බදුර්දීන් හරහා අන්තවාදී හා වහබ්වාදී මුස්ලිම් රටවල් ලංකාවට අතපෙවීම් කරනවා – නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු

(01.06.2018 – colombotoday.com)

විල්පත්තුව පිලිබදව නඩු පවරන බව නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා පවසනවා. රක්ෂිත වනයක් විනාශ කිරීමට කිසිවෙකුට බලයක් නොමැති බවත් ඒ සඳහා නිත්‍යානුකුල අවසරයක් ලබාදීමට කිසිවෙකුටත් නෛතික බලයක් නොමැති බවත් ඒ මහතා පවසනවා.

විල්පත්තු සංහාරය නීති විරෝධී ක්‍රියාවක් බවත්, රජයට කිසිසේත්ම රක්ෂිත වනාන්තරයක් විනාශ කල නොහැකි බවත් වනය කපනකොට කොහෙත්ම නිත්‍යානුකුල අවසරයක් ගෙන නොමැති බවත් විගනකාධිපතිවරයාගේ වාර්තාවේ ඉතා පැහැදිලිව සඳහන් වෙන බව ඒ මහතා අවධාරණය කර සිටිනවා.

ඇමති රිෂාඩ් බදුර්දීන්ගේ සහෝදරයාගේ සමාගමකට මෙම වනාන්තරය විනාශ කිරීමට මුදල් ලැබූ ඇති බවත් ඒ සඳහා පැහැදිලිවම විදේශ බලවේගයක් අත පොවා ඇති බවත් සඳහන් කර සිටින ඒ මහතා එය ජනතාවගේ පරමාධිපත්‍ය බලය පාවාදීමක් ලෙස හැඳින්විය.

*********************************************

නැගෙනහිර උසාවි 7 න් 6 කම මුස්ලිම් ජාතික විනිසුරුවන්… නඩු තීන්දු ජාතිවාදීයි, පක්ෂග්‍රාහීයි !
(24.05.2018 – colombotoday.com)

නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක අධිකරණ 7 න් 6 කම සිටින්නේ මුස්ලිම් ජාතික විනිසුරුවරුන් බවත්, ඔවුන් පක්ෂග්‍රාහී ලෙස ජාතිවාදීව නඩු තීන්දු ලබා දෙන බවත් ශ්‍රී ලංකා හින්දු සම්මේනලය පවසයි.

එහි නියෝජිතයන් මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් හමුවූ අවස්ථාවේදී මේ බව සැලකර සිටියහ.

නඩු ආරම්භ වීමට පෙර ප්‍රදේශයේ මවුලවිලා හා හාජ්ජියාර්ලා විනිසුරු නිල කාමරවල සිට, විනිසුරුවරුන් සමග සාකච්ඡා කරන බවත්, දකුණේදී එවැනි සිදුවීම් කිසි දිනක වාර්තා වී නොමැති බවත්, නැගෙනහිර මව්ලවිලා එසේ කළද දකුණේ කිසිම ස්වාමීන් වහන්සේ නමක් එසේ නොකරන බවත්, එම නියෝජිතයන් නාහිමියන් හමුවේ පවසා සිටියේය.

මේ හේතුවෙන් නැගෙනහිර පළාතේ සිංහල හා දෙමළ ජනතාව දැඩි අසාධාරණයට ලක්ව සිටින බවත්, ප්‍ර දේශයේ මුස්ලිම් ජාතික පොලිස් ස්ථානාධීපතිවරුන්ගේ ක්‍රියාකලාපයද ඉතාමත් ජාතිවාදී හා පක්ෂග්‍රාහී බවත්, හින්දු සම්මේලනය අවධාරණය කර සිටියහ.

මේ අතර, ස්වේච්චා ගුරුවරු බදවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ පසුගිය සතියේ පවත්වා 590 ක් බඳවාගෙන ඇති අතර එයින් 54 දෙනෙකු පමණක් දෙමල බවත් 46 දෙනෙකු සිංහල බවත් අනෙකුත් සියලු දෙනා මුස්ලිම් ජාතිකයන් බවත් හින්දු සම්මේලනය හඳුනාගෙන ඇති බවත් සිංහලයන් ජාතිවාදී යැයි චෝදනා කරමින් බලය ඇති තැන මුස්ලිම් දේශපාලකයන් සහ නිලධාරීන් ජාතිවාදී ලෙස හැසිරෙන බවත් නාහිමියන් හමුවේ සඳහන් කර තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *