දුටුගැමුණු රජුගේ විජිතපුර බලකොටුවත් ඩෝසර් කරලා

(04.06.2018 – 09:40 +0530 – lankadeepa.lk)

විජිතපුරයට අයත් එළාර රජුගේ බලකොටුවේ පිහිටි බැලූම්ගල නම්වූ පුරා විද්‍යා ස්ථානය ඩොසර් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වූ පරීක්ෂණ නිමවන්නටත් පෙර විජිතපුර ප‍්‍රදේශයේම පිහිටි දුටුගැමුණු රජුගේ බල කොටුවට අයත් බවට සැළකෙන පුරාවිද්‍යා ස්ථානයක්ද බැකෝ යන්ත‍්‍රයක් යොදා ඉකුත් දා ඩෝසර් කර එළි පෙහෙළි කිරීමට කිසියම් පිරිසක් කටයුතු කර තිබේ.

එම අනවසර හෙළි කිරීම සිදුවන අවස්ථාවේ ඒ ගැන සොයා බැලීමට එහි ගිය අංක 493 විජිතපුර සිවිල් ආරක්ෂක කමිටු ලේකම් නලින් විජේසිංහ මහතාට එම ස්ථානයේ සිටි චීවරධාරියකු විසින් පහරදීමක්ද සිදුකර තිබිණි. එම පහරදීම සම්බන්ධයෙන් නලින් මහතා ඉපලෝගම පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ද කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අංක 493 විජිතපුර සිවිල් ආරක්ෂක කමිටු ලේකම් නලින් විජේසිංහ මහතා මෙසේ පැවසීය.

ඉකුත් 27 වැනි දා දුටුගැමුණු ආරණ්‍ය සේනාසනයේ පිහිටි පුරාවිද්‍යා භූමියේ ඩෝසර් යන්ත‍්‍රයක් ක‍්‍රියාකරවන හඬ මට ඇසුනා මගේ නිවස තියෙන්නේ එම භූමියට යාබදවයි. එතැන වෙන්නේ මොකක්ද කියලා බලන්න මම එතැනට ගියා. මම ග‍්‍රාම නිලධාරීවරයාත් දැනුම්වත් කරලයි එතැනට ගියේ. ඒ යනකොට චීවරධාරියෙක් සහ තවත් අයෙක් බැකෝ යන්ත‍්‍රක් ගෙනල්ලා පුරාවිද්‍යා භූමිය සහිත කැලෑව ඩෝසර් කරමින් තිබුණා.

මම ඇහැව්වා ඇයි මෙතැන ඩෝසර් කරන්නේ කියලා එතැන හිටපු චීවරධාරියකු කිව්වා ආරණ්‍යයට යන්න පාරක් කපනවා කියලා. ආරණ්‍යයට යන්න පාරවල් තියෙනවා. ඒ නිසා මට මේ සිද්ධිය ගැන සැක හිතුනා. ඒ නිසා මම චීවරධාරියාගෙන් ඇහැව්වා මෙතැන එළිකරන්නේ නීත්‍යාණුකූල අවසරයන් අරගෙනද කියලා. මොකද මෙතැන පුරාවිද්‍යා භූමියක් නිසා. ඒ වෙලාවේ ඒ චීවරධාරියා උඹ කවුද ඒවා හොයන්න කියලා මට පහර දුන්නා. අදාල දර්ශන මා පටිගත කර තිබෙනවා.

මෙතැන පුරාවිද්‍යා වටිනාකම් තියෙන තැනක් මෑත කාලීනවත් විවිධ කැණීම් කරලා තියෙනවා. බාහිර පුද්ගලයින් තමා මෙතැන වැඩිපුර ගැවසෙන්නේ. පිටපළාත් වලින් නන්නාදුරන සැක කටයුතු පිරිස් සුඛෝපභෝගී වාහන වලින් මෙතැනට එනවා යනවා. මෙතැන ඓතිහාසික වැදගත්කමක් තියෙන පුරාවිද්‍යාත්මක භූමියක් මේ ස්ථානය මතු පරපුර වෙනුවෙන් බේරා ගන්න එක කාගේත් යුතු කමක්.

පුරාවිද්‍යා වැදගත්කමක් තියෙන මෙම ස්ථානයේ ගල් තලා ආශ‍්‍රිතව විවිධ කැණීම් කරලා තියෙනවා. මෙහි තිබූ ඉපැරණී පිළීම පවා දැන් නැහැ. චීවරධාරියා මට කළ පහරදීම ගැන මම ඉපලෝගම පොලිසියට පැමිණීලි කර තිබෙනවා. මෙහෙම ගියොත් විජිතපුරයේ එළාර බලකොටුවයි දුටුගැමුණු බල කොටුවයි දෙකම ජාතියට නැති වෙනවා. මේ ස්ථානය ගැන බලධාරීන් මීට වඩා අවධානය යොමු කළ යුතුයි.

කෙසේ වෙතත් ඓතිහාසික වටිනාකමක් ඇති එම කඳුවැටිය ආශ‍්‍රිතව අලූතින් සිදුකරන ලද කැණීම් රැසක් ද නිධන් හොරුන්ගේ ග‍්‍රහණයට නතුවී ඇති ස්ථාන රැසක් ද දැක ගැනීමට හැකි වේ. තවද පුරා විද්‍යාත්මක ස්ථාන ආශ‍්‍රිතව කොන්ක‍්‍රීට් යොදා සිදුකර ඇති මෑතකාලීන ඉදිකිරීම් කිහිපයක්ද එම භූමිය තුළ දැකිය හැකිය.

තමන්ට සිදුවූ පහරදීම සම්බන්ධයෙන් විජිතපුර සිවිල් ආරක්ෂක කමිටු ලේකම් නලින් විජේසිංහ මහතා සිද්ධිය සම්බන්ධයෙන් ඉපලෝගම පොලිස් ස්ථානයට පැමිණීලි කිරීමට කටයුතු කර තිබිණි.

දුටුගැමුණු බලකොටුවේ සිදුව ඇති එම සිද්ධිය සම්බන්ධයෙන් අද (4) ඉපලෝගම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු වගකිව යුතු ආයතන කිහිපයක් එක්ව ඒකාබද්ධ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව තිබේ.


විජිතපුර සිවිල් ආරක්ෂක කමිටු ලේකම් නලින් විජේසිංහ මහතා

————————————

++++++++++++++++++++++++++++++++++++

දුටුගැමුණු රජුගේ බලකොටුවට අයත් බවට සැලකෙන ස්ථානයේ කැණීම් නවතයි
(04.06.2018 – nethnews.lk)

දුටුගැමුණු රජුගේ බලකොටුවට අයත් බවට සැලකෙන විජිතපුර ප‍්‍රදේශයේ සිදු කරන ඉදිකිරීම් වහාම ක‍්‍රියාත්මක වන පරිදි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නතර කරනු ලැබ තිබෙනවා.

ඒ, අනුරාධපුර සහකාර පුරාවිද්‍යා අධ්‍යක්‍ෂවරයාගේ ද නිර්දේශ මතයි.

බැකෝ යන්ත‍්‍රයක් යොදා විජිතපුර ප‍්‍රදේශයේ සිදු කරන කැණීම් පිළිබඳ නෙත් නිවුස් අද (04) උදෑසන තොරතුරු වාර්තා කළා. මෙම සිද්ධිය වාර්තා වන්නේ දුටුගැමුණු ආරණ්‍ය සේනාසනයද පිහිටි භූමිය ආසන්න ප‍්‍රදේශයේයි. එළාර රජුගේ බලකොටුවේ පිහිටි බැලුම්ගල නම් වූ පුරාවිද්‍යා ස්ථානය ඩෝසර් කළ ආන්දෝලනාත්මක සිද්ධිය වාර්තා වූයේ ද මෙම විජිතපුර ප‍්‍රදේශයේදීයි. එහි පරීක්ෂණ නිමවීමටත් පෙරයි එම ප‍්‍රදේශයෙන්ම මෙම සිද්ධිය ද වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් පුරාවිද්‍යා වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය පී. මණ්ඩාවල මහතා ගෙන් නෙත් නිවුස් විමසීමක් කළා. ඔහු කියා සිටියේ ආරණ්‍ය සේනාසනයේ කුටි දෙකක් ඉදිකිරීම සඳහා පමණක් එහි භාරකාර හිමිනම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිර්දේශය ලබාගෙන ඇති බවයි. බැකෝ යන්ත‍්‍ර යොදාගෙන කැණීම් සිදු කර ඇත්තේ එම කුටිවලට පිවිසීම සඳහා මාර්ගයක් ඉදිකිරීමට බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. ඒ පිළිබඳ අනුරාධපුර සහකාර පුරාවිද්‍යා අධ්‍යක්‍ෂවරයා තමාට දැනුම් දුන් බවද පුරාවිද්‍යා වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය පී. මණ්ඩාවල මහතා නෙත් නිවුස් වෙත කියා සිටියා. ඒ පිළිබඳ කළ දැනුම් දීමට අනුව ප‍්‍රදේශය භාර පුරාවිද්‍යා බලධාරීන් මේ වනවිට එම කැණීම් තාවකාලිකව අත්හිටුවා ඇති බවයි ප‍්‍රකාශ කෙරුණේ.

පුරාවිද්‍යා වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ද කැඳවා ඇති බවයි. කැණීම් සිදු කළ ප‍්‍රදේශයේ පුරාවිද්‍යා වටිනාකමක් නොමැති බවට දැනට තොරතුරු ලැබී ඇති බවද ඔහු කියා සිටියා.

එහෙත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන බවයි පුරාවිද්‍යා වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය පී. මණ්ඩාවල මහතා වැඩිදුරටත් පැවසුවේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 2

  • Why you need enemies against Sinhala culture and history when fake friends, masquerading as Buddhist monks, play the role of the enemies. This fecking monk must be disrobed immediately and hounded out of this village. he is obviously a mudalaali (businessman) trading under the garb of a monk. Despicable conduct, time the real devotess chuck this monk into the sea off the cliff in Trincomalee harbour.

  • Stupid top level managers sitting on their arses in the offices should go out and see what the field officers see. They hide behind paper documents that is not worth the paper on which they were written. You might as well use those documents as tissue paper for wiping bottoms. The monks and businessmen ouit there absue the system and the authorities keep mum because they receive businessmens bribes. The whole lot are corrupt to their hilts, scabbard and impotent persoanl swords of action.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *