මහින්දට ගෙදර යන්න හෙලිකොප්ටර් දුන්නේ මමයි කියා ජනපති මෛත‍්‍රී 2016 අප්‍රේල් කියූ වීඩියෝව සමාජ ජාලා කළඹයි….

(31.05.2018 – 10:00 +0530 – lankacnews.com)

2015 ජනවාරි 08 වැනිදා පැවති ජනාධිපතිවරණයෙන් පරාජය වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට තංගල්ලට යාම සදහා හෙලිකොප්ටර් දුන්නේ කවුදැයි තමන් නොදන්නා බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ දිනයේ (30) කියා සිටියේය.

අපවත් වී වදාල පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ 76 වන ගුන සමරුව අමතමින් සිදු කල දැඩි ආවේගකාරී කතාවේදී ඔහු මේ බව විමසීය.

නමුත් 2016 අප්‍රේල් මස 09 වැනිදා මොණරාගලදී පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණය පරාජය වූ පසු ගෙදර යාමට හෙලිකොප්ටර් ලබා දුන්නේ නමන් විසින් බවයි.

ජනාධිපතිවරයාගේ මෙම ප‍්‍රකාශ දෙකම ඇතුලත් වීඩියෝවක් සමාජ ජාලාවන්හි වේගයෙන් සංසරණය වෙමින් ඇත.

——————–


++++++++++++++++++++++++++++++++++++

++++++++++++++++++++++++++++++++++++

මහ මැතිවරණයක අවශ්‍යතාව හිටපු ජනපති පැහැදිළි කරයි
(31.05.2018 – 20:02 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරයාගේ ප්‍රකාශ හරහා පැහැදිලි වන්නේ පාර්ලිමේන්තු මැතිවරණයකට අවශ්‍යතාවය බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ අදහස් පළ කළේ ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් අතර පැවති සාකච්ඡාවකින් පසු මාධ්‍යයට අදහස් දක්වමින්.

අදාළ සාකච්ඡාවෙන් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විජේරාම මාවතේ පිහිටි නිල නිවසේ පැවති රාමසාන් උත්සවය වෙනුවෙන් සංවිධාන කර තිබූ ඉෆ්තාර් උත්සවයකට එක්වුණා.

+++++++++++++++++++++++++++++++++

ප්‍රතිපත්ති ප්‍රකාශය දන්නෙත් නෑ.. ජනාධිපති වුනේ කවදා ඉඳන්ද දන්නෙත් නෑ – ජනපතිගේ සැර කතාවට ගම්මන්පිල ගෙන් සැර උත්තරයක්
(31.05.2018 – nethgossip.lk)

අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ 76 වැනි ජන්ම දිනය වෙනුවෙන් කොළඹ පදනම් ආයතනයේදී ඊයේ (30 වැනිදා) පැවැති උත්සවයකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආන්දෝලනාත්මක කතාවක් සිදු කළේය.

එහිදී ඔහු කරුණු රාශියක් පිළිබඳ අවධානය යොමුකළ අතර හිටපු ජනපති මහින්ද රාජපක්‌ෂ මහතා ජනාධිපති ධුරයෙන් පරාජයට පත්වූ විට ඔහුට හම්බන්තොටට යෑම සඳහා හෙලිකොප්ටර් දුන්නේ කවුරුන්ද කියා තමා නොදන්නා බව සඳහන් කළේය. ඒ පිළිබඳව විමසූ විට තමා ඒ සඳහා උපදෙස්‌ දුන් බව දැනගන්නට ලැබුණු බව නිලධාරීන් ප්‍රකාශ කළ බවද ඔහු මෙහිදී සඳහන් කළේය.

ජනපතිවරයාගේ මෙම ප්‍රකාශයට පිළිතුරු ලබාදෙන පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කරන්නේ විධායක ජනාධිපතිට හෙළිකොප්ටරයෙන් ගමනක් යන්නට කාගෙන්වත් අවසර වුවමනා නොවන බව හෙළිකොප්ටර් වලින් සවාරි යන ජනාධිපතිතුමන් නොදැන සිටීම කණගාටුවට කරුණක් බවය.

‘2016 අප්‍රේල් මාසයේ දිනක ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා උත්සවයක් අමතමින් මම මහින්දට ගෙදර යන්න හෙලිකොප්ටරයක් දුන්නා. අපි පැරදුනා නම් අඩි හයක් යට’ යැයි පැවසූ බවත් ඊයේ කථාවක දී ‘මහින්දට හෙළිකොප්ටර් දුන්නේ කවුදැයි ගුවන් හමුදාපතිගෙන් ඇසුවා නම් කියාවි’ යැයි කී බවත්‘ මේ කථා දෙකම බොරු බවත් හෙතෙම කියා සිටියේය.

2015 ජනවාරි 9 වැනිදා උදේ 9.30 වන විට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළේ මහින්ද රාජපක්ෂ මහතා බවත් මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දුන්නේ එදින සවස 6.30 ට බවත් පෙන්වා දුන් ගම්මන්පිල මහතා ඒ අනුව රාජපක්ෂ මහතාට රජයේ හෙලිකොප්ටරයක් රැගෙන ගෙදර ගිය බව සැබෑ නමුත් එය ගෙන ගියේ විධායක ජනාධිපතිවරයා වශයෙන් ඔහු විසින්ම බවත් පැවැසීය.

ජනාධිපතිතුමන් තමන්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ තිබුණේ මොනවද දන්නේ නැතිවා වගේම තමන් ජනාධිපති වුණේ කවදා කොයි මොහොතේ සිටද කියා දන්නෙත් නැති බව පෙනෙතැයි මන්ත‍්‍රී උදය ගම්මන්පිල වැඩිදුරටත් සඳහන් කළේය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *