අර්ජුන් ඇලෝෂියස් තමන්ට ද මුදල් දුන් බව ෆොන්සේකා කියයි

(30.05.2018 – 20:23 +0530 – hirunews.lk/sinhala)

බැඳුම්කර වංචා චෝදනාවට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අර්ජුන් ඇලෝෂියස් මැතිවරණ කටයුතු සඳහා තමන්ට ද මුදල් ලබාදුන් බව අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සදහන් කළේ අද පස්වරුවේ මල්වතු පාර්ශ්වයේ මහ නා හිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

මේ අතර, අර්ජුන් ඇලෝෂියස්ගෙන් මුදල් ලබාගෙන මැතිවරණ කටයුතු සිදුකළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදත් දේශපාලනඥයින් අදහස් පළ කළා.

+++++++++++++++++++++++++++++++

පර්පෙචුවෙල් සමඟ ගණුදෙනු කර ඇත්නම් ඒකාබද්ධයේ ඉඩක් නැහැ
(30.05.2018 – 18:56 +0530 – hirunews.lk/sinhala)

පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගම සමඟ ගණුදෙනු කළ පාර්ලිමේන්තු කෝප් කමිටුවේ සාමාජිකයින් ඉන් ඉවත් කිරීමට කථානායකවරයා වහා පියවර ගත යුතු බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා කියා සිටියේ ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකයෙකු පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගම සමඟ ගණුදෙනු කළ බවට තහවුරු වුවහොත් ඔවුන් ඉවත් කිරීමට පියවර ගන්නා බවයි. ෴

+++++++++++++++++++++++++++++++

CIDය පර්පචුවෙල් ට්‍රේෂරීස් ප්‍රධාන කාර්යාලයට
(30.05.2018 – 20:21 +0530 – hirunews.lk/sinhala)

සෝදිසි වරෙන්තුවක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ කොළඹ පිහිටි කාර්යාලය අද රාත්‍රී පරීක්ෂාවට ලක්කළා.

ඒ, බැඳුම්කර සිද්ධියට අදාළව සිදුකරන විමර්ශනවලට අවශ්‍ය ලිපිලේඛණ කිහිපයක් සෙවීම සඳහායි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • Quite honestly what is the point of raiding Perpetual Treasuries Office now under the pretence of looking for incriminating documents? This is just a UNP government’s, especially Ranil’s, deceptive move to try and hoodwink the public into believing that the government is trying to do something to track the culprits and recover public money. But in reality it is a hoax by the government, whoever is managing the police. Does anyone ever believe that after 3 to 4 years of the Bank Scam, and after many months of governmemt enquiries by investigators, the villains still leave anything to be discovered. They would have concelaed everything that were related to the Bank Robbery and Scam, made all evidence disappear, and the evidence and loot in the form of illegal money have already been transferred to foreign locations. Even the latest search is nothing but a scam.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *