සිවුරුකාර මදාවියන් අල්ලා හිරේ දමනු .. – පුරවැසි බලයේ වේසිපුත්‍රයන් මහා සංඝරත්නයට පංච නින්දාවෙන් බැන වදී..

(30.09.2017 – 00:08 +0530 – lankacnews.com ඇසුරෙන්)

ගල්කිස්සේ රදවා සිටි රෝගින්‍යා සරණගතයින් පිරිසකට සිවුර ඇදගත් මදාවියන් පිරිසක් විසින් සිදු කල බලපෑම්න සම්බන්ධයෙන් මෙතෙක් රජය විසින් කිසිදු පියවරක් ගෙන නැති බව කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් පුරවැසි බලය සංවිධානයේ කැදවුම්කරු ගාමිණි වියන්ගොඩ මහතා පැවසීය.

සිවුරු හැදගත් එම මදාවියන් පිරිසගේ හැසිරිම දුටුවිට බෞද්ධයන් වීම ගැන ලැජ්ජා හිතෙන බවද ඔහු සදහන් කරයි.

එම මදාවිකාරයින්ට එරෙහිව නීතිය අනුව කටයුතු කර දඬුවම් දිය යුතු බවද ඔහු එහිදි වැඩි දුරටත් පැවසීය.

වීඩියෝව :

+++++++++++++++++++++++++++++++

රෝගින්‍යා සරණාගත ප‍්‍රශ්ණය පසුපස ඇමති පච රණවක..
(29.09.2017 – 22:20 +0530 – lankacnews.com)

ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙක් ඇසු පැනයක් සඳහා පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ පිලිතුරු දුන්නේය.

ප්‍රශ්ණය – පසුගියදා රොහින්ගියානු සාරණාගතයින් පිරිසක් ශ්‍රී ලංකාවෙන් හමුවීමත් සමග ඇතිවු ගැටුම්කාරී තත්වය ගැන මොකක්ද ඔබේ අදහස ?

පිළිතුර – මේ රටේ මේ කලබලය ඇති කළේ මේ ආණ්ඩුවේ ඇමතිවරු. ගරු පා ච රණවක ඇමතිතුමා ඒ වගේම විදේශ කටයුතු රාජ්‍ය ඇමතිතුමා මාධ්‍ය ඉදිරියට ඇවිත් ඉතා පැහැදිලිව කිව්වා අපේ රටට පැමිණි රොහින්ගියා සරණාගතයින් නැවත පිටරටට යවා අවසන් කියලා. සරණාගතයින් භාර ගැනීම පිළිබද එක්සත් ජාතින්ගේ ප්‍රඥප්තියක් තියෙනවා. ශ්‍රි ලංකාව සරණාගතයින් භාර ගන්නා රටක් විදිහට ඒකට එකතුවෙලා නෑ. සරණාගතයින් භාර ගැනීමේ ජාත්‍යන්තර වගකීමක් නෑ. මේ සරණාගතයින් ඇත්තෙන්ම බුරුමයට ගියේ බංගලිදේශයෙන්, නමුත් බංගලිදේශයත් මේ සරණාගතයින් බාර ගැනීම ප්‍රතික්ෂේප කරලා තියෙනවා.

ජර්මනියේ තියෙන්නේ ජනගහණය සෘණ වර්ධනයක් ඒ නිසා සිරියාව වගේ මුස්ලිම් රට වලින් සරණාගතයින් බාර ගත්තා. ඒ බාර ගත්ත පිරිස් ඒ රටේ ඇති කරලා තියෙන මහා සංස්කෘතික කලබැගෑනියත් එක්ක ජර්මනියේ ඇන්ජලා මර්කන් සඳහන් කරනවා අපි කළේ වරදක් කියලා.

ඒ නිසා මේ පිළිබද රටේ සංවේදී බාවයක් තියෙනවා. ඒ නිසා මේක මානුෂිය ප්‍රශ්නයක් නම් ආණ්ඩුව අවංක හා විවෘත වෙන්න ඕනේ. ආණ්ඩුව රටේ ජනතාවට කිව්වේ බය වෙන්න එපා අපේ රටේ කවුරුත් නෑ ආව කට්ටිය අපි පිටත් කරලා යවලා ඉවරයි. එහෙම කියලා ගෙයක් ඇතුලෙන් හමුවේද්දි රටේ ජනතාව කුපිත වෙනවා තමයි. ඒ නිසා ජනතාව කුපිත විමේ වගකීම ආණ්ඩුව බාර ගත යුතුයි.

අපේ දණ්ඩ නීති සංග්‍රහයේ තියෙනවා මහජන කැරලි කෝලහාල ඇතිවෙන ආකාරයට ප්‍රකාශ කිරීම අත්අඩංගුවට ගෙන ඇප නොදි තබා ගත හැකි වරදක්. තිස්ස අත්තනායක මහතා අත්අඩංගුවට ගෙන රඳවා තබා ගත්තේ ඒ විධිවිධානය යටතේ. ඒ නිසා ජනතාව කුපිත වන ආකාරයට බොරු ප්‍රකාශ කල පා ච රණවක ඇමතිතුමා ඇතුළු ඇමතිවරුන් අත්අඩංගුවට ගෙන ආණ්ඩුව රටේ නීතිය හරියට ක්‍රියාත්මක වන බව රටට පෙන්විය යුතුයි.

– අරවින්ද අතුකෝරල

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *