දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන එක් කරගනිමින් නව පෙරමුණක්

(02.06.2018 – 17:18 +0530 – sinhala.adaderana.lk)

දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන එක් කරගනිමින් නව පෙරමුණක් නිර්මාණය කිරීම සඳහා පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් සහ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්විණි.

එහිදී අදහස් දැක්වූ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ප්‍රකාශ කළේ වත්මන් ආණ්ඩුව දැන් සිටියා ඇති බවත් ආණ්ඩුව විසුරුවා හැර මහ මැතිවරණයක් පවත්වන ලෙසයි.

මේ වන විට දේශපාලන පක්ෂ පහක් සමඟ සාකච්ඡා කර ඇති බව එහිදී අදහස් දැක්වූ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ප්‍රකාශ කළේය.

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම සමඟත් ජනතා විමුක්ති පෙරමුණ සමඟත් වතුකරයේ දේශපාලන පක්ෂ දෙකක් සමඟත් , මුස්ලිම් දේශපාලන පක්ෂ සමඟත් මේ පිළිබඳව සාකච්ඡා කර ඇති බවත් ඔවුන් මේ සඳහා එක්වීමට කැමැත්ත ප්‍රකාශ කළ බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පැවසීය.

දේශපාලන වශයෙන් සහයෝගය දක්වන පුද්ගලයා කවරෙක් වුවත් ඔහු එකඟවිය යුතු ඉල්ලීම් 5 ක් තිබෙන බවත් එය දළදා මාලිගාව ඉදිරිපිට පිළිගන්නා අයෙකුට සහයෝගය දක්වන බව උන් වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශක කළේය.

**********************************************

“ප්‍රේක්ෂකාගාරය සමග විනිසුරුවන් මවිත වේ, ගෝල්ඩන් බසරයත් දිනයි” ලෝකයම කතා කරන අදහාගත නොහැකි සුපිරි නර්ථනය .!
(02.06.2018 – nethgossip.lk)

ලෝක ප්‍රසිද්ධ රියැලිටි තරග මාලාවක් වන ‘ඇමෙරිකා’ස් ගොට් ටැලන්ට්’ (America’s Got Talent) රූපවාහිනි වැඩසටහන් මාලාවේ 2018 තරග මාලාව මේ වන විට පැවැත්වෙමින් තිබෙනවා. මෙහිදි තරගකරුවන් සෘජුවම සජීවී තරග වට සදහා යැවෙන ගෝල්ඩන් බසරය ජයග්‍රහනය කළ තරගකරුවන් පිරිසක් පිළිබදව මේ දිනවල අවධානයට ලක්ව තිබෙනවා.

වෘත්තීය නොවන ශිල්පීන් පිරිසක් ලෙසින් තමන්වම හදුන්වා ගනිමින් ‘ඇමෙරිකා’ස් ගොට් ටැලන්ට්’ වේදිකාවට ගොඩ වන නර්ථන කණ්ඩායමක් සිය නර්ථනයෙන් විනිසුරුවන් ඇතුලු ප්‍රේක්ෂකාගාරයම පුදුමයට පත් කරනවා.

ලොව වටා රසිකයන් අමන්දානන්දයට පත් කළ එම වීඩියෝව පහතින් :

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *