හිරු සී.අයි.ඒ. : ප්‍රමිතියක් නැති බස් වඩේ

(30.05.2018 – 20:30 +0530 – hirunews.lk/sinhala)

දුර ගමන් සේවා බස් රථවලට නැග ආහාර අලෙවි කෙරෙන මෙවැනි පුද්ගලයන්ගේ ක්‍රියා කලාපයන් පිළිබදව සොයා බැලීමට අප ක්‍රියාත්මක වුණේ හිරු සී.අයි.ඒ.ප්‍රේක්ෂකයෙකුගේ ඉල්ලීමක් මතයි.

බස් මගීන් මෙවැනි පුද්ගලයින්ගෙන් ආහාර මිලදී ගන්නේ බොහෝ විට කුඩා දරුවන්ට ලබාදීම සදහායි.

එහෙයින් ඒවා පිරිසිදු මට්ටමක තිබීම අනිවාර්ය වනවා.

එහෙත් , තොරතුරු ලබාදුන් පුද්ගලයා පැවසු පරිදිම වඩේ විකුණන්නන්ගේ අප්‍රිය සහගත ක්‍රියා කලාපයන් හිරු සී.අයි.ඒ.කැමරා කාචයේ මෙලෙස සටහන් කර ගැනීමට අප සමත් වුණා.

විකිණීමට ඇති වඩේ කූට ජංගම වෙළදුන්ගේ දෑතට යන්නේ දුර ගමන් සේවා බස් රථ පැමිණි විට පමණයි.

එතෙක්, දුවිල්ලෙන් ගහන තැන, තැන බිම මෙම වඩේ කූඩ දමා තිබෙනවා.

****************************************

බැසිල්ගෙන් චෝදනාවක්
(30.05.2018 – 20:09 +0530 – hirunews.lk/sinhala)

පුරාවිද්‍යා භූමිවල පවා නිවාස ඉදිකරන යුගයක් අද බිහිවී ඇතැයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ අදහස් පළ කළේ මීගමුවේ පැවති උත්සවයකට එක්වෙමින්.

මීගමුව – තලාහේන ප්‍රදේශයේ ඉදිකෙරුණු මාතෘ සායනය, මධ්‍යම බෙහෙත් ශාලාව සහ සේවා පියස ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ සහභාගී වුණා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *