ශ‍්‍රී ලාංකික පෙලහර නොනැවතේ.. කොටි ඩයස්පෝරාව තලා දමා ජිනීවා සමුළුවේදී UN මහ ලේකම්ගේත් පළු අරී..

(28.09.2017 – 22:47 +0530 – lankacnews.com)

ශ‍්‍රී ලාංකික ඩයස්පෝරාව නියෝජනය කරමින් එක්සත් ජාතීන්ගේ ජිනීවා මානව හිවිකම් සුමුළුවට සහභාගී වී සිටින අද්මිරාල් සරත් වීරසේකර මහතා එම සමුළුව අමතමින් පැවැත්වූ දේශණයේ සිංහල පරිවර්තනය පහත දැක්වේ :

සභාපති තුමනි,

අද අපි කතා කරන්නේ තාක්ෂණික සහාය සහ ශක්තිය ගොඩනගා ගැණීම පිළිබඳවයි, නමුත් එය බලයෙන් පැටවිය හැකි දෙයක්ද ? මෙම සමුළුව පළමු යෝජනාවෙන් ලංකා රජයට ත්‍රස්තවාදය පරාජය කිරීම සම්බන්දයෙන් ප්‍රශංසා කොට LTTE ය මිනිස් පලිහවල් යොදා ගැනීම සම්බන්දයෙන් හෙලා දුටුවා. නමුත් මහ ලෙකම් වරයා තමාගේ දැනගැනීම සඳහා කිසිදු අවසරයකින් තොරව විශේසඥ කමිටුවක් පත්කළා. එම වාර්තාව නිල වශයෙන් කිසිදා මෙම සමුළුවට ඉදිරිපත් කළේ නැහැ . ඒනිසා ලක් රජයට එයට ප්‍රතිචාර දක්වන්න බැරි වවුනා. එය බල ගන්නන කොට රුසියාව ඇතුළු බොහෝ රටවල් එයට විරුද්ද වුනා එය එක්සත් ජාතීන්ගේ ක්‍රියාපටිපාටයට අනුකුලව නොකෙරුණු නිසා.

මෙම වාර්තාව පදනම් කරගෙන මහා කොමසාරිස් වරයාට පරීක්ෂණයක් කිරීමට බලය දෙමින් ගෙන ආ යෝජනාවට ඉන්දියාව, පකිස්තානය ඇතුළු රටවල් ගණනාවක් විරුද්ද වුනා. ඔවුන් කීවා එය කුහක බවේ සහ දෙබිඩි පිළිවෙත පිළිබඳ කදිම උදහරණයක්ය කියා.

අපේ රටට දෙමුහුන් අධිකරණයක්, ව්‍යවස්ථා සංශෝදන යනාදිය ඇතුලත් අවසාන ජිනීවා යෝජනාවට පාදක වුනේ එම OISL වාර්තවයි. එය ඉතාම සාවද්‍ය සහ ලංකාවට එරෙහි වාර්තාවක් බව අපි පෙන්වාදුන්නා. එසේනම් අවසරයකින් තොරව තමාගේ දැනගැනීමට පමණක් තිබූ වාර්තාවක් ජීනීවා යෝජනාවක් කරා යාමට පදනම් වුනේ කෙසේද ?

ලොවේ කිසිම හමුදාවක් ලක්ෂ තුනක් මිනිස්සු බේරාගෙන බෙදුන්වාදී යුද්දයක් ජයගෙන නැහැ. නමුත් ඉතා අවාසනාවන්ත ලෙස දෙමල බෙදුම්වාදී ඩයස්පෝරාව සතුටු කිරීමට වර්තමාන රජය මෙම යෝජනාවට සම අනුග්‍රහය දක්වමින් අපේ රට දරුණු ලෙස පාවා දී තිබෙනවා.

ත්‍රස්තවාදීන්ට අවුරුදු තිහක් තිස්සේ යුද්දෙන් කරගන්න බැරිවුනදේ බෙදුන් වාදීන් දැන් ඔබහරහා කරගන්න හදනවා. LTTE හිතවාදී දෙමල පිරිස් සහ කුලියට ගත් තමිල් නාඩු දෙමල දේශපාලනඥයින්ගේ පට්ට පල් බොරුවලට මෙම සමුළුව රැවටෙන්නේ නැතය් අප සිතනවා. ලංකාවේ සිටින දේශප්‍රේමින් මෙම ප්‍රකාශයට සමුළුව කෙසේ ප්‍රතිචාර දක්වයි ද යන්න ගැන ඉතා විමසිල්ලෙන් බලා සිටිනවා.

– චමින්ද කරුණාරත්න

+++++++++++++++++++++++++++++

ශ්‍රී ලංකා නියෝජිතයින් සහ දෙමළ බෙදුම්වාදීන්ට සහය දෙන කණ්ඩායමක් අතර උණුසුම් තත්ත්වයක්
(28.09.2017 – 19:56 +0530 – hirunews.lk/sinhala)

ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට සමගාමීව පැවැති තවත් සැසිවාරයකදී ශ්‍රී ලංකා ගෝලීය සංසදයේ නියෝජිතයින් සහ දෙමළ බොදුම්වාදීන්ට සහය පළ කරන කණ්ඩායමක් අතර යළිත් උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

ශ්‍රී ලංකා ගෝලීය සංසදය නියෝජනය කරමින් පුජ්‍ය බෙංගමුවේ නාලක හිමි සහ අද්මිරාල් සරත් වීරසේකර, ආචාර්ය නාලක ගොඩහේවා, අනුරාධා යහම්පත්, වසන්ත කීර්තිරත්න යන මහත්ම මහත්මීන් මෙම සැසියට සහභාගී වුණා.

ආචාර්ය නාලක ගොඩහේවා මහතා එල්.ටී.ටී.ඊ ක්‍රියාකාරකම් පිළිබඳ පැහැදිලි කිරීමේදී එල්.ටී.ටී.ඊ සංවිධානයට සහය පළ කරන පිරිස විරෝධය පළ කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *