කොළ-රතු ඇපල් ගැන ගම්මන්පිල කියයි

(28.09.2017 – 15:51 +0530 – sinhala.adaderana.lk)

ජනතා විමුක්ති පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන ප්‍රතිපත්ති කිසිදු වෙනසක් නොමැති බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

අද (28) පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

කොළ හා රතු ඇපල් මෙන් මෙම පක්ෂ දෙකේ ඇත්තේ වර්ණයෙන් වෙනස් වීමක් පමණක් බවත්, නැතිනම් ගුණයෙන් සුවඳින් හා අනෙකුත් සියලු කරුණුවලින් එක සමානවන බවත් පැවසු ගම්මන්පිල මහතා එනිසා එක්සත් ජාතික පක්ෂයේ හා ජනතා විමුක්ති පෙරමුණේ ද දක්නට ඇත්තේ මෙවැනිම වෙනසක් පමණක් බව කියා සිටියේය.

සෑම විටම එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ ජනතාව පෙන්වීමට නිතර ආරවුල් ඇති කර ගනු ලබන්නේ, එක් වහලක් යට ජිවත් වෙන අඹුසැමියන් මෙන් ආදරය වැඩිකම නිසාවෙන් බව ද ගම්මන්පිල මහතා සඳහන් කළේය.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ සන්ධානය යනු විපක්ෂයේ පක්ෂ දෙකක් නොවන බවත් එය ආණ්ඩුවේම කොටස්කරුවන් වන බවත් මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

වත්මන් ආණ්ඩුව බලයට පත් කිරීමට මෙන්ම දින 100 ආණ්ඩුව තුළ පාලනය කළ ජාතික විධායක සභාවේ මෙම පක්ෂ දෙකම සමාජිකයන් වන බවත් විපක්ෂයේ තනතුරු වෙනත් අයෙකුට යෑම වළක්වා ගැනීම සඳහා මෙම පක්ෂයන් දෙක විපක්ෂයේ සිටින බවත් ඔහු කියා සිටියේය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *