වීදාගමදී තරුණයෙකු ජීප් රථයක ගැටෙන හැටි CCTV කැමරාවේ සටහන් වෙයි

(02.06.2018 – 17:11 +0530 – hirunews.lk/sinhala)

බණ්ඩාරගම වීදාගම ප්‍රදේශයේදී ජිප් රථයක ගැටීමෙන් තරුණයෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

ඊයේ සවස නොසැලකිලිමත් ලෙසට මාර්ගය හරහා ගමන් කිරීමට උත්සාහ කිරීමේ දී ඔහු අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ වීදාගම ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි තරුණයෙක්.

ඔහු මේ වන විට කලුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මේ අතර එම අනතුර සිදුවන ආකාරය අසල වෙළඳසැලක සවිකර තිබු CCTV කැමරාවක පටිගත වී තිබුනා.

*******************************************

වව්නියාවේ දී පැහැරගත් මාස 8 බිළිඳා හමුවෙයි
(02.06.2018 – 16:44 +0530 – hirunews.lk/sinhala)

වව්නියාව – ගුඩ්ෂෙඩ් මාර්ගයේ පළමු හරස් විථීයේදී නිවසක සිටියදී පැහැර ගත් මාස 8 ක බිළිදා පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේදී සොයා ගෙන තිබෙනවා.

පුදුකුඩිඉරිප්පු පොලීසිය සදහන් කළේ ලද තොරතුරකට අනුව සිදුකළ මෙහෙයුමකදී බිළිදා පොලිස් භාරයට ගත් බවයි.

එහිදී බිළිදා රැක බලාගත් කාන්තාවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විමර්ශනවලින් අනතුරුව බිළිදා යලි මවට භාරදීමට නියමිතයි.

පෙරේදා අලූයම මෙම පැහැර ගැනීම සිදුකර තිබුණේ වෑන් රථයකින් පැමිණි පුද්ගලයන් තුන්දෙනෙක්.

මෙම අවස්ථාවේ දරුවාගේ මව සහ මිත්තණිය නිදා සිට ඇති අතර, තමන් දරුවා පැහැර ගත් බව හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු වන දරුවාගේ පියා පොලීසියට ප්‍රකාශ කර තිබුණා.

මේ වනවිට ඔහු වෙනත් කාන්තාවක් සමග ලන්ඩනයේ ජීවත් වන බවටයි තොරතුරු ලැබී ඇත්තේ.

මෙම පැහැර ගැනීම සිදුකර තිබුණේ වෑන් රථයකින් පැමිණි පුද්ගලයන් තුන්දෙනෙක්.

මෙම අවස්ථාවේ දරුවාගේ මව සහ මිත්තණිය නිදා සිට ඇති අතර, මවගේ සහෝදරියකට දරුවා පැහැර ගෙන යන වාහනයේ හඩ ඇසී ඇති බවයි පොලීසිය සදහන් කළේ.

මේ අතර පෙරේදා අලූයම 2 යි 10ට පමණ ලන්ඩනයේ සිටින බිළිදාගේ පියා තමන්ට දුරකථන ඇමතුමක් ලබාදුන් බව ද බිළිදාගේ මව හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *