දෙවන හදවත් බද්ධ සැත්කම සාර්ථකයි

(27.09.2017 – 15:03 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ දෙවන හදවත් බද්ධ සැත්කම ඊයේ (26) රාත්‍රියේ මහනුවර ශික්ෂණ රෝහලේ දී සාර්ථකව සිදු කළ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා කියා සිටිනවා.

විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඊයේ (26) රාත්‍රී 8.00 සිට අද (27) අලුයම 5.00 දක්වා හෘද බද්ධ සැත්කම සිදු කළ බව සඳහන්.

මෙලෙස දෙවන සැත්කමට භාජනය කරනු ලැබුවේ හදවත 10% ක් තරම් වූ ක්‍රියාකාරිත්වයක් නොමැති අලුත්ගම කළුවාමෝදර පදිංචි 19 හැවිරිදි සචිනි සෙව්වන්දි නමැති දැරියක්.

මහනුවර ශික්ෂණ රෝහලේ දී පළමු හෘද බද්ධ සැත්කම සාර්ථකව සිදු කළේ මීට මාස 02 කට පමණ පෙරයි.

දෙවන හෘද බද්ධ සැත්කම සිදු කිරීමට යාමේ දී උපකරණ හිගයක් ඇති බව වෛද්‍යවරුන් සෞඛ්‍ය අමාත්‍යවරයාට දැනුම් දී තිබුනා.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යවරයා ත්‍රිකුණාමලය කින්නියා මුලික රෝහලට යවා තිබූ යන්ත්‍ර දෙකක් මහනුවර මහ රෝහලට යළි ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරින්ට දැනුම් දුන්නා.

නමුත් එම යන්ත්‍ර දෙක ප්‍රමාණවත් නොවන බව ප්‍රකාශ කිරීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් මහනුවර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයාට දැනුම් දී තිබුනේ එම යන්ත්‍ර අදාල සමාගමට දැනුම් දී කඩිනමින් රෝහලට ගෙන්වාගෙන හදවත් බද්ධ සැත්කම සිදු කරන ලෙසයි.

නමුත් පසුගිය සදුදා පෙරවරුවේ මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂවරයා ඇතුලු වෛද්‍යවරුන් කොළඹට කැදවා මේ පිළිබදව සෞඛ්‍ය අමාත්‍යවරයා විශේෂ සාකච්ඡාවක් කර තිබුනා.

ඉන් පසු අවශ්‍ය යන්ත්‍ර සුත්‍ර කඩිනමින් ගෙන්වාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා පියවර ගත් අතර. මෙම සාකච්ඡාවේ දී සියලුම විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රකාශ කළේ කණ්ඩායම් හැගීමෙන් යුතුව දෙවන හදවත් බද්ධ සැත්කම මහනුවර ශික්ෂණ රෝහලේ දී සිදු කරන බවයි.

මෙම හෘද බද්ධ සැත්කම සදහා විශේෂඥ වෛද්‍ය උදය කරුණාරත්න, විශේෂඥ වෛද්‍ය රවී විඡේකෝන්, වෛද්‍ය අනුර අබේසිංහ, විශේෂඥ වෛද්‍ය අනිල් අබේවික්‍රම, විශේෂඥ වෛද්‍ය මුදිත ලන්සක්කාර, විශේෂඥ වෛද්‍ය පී.කේ හරිස්චන්ද්‍ර, විශේෂඥ වෛද්‍ය එස්. සුබ්‍රමනියම්, විශේෂඥ වෛද්‍ය ජෙගති පෙරේරා , විශේෂඥ වෛද්‍ය අරුණි ජයසේකර, වෛද්‍ය පියන්ත දිසානායක, විශේෂඥ වෛද්‍ය රෝෂාන් පරණමාන, විශේෂඥ වෛද්‍ය දර්ම සමරකෝන්, වෛද්‍ය රෝහිත මුලුගල්ල, වෛද්‍ය මහේන් කොතලාවල ඇතුලු වෛද්‍යවරුන් හෙද හෙදියන් සෞඛ්‍ය කාර්ය මණ්ඩල දායක වූ බව මහනුවර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා ප්‍රකාශ කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය සෙනසුරාදා (23) හිරු නාලිකාව හරහා ප්‍රචාරය වූ පුවත පහතින් :

—————————–

———————————–

Another successful heart transplant in Kandy
(27.09.2017 – 16:39 +0530 – hirunews.lk/)

A group of medical specialists at the Kandy Teaching Hospital’s Cardiology and Cardiothoracic Unit has conducted the second successful heart transplant to be conducted in Sri Lanka.

The operation, which was started at around 8pm yesterday (26), concluded at 5am today.

The recipient of the heart was 19-year-old, Sachini Sewwandhi, a resident of Kaluwa Modera, Aluthgama.

The Director of Kandy Teaching Hospital, Dr. Samantha Ratnayake said Sewwandhi’s heart was functioning only 10% when specialists decided to conduct a heart transplant.

The group of doctors, led by Heart Specialist Dr. Anil Abeywickrema, conducted the surgery.

Dr. Ratnayake said it was the same group who conducted the country’s first ever heart transplant, two months ago, took part in this transplant operation also.

Sewwandhi’s father, Chaminda Mahesh Kumara, who is a driver by profession said his eldest daughter died 7 years ago due to a heart ailment.

According to him, Sewwandhi has been suffering from a heart ailment for the last six years and they did their utmost to secure her life.

Then they have decided to meet Dr. Ratnayake at the Kandy Teaching Hospital and he had referred Sewwandi to Heart Specialist, Dr. Anil Abeywickrema.

Sewwandhi’s mother, Priyanka Nilmini said she stayed at the hospital with her daughter since March this year, hoping that doctors would help them save their child.

She also expressed their gratitude to the parents of the youth who died at the hospital, for agreeing to donate the heart of the youth to be transplanted to Sewwandhi.

She is now kept at the ICU with close medical attention, the Director of the Kandy Teaching Hospital, Dr. Ratnayake said.

The donor was Nalinda Sakalasuriya, who had died in a road accident, at Haragama on 21st of this month.

His father told us, most of the organs of Nalinda were donated to be transplanted.

+++++++++++++++++++++++++++++++

නලින්දගේ හදවත සෙව්වන්දිට
(27.09.2017 – 19:43 +0530 – hirunews.lk/sinhala ඇසුරෙන්)

මහනුවර මහ රෝහලේ සිදු කළ දෙවන හෘද බද්ධ කිරීමේ සැත්කම ඉතා සාර්ථකව සිදුකළ බව මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කරනවා.

අද (27) දින මෙම සැත්කම සිදුකරනු ලැබුවේ කළුතර අලුත්ගම කලුවාමොදර ප්‍ර‍දේශයේ අවුරුදු දහනමයක් වයසැති සචිනි සෙව්වන්දි නැමැති තරුණියටයි.

මෙම සැත්කම පසුගිය විසි දෙවන දින සිදු කිරීම සඳහා පොළොන්නරුව ප්‍රදේශයේ රථ වාහන අනතුරකින් මියගිය අයෙකුගේ හදවත ලබාගෙන සිදුකිරීමට සූදානම් වුවත් සැත්කමට භාජනය කිරීමට නියමිතව සිටි තරුණියගේ හදවතේ හා පෙනහැල්ලේ ගැස්ම පරික්ෂා කිරීම සඳහා සුදුසු උපකරණයක් නොමැතිවීම නිසා කල් දැමීමට සිදුවුණා.

මේ පිළිබඳව අවධානය යොමු කළ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් අවශ්‍යය උපකරණ ලබා දීම අනුව නැවත මහනුවර තලාතුඔය කපුලියද්ද ප්‍රදේශයේ පදිංචිව සිටි 28 හැවිරිදි නලින්ද සකලසූරිය මහතා රිය අනතුරකට ලක්වීමෙන් මිය යාම නිසා ලබාගත් ඔහුගේ හදවත බද්ධ කිරීම ඊයේ (26) රාත්‍රියේදි සිදු කළා.

මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කලා මෙම ශල්‍යකර්මය ඉතා සාර්ථකව සිදු කළ බවත් දැනට රෝගී තරුණිය හොද ශරීර සෞඛ්‍යයෙන් සිටින බවත්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *