ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (01.06.2018) ජල කප්පාදුවක්

(31.05.2018 – 16:01 +0530 – hirunews.lk/sinhala)

කැළණි දකුණු ඉවුර ජල සම්පාදන ක්‍රමයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (01.06.2018) පැය 12 ක කාලයක් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව, හෙට රාත්‍රී 7 සිට ලබන සෙනසුරාදා පෙරවරු 7 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ පෑලියගොඩ, ජා-ඇල, වත්තල සහ සීදුව යන නගර සභා බලප්‍රදේශවලට සහ කැළණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා-ඇල සහ ගම්පහ යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලටයි ෴

**************************************

අර්ධ සුඛෝපභෝගී බස් සේවාව දෙසැම්බර් 31 න් අවසන්
(31.05.2018 – 15:41 +0530 – hirunews.lk/sinhala)

ලබන දෙසැම්බර් 31 වනදා සිට අර්ධ සුඛෝපභෝගි බස් සේවාව අත්හිටුවීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

මහජනතාවගෙන් ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින් අදාළ තීරණය ගත් බවයි එම කොමිසම සදහන් කළේ.

දැනට දුර ගමන් සේවා සදහා අර්ධ සුඛෝපභෝගි බස් සේවාව ක්‍රියාත්මක වනවා ෴

**************************************

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ චක්‍රලේඛය සහ අයදුම්පත් නිකුත් කෙරේ
(31.05.2018 – 14:44 +0530 – hirunews.lk/sinhala)

ලබන වසර සදහා පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ චක්‍රලේඛය සහ අයදුම්පත්‍රය නිකුත් කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

එම අයදුම්පත්‍රය සහ උපදෙස් අධ්‍යාපන අමාත්‍යාංශයේ www.moe.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකියි.

මේ අතර, දකුණු පළාත තුළ පැතිර යන වෛරස් රෝගී තත්ත්වය පිළිබදව අවධානය යොමුකරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පළාත් අධ්‍යාපන බලධාරින්ට උපදෙස් ලබාදී ඇති බව එම අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

අයදුම්පත සහ චක්‍රලේඛය :

https://drive.google.com/file/d/1Gh-MRnn_zQ9YJgVcIrUVFrQiz4pk-IP9/view

+++++++++++++++++++++++++++++++++

පණපිටින්ම රෝගියෙක් මෝචරියට යැවූ හෝමාගම රෝහලේ වෛද්‍යවරු
(31.05.2018 – gossiplankanews.com)

හෝමාගම රෝහල තුළදී මියගිය බව කියන කාන්තාවක් මෝවරියට (මිනී කාමරයට) රැගෙන යැමේදී නැවත පණ ආ අපුරු පුවතක් පිළිබඳව වාර්තා වේ.

පසුගිය සතියේ 24 වැනි දින හෝ ඊට ආසන්න දිනයක මත්තෙගොඩ කිරිගම්පමුණුව ප්‍රදේශයේ 40 හැවිරිදි දෙදරු මවක් උදරයේ ආබාධයක් හේතුකොට ගෙන හෝමාගම රෝහලට ඇතුළත් කර තිබිණි.

එහිදී වෛද්‍යවරු විසින් එම රෝගී කාන්තාව පරීක්ෂා කර බලා අනතුරුව හෙදියක් විසින්

රෝගියාට එන්නතක් ලබාදී තිබිණි. ඉන් පසු රෝගී කාන්තාව සිහිසුන්වී ඇති අතර නිමේෂයකින් වෛද්‍යවරු පවසා තිබුණේ එම රෝගී කාන්තාව මියගොස් ඇති බවයි.

ඉන් අනතුරුව එම කාන්තාව මියගිය පුවත රෝහලේ සිටි ඥතීන් ඔවුන්ගේ සෙසු ඥතීන්ටද සැලකර තිබිණි. මෙසේ සියල්ල සිදු වූ අතර සාමාන්‍යයෙන් මියගිය රෝගියකු මෝචරියට දැමීමට පෙර පැයක් හෝ ඊට වැඩි වේලාවක් රෝගී ඇඳමත තබන අතර මෙම කාන්තාවද එලෙස තබා අනතුරුව මෝචරිය වෙත ට්‍රොලියක ආධාරයෙන් රැගෙන යැමේදී මියගියා යැයි වෛද්‍යවරු පැවසූ කාන්තාවගේ පාදයක් සෙලවෙනු දැක ඇයගේ ඥාති සහෝදරියක් කෑගයා මෝචරියට දමන එක වළක්වා ඇත.

අනතුරුව එම රෝගියා ඥතීන්ගේ භාරයට ගෙන නිවසට කැටුව ගොස් පෞද්ගලික ප්‍රතිකාර සඳහා මේ වන විට යොමුකර ඇති බවත් ඇයගේ තත්වය එතරම් සතුටුදායක නොවන බවත් ඥතීහු පවසති. කෙසේ වෙතත් වෙද්‍යවරුන් මෙලෙස මිනිස් ජීවිතත් සමග සෙල්ලම් කිරීම පිළිකුල් සහගතව හෙලාදැකිය යුතු නොවේද ?

හෝමාගම රෝහලේ ඇතැම් වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයන්හි වගකීමකින් තොර ක්‍රියාකලාපය ගැන ප්‍රදේශයේ ජනතාව දැඩි නොසතුට පළකරති ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *