩු, මත් පෙති සහ ගංජා ප්‍රවාහනය කොට බෙදාහරින බවට ‘නිව්ස් ඊ ලංකා’ වෙත තොරතුරු ලැබී තිබේ. කන්තලේ පොලීසිය මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන් ආරක්ෂා කරන බවට කන්තලේ ප්‍රාදේශීය සභාවේ සභාපති සමන් ඒකනායක මහතා සෘජුවම චෝදනා කරයි.

– ‘නිව්ස් ඊ ලංකා’ වාර්තාකරු විසිනි

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *