ගම්මන්පිලගේ අභියෝගය අනුර කුමාර පිළිගනී – 20 ගැන විවාදය 7 වෙනිදා බලයේ දී

(30.05.2018 – 18:00 +0530 – hirunews.lk/sinhala)

ජනතා විමුක්ති පෙරමුණේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කල 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට අභියෝගයක් එල්ල කළා.

එම අභියෝගය ජනතා විමුක්ති පෙරමුණේ නායකයා එදිනම හිරු ටී වී සලකුණ වැඩසටහනේදී භාරගත්තා.

නිවේදනයක් නිකුත් කරමින් මන්ත්‍රී උදය ගම්මන්පිළ කියාසිටියේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයා අභියෝගය භාර ගැනීම පිළිබඳ කෘතඥතාව පළකරන බවයි.

මේ අනුව ඔවුන් ලබන මස (ජූනි) 7 වන බ්‍රහස්පතින්දා රාත්‍රී 10:30 ට ‘හිරු බලය’ දේශපාලන සංවාදාත්මක වැඩසටහන තුලින් හමුවීමට නියමිතයි.

මෙම බලය වැඩසටහන සඳහා උදය ගම්මන්පිල සමග ඒකාබද්ධ විපක්ෂයේ තවත් මන්ත්‍රීවරයෙක් සහ ජනතා විමුක්ති පෙරමුණ ද එක්වීමට නියමිතයි.

+++++++++++++++++++++++++++++++++

20 අසාර්ථක යෝජනාවක් – සම්බන්ධන් පැවසූ බව 16 කණ්ඩායම කියයි
(30.05.2018 – 18:51 +0530 – hirunews.lk/sinhala)

ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අසාර්ථක යෝජනාවක් බව විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා සඳහන් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළා.

ඒ, ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනාගේ කණ්ඩායම සහ විපක්ෂ නායකවරයා අතර අද පැවති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

++++++++++++++++++++++++++++++++++

20 ට විරුද්ධ වීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කරයි
(30.05.2018 – 21:17 +0530 – hirunews.lk/sinhala)

ජනතා විමුක්ති පෙරමුණ ගෙන එන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වීමට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් ඒකමතිකව තීරණය කර තිබෙනවා.

ඒ හිටපු ජනාධිපතිවරයාගේ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදි අද පැවති සාකච්ඡාවකදී ෴

++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *