ජවිපෙ ක්‍රියාකාරීත්වය ආණ්ඩුව සමගයි

(27.09.2017 – 19:20 +0530 – hirunews.lk/sinhala)

ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවේ අවශ්‍යතා මත කටයුතු කරන පක්ෂයක් බවට පත්ව ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රි ඉන්දික අනුරුද්ධ මහතා මේ බව කියා සිටියේ කොළඹ අද කැදවා තිබු මාධ්‍ය හමුවට එක්වෙමින්.

මෙරට ජාතික සම්පත් විකිණීම සහ බදුදීමේ ආණ්ඩුවේ ක්‍රියාවලියට එරෙහිව ලබන මස 06 වනදා හම්බන්තොට නගරයේදී විරෝධතාවක් සංවිධාන කර ඇති බවයි එම මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රි ඩී. වී. චානක මහතා ප්‍රකාශ කලේ.

**************************************

‘‘මෙන්න හොරා පැනල යනෝ.. හූ.. හූ..’’ – ආණ්ඩුවේ ඇමතිට ජනතාව හූ තියා පන්නා දමති.. තව පොඩ්ඩෙන් ගුටි..
(26.09.2017 – 09:20 +0530 – lankacnews.com)

මීරිගම සිට කුරුණෑගල දක්වා වූ මධ්‍ය අධිවේගයේ මාර්ග කොටස ඉදිකිරීම සම්බන්ධයෙන් වූ සාකච්චාවක් එම කොටසට මායිම් වන ජනතාව හා බලධාරීන් අතර ඊයේ පැවැත්වින.

ප‍්‍රවාහන නියෝජ්‍ය ඇමති අශෝක් අබේසිංහ මහතා සහ රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකු එම අවස්ථාවට සම්බන්ධ වූ අතර එහිදී ඉතා උණුසුම් තත්වයක් ඇති විය.

තත්වය පාලනය කිරීමට නොහැකි වීම නිසා නියෝජ්‍ය ඇමතිවරයා පොලිස් ආරක්‍ෂාව යටතේ එම ස්ථානයෙන් ඉවත් වූ අතර ජනතාව ‘‘මෙන්න හොරා යනෝ’’ යයි කියමින් හූ තැබූහ.

මුලින් කණු මත ඉදිකිරීම්ට සැලසුම් කර තිබූ මෙම මාර්ගය නව ආණ්ඩුව යටතේ පස් වුරවා ඉදිකිරීමට සූදානම් වීම ගැන ප‍්‍රදේශවාසීන් දැඩි විරෝධය පල කරති.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *