මදුරුවන්ගෙන් පැතිර යන දඹුල්ලේ පණු රෝගයට හේතුව සුනඛයන්

(27.09.2017 – 13:13 +0530 – hirunews.lk/sinhala)

දඹුල්ල ප්‍රදේශයේ ජනතාව අතර ශරීර අභ්‍යන්තරයේ ජීවත් වන මදුරුවන් මගින් පැතිර යන මෙම පණු විශේෂය සුනඛයන්ගෙන් බෝවන බවට අනාවරණය වී තිබෙනවා.

මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය ශාන්ති සමරසිංහ මහත්මිය හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ සුනඛයන් තුල සිටින මෙම පණු විශේෂය මදුරුවන් මගින් මිනිස් ශරීරයට ඇතුළු වන බවයි.

ශරීර අභ්‍යන්තරයේ ජීවත් වන පණු විශේෂයක් හේතුවෙන් දඹුල්ල සහ ඒ අවට ප්‍රදේශවල ජනතාව මේ වනවිට පීඩාවට සහ බියට පත්ව සිටිනවා.

දඹුල්ල මූලික රෝහලේ විශේෂඥ වෛද්‍ය අජිත් අර්ථනායක මහතා පවසන්නේ ගතවූ වසර ඇතුළත පුද්ගලයන් විසි දෙනෙකුගේ පමණ ශරීර අභ්‍යන්තරයේ ජීවත් වූ පණුවන් සැත්කම් මගින් ඉවත් කළ බවයි.

ශරීර අභ්‍යන්තරයේ විවිධ ස්ථානවල කෝෂ සාදාගෙන ජීවත්වන මෙම සුදු පැහැ පණුවන් විශේෂය අඟල් 3 ත්, 5 ත් අතර දිගින් යුක්ත බවට වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.

ඔවුන් සැක කරන්නේ ගෘහස්ථව ජීවත් වන සතුන්ගෙන් බොහෝවිට මෙම පණු විශේෂය ශරීරගත විය හැකි බවයි.

සම මතුපිට ගැටිති මතුවීමෙන් මෙම පණු විශේෂය හඳුනා ගැනීමේ හැකියාවක් පවතින නමුත් පණුවන් ශරීර අභ්‍යන්තරයේ ජීවත් වුවහොත් එක්වරම හඳුනා ගැනීමට නොහැකි තත්ත්වයක් පවතින බවට වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.

පණුවන්ගේ බලපෑමට වැඩි වශයෙන් ලක්ව ඇත්තේ කුඩා දරුවන් වන අතර, වැඩිහිටි පුද්ගලයන් කිහිප දෙනෙක්ද පණුවන් ශරීරගතව සිටියදී හමුව තිබෙනවා.

කෙසේ වෙතත්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මැදිහත්වීම සහ අදාළ රෝගය පැතිර යාම වැළැක්වීමට කටයුතු යොදා ඇති බවයි මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය ශාන්ති සමරසිංහ මහත්මිය වැඩිදුරටත් සදහන් කළේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *