බිංගිරියේ රාජ්‍ය වෙසක් උත්සවයට හොර රහසේම බේබදු ඥානසාර බණ කියන්න ගෙන්වයි

බිංගිරියේ රාජ්‍ය වෙසක් උත්සවයට හොර රහසේම බේබදු ඥානසාර බණ කියන්න ගෙන්වයි; රූපවාහිනී සජීවී විකාශය අත් හිටුවයි; මේ සිද්ධියේ කුමන්ත්‍රණකරුවා කව්ද?
(30.04.2018 – News e Lanka)

රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව වෙසක් පුර පෝ දා ජනාධිපතිවරයා, බුද්ධශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා, දයා ගමගේ ඇතුළු මැති ඇමැතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල බිංගිරිය දේවගිරි රජමහා විහාරයේ සංවිධානය කර තිබූ පුන්‍යෝත්සවයට කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව ගලගොඩ අත්තේ ඥානසාර නමැති ජාතිවාදී බේබදු මැර සිවුරුකරුවා කැඳවා ධර්ම දේශනයක් සැලසුම් කළ කුමන්ත්‍රණ කරුවන් කවුරුන්දැයි වහාම රටේ ශිෂ්ඨ සම්පන්න බෞද්ධයන් වෙත හෙළි කළ යුතුව ඇතැයි බෞද්ධ නායක කාරකාදීහු පවසති.

මෙම වැඩ සටහන ජාතික රූපවාහිනිය මගින් සජීවී ලෙස විකාශය කරමින් සිටියදී හදිසියේම ධර්ම දේශනයට ඥාණසාර කඩා වැදීම නිසා රූපවාහිනී කාර්ය මණ්ඩලය අන්දුන්කුන්දුන්ව ගොස් බලධාරීන්ගෙන් උපදෙස් පතා තිබේ. බලධාරීන් ජනමාධ්‍ය ඇමැතිවරයාගෙන් උපදෙස් පතා ඇති අතර මේ මැරයා ජාතිවාදය ඇවිස්සෙන අයුරින් කුමන ප්‍රකාශයක් කරයිදැයි නොදන්නා බැවින් වහාම සජීවී විකාශය අත්හිටුවන්නැයි දැනුම් දී තිබේ. ඒ අනුව සජීවී විකාශය නවත්වා ඇත.

රූපවාහිනී බලධාරීන් පවසන්නේ මෙකී සජීවී විකාශයට පෙර බුද්ධ ශාසන අමාත්‍යාංශයේ සංවිධායකවරුන් අතර සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති නමුත් ඒ එකක දී හෝ ඥාණසාර රාජ්‍ය වෙසක් උත්සවයේ බණ කියන්නට එන බවක් දන්වා නැති අතර බණ දේශනය පැවැත්වීමට නියමිතව හිඳ ඇත්තේ වෙනත් භික්ෂුවකි.

ගලගොඩඅත්තේ ඥානසාර යනු මේ වන විටත් අධිකරණයේ විභාග වන නඩු 7-8 ක චුදිතයෙකි. ඒ අතර අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් ද වේ. මොහු බීමත්ව බලපත්‍ර නොමැතිව ලොරියක් පදවා අනතුරක් සිදුකොට පලා යද්දී අත් අඩංගුවට ගෙන අධිකරණයේ නඩු පැවරූ කල එහිදී වරද පිළිගෙන රුපියල් 15000 ක දඩ ගැසුම්ද කා සිටින අශ්ලීල කමින් අගතැන්පත් නරුම සිවුරුකාරයෙකි. බේරුවල මහා මුස්ලිම් ප්‍රහාරයේ ප්‍රධාන වගඋත්තර කරුවාද වන මොහු පසුගියදා මහනුවර ගැටුම් වලටද මුල් වූවෙකි. එවැනි ගන්ඳස්සාර ජාතිවාදියෙකු ජනාධිපතිවරයා විසින් ජපානයට කැටිව යෑම ගැනද බරපතල චෝදනා එල්ල විය. ජනාධිපතිවරයාගෙන් ලන්ඩනයේ දී ඒ ගැන ප්‍රශ්න කළ විට ප්‍රශ්නයට උත්තර නොදුන් ජනාධිපති කෝප වී සාකච්ඡාවෙන් ඉවත්ව යන බවට තර්ජනය ද කෙළේය.

යහපාලන යැයි කියා ගන්නා වත්මන් ද්විත්ව ආණ්ඩුවේ ජනාධිපතිගේ පාර්ශවය ඥාණසාර වැනි අමු ජාතිවාදීන් සමග විලි ලැජ්ජා නැතිව ලගින බව නොරහසක් නමුත් බුද්ධ ශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා වැන්නෙකුගේ අමාත්‍යාංශයක් මගින් මෙහෙයවන මෙවැනි රාජ්‍ය වැඩ සටහනකට මෙකී ජාතිවාදී අශ්ලීල සිවුරුකරුවා බණ කීම සඳහා ගෙන්වා ගැනීම බරපතල කාරණයකි.

ආණ්ඩුවේ එජාපෙ පාර්ශවයද හාවුන් සමග නිදන අතරේ බල්ලන් සමග දඩයමේ ද යයි නම් එවැනි කුමන්ත්‍රණකාරීන් සමග යහපාලනප්‍රේමීන්ට ගමනක් තිබිය නොහැකි ය. එබැවින් මෙම කුමන්ත්‍රණයේ සැබෑ අධ්‍යක්ෂක වරුන් කවුරුන්දැයි හෙළි කිරීම ගාමිණී ජයවික්‍රම පෙරේරා සතු අත්හළ නොහැකි වගකීමකි ෴

*******************************************

සාමාන්‍ය පෙළ අයදුම්පත් භාර ගැනීම 15 වනදායින් අවසන්
(01.04.2018 – 14:24 +0530 – hirunews.lk/sinhala)

දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගයට අදාළ අයදුම්පත් භාර ගැනීම මේ මස 15 වනදායින් අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඊට අදාළ අයදුම්පත් www.doenets.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකි වනවා.

එමෙන්ම, ප්‍රමාද වී ලැබෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කෙරෙන අතර, නියමිත දිනට හෝ එදිනට පෙර ලැබෙන සේ විභාග අයදුම්පත් යොමුකරන ලෙසයි විභාග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *