පොලිස් අත්අඩංගුවේ සිටි 12 හැවිරිදි දරුවා පොලීසියේදීම අපයෝජනය කරලා

(23.05.2018 – 17:46 +0530 – lankadeepa.lk)

වැලිඔය පොලිසිය අත්අඩංගුවේ සිටි තමා එදින රාත‍්‍රියේ සේවයේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකු විසින් බරපතල ලෙස අපයෝජනය කළ බවත් එම තත්වය නිසා තමන් දැඩි වේදනාකාරි තත්වයක පසු වන බවත් 12 හැවිරිදි පිරිමි දරුවකු උතුරු මැද පළාත් පරිවාස හා ළමා රක්ෂක දෙපාර්තමේන්තුවේ ළමා රැඳවුම් මධ්‍යස්ථානයේ පාලනාධිකාරියට සහ පරිවාස නිළධාරීන්ට ප‍්‍රකාශ කර තිබේ.

දරුවා තවදුරටත් පරිවාස බලධාරීන්ට පවසා ඇත්තේ තහඩු සොරකම් කිරීමේ චෝදනාවකට තමන් වැලිඔය පොලිසිය මගින් පසුගිය 8 දා අත් අඩංගුවට ගත් බවයි.

එසේ අත් අඩංගුවට ගෙන පසු දින (09) පදවිය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන තුරු තමා වැලිඔය පොලිසිය තුළ රදවා තබා ගත් බවද ප‍්‍රකාශ කර ඇති දරුවා එදින රාත‍්‍රියේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකු තමන් බරපතල ලෙස අපයෝජනය කළ බවද සදහන් කර ඇත.

තමන් අපයෝජනය කළ මෙම සිද්ධිය යමෙකුට කිව්වොත් වෙඩි තබා මරා දමන බවට තර්ජනය කරමින් බවද, දරුවා තවදුරටත් පරිවාස නිලධාරින්ට කියා ඇත.

දරුවා උතුරු මැද පළාත් පරිවාස දෙපාර්තමේන්තුවේ ළමා රැඳවුම් නිවාසයට යොමු කර ඇත්තේ කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත‍්‍රාත් මනෝජ් ප‍්‍රභාකරන් මහතා පසුගිය 9 දා පදවිය සංචාරක මහේස්ත‍්‍රාත් අධිකරණයේදී ලබා දුන් නියෝගයකට අනුවය.

පොලිස් නිලධාරියෙකු විසින් තමන් අපයෝජනය කරන ලද බව දරුවා පරිවාස නිලධාරින්ට පැවසීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන කටයුතු කටයුතු සඳහා පරිවාස නිලධාරීන් විසින් නොපමාව දරුවා අනුරාධපුර කොට්ටාස ළමා හා කාන්තා කාර්යංශයට බාර දී තිබේ.

පසුව අනුරාධපුර කොට්ඨාස බාර පොලිස් අධිකාරි තිලිණ හේවාපතිරණ මහතාගේ නියෝග මත අනුරාධපුර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරික්ෂිකා නිශානි සෙනවිරත්න මහත්මිය සිද්ධිය පිළිබඳව දරුවාගෙන් දීර්ඝව ප‍්‍රකාශ සටහන් කරගෙන තිබේ.

අනතුරුව දරුවා අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට ඉදිරිපත් කර ඇත.

වෛද්‍ය පරික්ෂණයේදී අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සනාථ කර ඇත්තේ 12 හැවිරිදි මෙම පිරිමි දරුවා බරපතල ලිංගික අපයෝජනයකට ලක් වී ඇති බවයි ෴

********************************************

07 වසරේ පාසල් දැරියන් 07 දෙනෙකු බරපතල ලිංගික අපයෝජන… ගණිත ගුරා අත්අඩංගුවට..
(24.05.2018 – 12:00 +0530 – lankacnews.com)

යාපනය තෙලිප්පලෙයි යුනියන් මහා විද්‍යාලයේ 07 වස ඉගෙනුම ලැබූ 12 හැවිරිදි දැරියන් 07 දෙනෙකු බරපතල ලිංගික අපයෝජනයට ලක් කල ගුරුවරයෙකු ඊයේ (23) තෙලිප්පලෙයි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

තෙලිප්පලෙයි යුනියන් මහාවිද්‍යාලයේ 07 වසර ගණිතය ඉංග්‍රීසි අංශයෙන් ඉගැන්වූ සෙල්වරත්නම් සත්‍යනාරායන් නැමැති ගුරුවරයා විසින් කාලයක සිට ද7 වසර දැරියන් 07 දෙනෙකු අවස්ථා කිහිපයකදී බරපතල ලිංගික අපයෝජනයට ලක් කොට ඇති අතර ඒ බව තවත් අයෙකුට නොකියන ලෙසට දැරියන් බිය ගැන්වීමටද අදාල ගුරුවරයා පියවර ගෙන ඇති අතර පසුව ගුරුවරයාගේ කරදරය ඉවසා ගැනීමට නොහැකි වූ දැරියක් පළමුව දෙමාපියන්ට පැවසීමෙන් පසුව අදාල දෙමාපියන් විසින් තෙලිප්පලෙයි පොලීසියට පැමිණිළ කොට ඇත.

අනතුරුව තෙලිප්පලෙයි පොලීසිය විසින් සිදු කරන ලද පරික්ෂණ වලදී ලංගික අපයෝජනයට ලක් වූ අනෙක් දැරියන්ද තමන්ට වූ තර්ජනයන් පිළිබඳව පොලීසියට පැවසීමෙන් පසුව අදාල ගුරුවරයා අත්අඩංගුවට ගැනීමට තේලිප්පලෙයි පොලීසිය විසින් පියවර ගෙන ඇත.

අත්අඩංගුවට ගත් ගණිත ගුරුවරයා අද (24) දිනයේදී යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති අතරම අදාල දැරියන්ගේ දෙමාපියන් හා ප්‍රදේශවාසීන් විසින් අදාල ගුරුවරයාට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙසටද ඉල්ලා ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

********************************************
23.05.2018

+++++++++++++++++++++++++++++++++

24.05.2018

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *