සල්ලි ගත්තේ කවුද ? – ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි

(05.06.2018 – 07:32 +0530 – hirunews.lk/sinhala)

මහබැංකු බැඳුම්කර වංචාව සහ පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබා ගත් පුද්ගලයින් පිළිබදව පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් වනවා.

අද දිනයේදී පැවැත්වීමට නියමිත පක්ෂ නායක රැස්වීමේදී ඒ පිළිබදව කථානායක කරු ජයසූරිය වෙත දැනුම් දීමට සූදානමින් සිටින බවයි ඒකාබද්ධය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ගත් බවට මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරද්දී, මුදල් නොගත් බවට පෙරේදා දින වන විට කියා සිටි මන්ත්‍රීවරුන් ගණන 37 ක්.

*************************************************

ඉ-චැනලින් සේවාව රජයේ රෝහල්වලටත්
(04.06.2018 – biz.adaderana.lk)

ප්‍රතිකාර සදහා කලින් වේලාවක් වෙන්කරවා ගැනීමේ ඉ-චැනලින් සේවාව (e channeling) රජයේ රෝහල් සඳහා ද හදුන්වා දීමට පියවර ගැනේ.

දොම්පේ දිසා රෝහල සදහා මෙය පළමු වරට හදුන්වා දුන් අතර අදියර කිහිපයක් ඔස්සේ දිවයිනේ සියළුම රජයේ රෝහල් වල මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) මගින් ක්‍රියාත්මක ඩිජිටල් සෞඛ්‍ය ව්‍යාපෘතිය යටතේ මෙය ක්‍රියාත්මක වේ.

මෙම ඉ-චැනලින් සේවාව නිසා බාහිර ප්‍රතිකාර අංශය සදහා පැමිණෙන රෝගීන්ට කලින් වේලාවක් වෙන්කරවා ගැනීමෙන් අනතුරුව වෛද්‍යවරයා හමුවට පැමිණිය හැක.

මේ අනුව 071 522 5225 දුරකථන අංකයට ඇමතීමෙන් හෝ www.echannelling.com වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ ඉ-චැනලින් ඇප් එක සිය ජංගම දුරකථනයේ ස්ථාපනය කර ගැනීමෙන් මෙම පහසුකම ලබා ගත හැක.

මෙම සේවාව දොම්පේ රෝහලේදී නිල වශයෙන් ආරම්භ කිරීම ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා පිළිඹද ඇමති හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු අතර එහිදී අදහස් දැක්වු හරීන් ප්‍රනාන්දු මහතා: මෙම ඉ-චැනලින් සේවාව රාජ්‍ය රෝහල් ක්ෂේත්‍රයේ විශාල පරිවර්ථනයකට හේතු වේවි. අනාගත පරපුර මෙන්ම වත්මන් තරුණපරපුර අද අපි මේ කරන දේවල් අගය කරාවි.ඉදිරියේදී ඈත දුර බැහැර රෝහලක රෝගියෙකුට කොළඹ මහ රෝහලට පැමිණෙන විට තමාගේ රෝගී තොරතුරු වාර්තා රැගෙන ආයුතු වන්නේ නැහැ.ඒ සියළු තොරතුරු අන්තර්ජාලය හරහා තමයි හුවමාරු කරගන්නේ. දැනටමත් ඩිජිටල් ක්‍රම වේදය එක්ස්රේ සදහා යොදා ගැනීම නිසා රුපියල් මිලියන ගණනක් රජයට ඉතිරි කර ගැනීමට හැකිවී තිබෙනවා.

මෙහිදී අදහස් දැක්වු ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) සභාපති මහාචාර්ය රොහාන් සමරජීව මහතා : මෙම වැඩසටහන නිසා වඩා හොද කාර්යක්ෂම සේවාවක් රෝගීන්ට ලබාදීමට හැකිවී තිබෙනවා. ඒවගේම තමයි රෝහල් කාර්යය මණ්ඩලයටත් මෙමගින් වාසිරැසක් අත්වෙනවා ප්‍රධාන වාසිය තමයි කරන වැඩ නැවත නැවතත් වාර්ථා තැබීමට අවශ්‍යය වන්නේ නැහැ. නිරන්තරයෙන්ම එය දත්ත ගබඩාවක එක් රැස්වනවා. දැන් අප හමුවේ විශාල අභියෝගයක් තිබෙනවා. ඒ තමයි මෙවැනි ව්‍යාපෘති ඔස්සේ එක් රැස්වෙන දත්ත ආරක්ෂාකාරීව පරිහරණය කරන්නේ කෙසේද කියන එක. අනිත් එක තමයි එක් එක් පුද්ගලයාට අදාල පුද්ගලික දත්ත. එයත් වගකීමක් සහිතව සිදු කල යුතු දෙයක්. සියළු කාරණා සැලකිල්ලට ගනිමින් දත්ත ආරක්ෂණ ප්‍රතිපත්තියක් සකස් කිරීමට අ‍පේ අවධානය යොමුවී තිබෙනවා. අපට දැන් පතපොතේ දැනුම පමණක් නොවෙයි මෙවැනි ව්‍යාපෘති නිසා ප්‍රායෝගික අත්දැකීම්නුත් අපට තිබෙනවා. අපේ බලාපොරොත්තුව තමයි රටට විතරක් නෙමෙයි ලෝකයටත් පුර්වාදර්ශයක් වන ආකාරයෙන් දත්ත ආරක්ෂණ ක්‍රම වේදයක් සකස් කිරීම.

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී දමිත් හෙට්ටිහේවා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති කුමරසිරි සිරිසේන නියෝජිතායතනයේ වැඩසටහන් කළමනාකරු ශ්‍රීයානන්ද රත්නායක යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගිවුහ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • The Presidnet wanted to know the truth on behalf of the Nation meanimng the People of the Country, the tax payers who were robbed by the poltician and business crooks in this country. The President appointed the Central Bank Robbery Commission. The Commission produced the report based on evidence. The Report was delivered to the President. And now the President is playing the BLIND EYE, ignoring the Report’s findings, witholds parts of the Report and forwards an incomplete Report to the Parliament. The third class civil servants claim that they have sent the Report to the archives and cannot be released for 30-years. Third class because it is the People, the tax payers and voters are the FIRST CLASS, the President Second Class , and the civil SERVANTS the Third Class. This is a story of the slaves governing the country when the People appointed to do the job are derelicting thier DUTY and pretending to be deaf, dumb and blind. Why? Have they been mentioned in the LIST as corrupt and receiving bribes from businessmen?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *